
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
අභිරහස් ලෙස මරණයට පත්වු තිදරු පියකුගේ සිරුරක් පුත්තලම කිවුල ප්‍රදේශයේ පාළු මංසන්දියක තිබි හමුවු බව පුත්තලම මුලස්ථාන පොලිසිය පැවසිය.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කොට්ටුකච්චිය දංගහවල කන්දේයාය ස්ථිර ලිපිනයෙ පදිංචිව සිටි 41 හැවිරිදි තිදරු පියකු වන නාරායන මුදියන්සේලාගේ අමිල සදරුවන් නාරායන නැමති අයෙකි.
මෙම තැනැත්තා මත්ද්‍රව්‍ය වලට තදින් ඇබ්බැහි විමත් සමග බිරිද හා දරුවන් අතහැර වසර 10 කට ආසන්න කාලයක සිට වෙනත් ස්ථාන වල රැදි සිටි අයෙකු බවද කියයි.
ඉතාමත් යහපත් ජීවිතයක් ගෙවමින් සිටියදි පසුව මත්ද්‍රව්‍ය සදහා බරපතල ලෙස ඇබ්බැහි විමත් සමග එයින් මුදවා ගැනිමට පියා විසින් මහත් උත්සහයක් ගෙන තිබු නමුත් එය පළක් නොවිමත් සමග නිවසින් මෙම පුද්ගලයා එලවා දමා ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.
පසුව විවිධ ස්ථාන වල රැදි සිටිමින් මත්ද්‍රව්‍ය භාවිතා කරන පිරිස් සමග සැරිසරමින් විවිධ ස්ථාන වල විවිධ ආකාරයෙ සොරකම් කරමින් මත්ද්‍රව්‍ය සදහා මුදල් සොයා ගනිමින් දිවි ගෙවා ඇති බව මූලික පරික්ෂණ වලදි හෙළිව තිබේ.
මෙම තැනැත්තාට විරෝධව පුත්තලම පොලිසියට පැමිණිලි රැසක් තිබු බවත් ඇතැම් ඒවාට පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර ඇති බවද කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd