
(රෝෂන් තුෂාර)
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් කලේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය ලබන 12 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අල්ලස් කොමිසමට නොතීසි නිකුත් කරමින් නියෝග කළේය.
චීනයේ සංචාරයක නිරත වීම සඳහා ඇප කොන්දේසියක් ලෙස පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස චාමර සම්පත් මහතා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමේ ස්ථාවරය ලබන 12 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd