
(මනෝප්රිය ගුණසේකර)
ග්රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව අල්ලස් කොමිෂම යළිත් වරක් කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත.
මාස තුනක කාලයක් තුළ රුපියල් මිලියන 100ක මුදලක් තැන්පත් කරන බවට මීට පෙර අවස්ථාවක අධිකරනයෙන් පැනවු කොන්දේසියට අනුව කටයුතු නොකිරීම හේතූවෙන් අල්ලස් කොමිෂම හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව මෙලෙස යළිත් වරක් මහාධිකරණයේ නඩු පවරා ඇත.
2012 වසරේ ග්රීක රජය දැඩි ආර්ථික අර්බුදයක පසුවෙද්දී ශ්රී ලංකා රජය සතු රුපියල් කෝටි 184කට අධික මුදලක් යොදවා ග්රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් රජයට පාඩු කළ බවට අල්ලස් කොමිසම හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව නඩු පවරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරෙනකම් නඩු කියයි.සතයක්වත් නොගෙවා....