
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ගමන් ගනිමින් තිබු කන්ටේනර් ලොරි රථයක් මදුරන්කුලිය නගරයෙදී මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුමකට හානි කරමින් නැවති තිබියදී, පුත්තලම දෙසින් පැමිනි ගුවන් හමුදා ඩිපෙන්ඩර් රථයක් කන්ටේනර් රථයෙ ගැටි සිදුවන්නට ගිය මාරක අනතුර යාන්තමින් වැලකි ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට අනුරාධපුර දක්වා ගමන් කරමින් තිබු බඩු ප්‍රවාහනය කන්ටේනර් ලොරි රථයකි.
එය රියදුරු පාලනයෙන් මිදි ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවේ තිබු මදුරන්කුලිය නගරයේ පාසලක් ඉදිරිපිට පාසැල් බස් නැවතුමද සම්පුර්ණයෙන් කුඩා කර දමා නැවති ගොස් ඇති බව පොලිසිය කියයි.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ දි පාලවිය ගුවන් හමුදා කදවුරේ සිට වෙනත් කටයුත්තක් සදහා ගමන් කරමින් තිබු ගුවන් හමුදා ඩිපෙන්ඩර් රථයක් කන්ටේනර් රථයෙ ගැටි ඩිපෙන්ඩර් රථයට හානි සිදුව ඇති නමුත් එහි ගමන් ගත් ගුවන් හමුදා සාමාජීකයින්ට කිසිදු හානියක් නොවි ජීවිත යාන්තමින් බේරි ඇත්තේ හාස්කමකින් බව පොලිසිය කියයි.
අනතුරීන් බරපතල තුවාල ලබා සිටි කන්ටේනර් ලොරි රථයෙ රියදුරු කඩිනමින් බේරා ගෙන පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර මදුරන්කුලිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd