(අංජුල මහික වීරරත්න)

කිසිසේත්ම අසාධාරණව පළිගැනීමේ චේතනාවකින් වෛරයෙන් ක්‍රෝධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

නීතිය ක්‍රියාත්මක වන්නේ සාධාරණව බව කී ජනාධිපතිවරයා නීතිය සාධාරණව ඉටු නොවන තැනක් තිබේ නම්  කියන්නැයි පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව කීවේ මාතලේ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.

 මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (12) මෙය පැවැත්විණි.

වැඩ කරන්න රාජ්‍ය නිලධාරින් බයවෙන්න එපා. හැබැයි අක්‍රමිකතාවයේ යෙදෙන්න බය වෙන්න.පළමුවෙන් නීතියට යටත් විය යුතුයි.දෙවැනිව නීතියට බය විය යුතුයි. 

ඊට ජනාධිපතිවරයාද පහළ ග්‍රාම  නිලධාරීවරයාද අදාල නැහැ.අප සියලු දෙනා නීතියට යටත්.

යම් දේශපාලන අධිකාරියක සහාය තිබෙනවා නම් ධනය බලය තිබෙනවා නම් දේශපාලන අධිකාරිය සමඟ සමීප බැඳියාවක් තිබෙනවා නම් නීතිය ඉටු නොවන සංස්කෘතියක් තිබුණා.එහෙම රටකට ඉදිරියට යන්න බෑ.

අලුත් ප්‍රවේශයකට රට ගෙනෙන්න නම් නීතියට යටත් විය යුතුයි.

නීතියට යටත් නොවන කිසිවෙක් ඉන්න බෑ.මොන බලය තිබුණද? මොන කාලයක් විරාජ මානව වැජඹුණාද මොන හස්තයන් තිබුණාද ඒ කිසිවක් අප සලකන්නේ නැහැ යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.