( නිශාන්ත කුමාර සහ ඩී කේ රත්න )

බණ්ඩාරවෙල මහ නගර සභාවට අයත් කඩ කාමර අටක් දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දෙන බව පවසා කූඨ ලේඛන සකස් කර  රුපියල් කෝටි පහකට අධික මුදලක් ව්‍යාපාරිකයින්ගෙන් ලබාගෙන එම මුදල් මහ නගර සභාවට නොගෙවූ බව කියන බණ්ඩාරවෙල මහා නගර සභාවේ සේවකයින් තිදෙනකු   සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

මෙම සිදුවීම 2024  වර්ෂයේ සිදුව ඇති අතර බණ්ඩාරවෙල  නාගරික කොමසාරිස් පී ගජේන්ද්‍ර කුමාර මහතා විසින් 2025  වසරේ සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරවෙල  ජලාශය පාර, බණ්ඩාරවෙල ධර්මපාල මාවත හා පෙරහෙට්ටිය පට්ටියගෙදර පදිංචි අවුරුදු 52, 56,හා 54  වයස්වල  පසුවන පුද්ගලයින් තිදෙනෙකි.

බණ්ඩාරවෙල  නාගරික කොමසාරිස් පී ගජේන්ද්‍ර කුමාර මහතා විසින් 2025  වසරේ සිදු කරන ලද පැමිණිල්ලකට අනුව බණ්ඩාරවෙල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තාකර විමර්ශන කටයුතු පවත්වා ඊයේ (07) දින සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

 තවමත් මුදල් ප්‍රමාණය නිශ්චිතව ගණනය කර නොමැති අතර විගණනයක් සිදුකරමින් පවතීීී.  සිද්ධීයට සම්බන්ධ තවත්  සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.‍ෙ