(පද්මසිරි ගාර්දියවසම්)
අම්බලන්තොට මාමඩල ඇලේගොඩ ප්‍රදේශයේ සිදුවූ ත්‍රිත්ව ඝාතනයක සැකකරුවෙකු ඊයේ (11) රාත්‍රි යේදී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර හිස කදෙන් වෙන්කර රැගෙන ගොස් මාමඩල හන්දියේ ඇති රත්නාවලී දේවියගේ පිළිරුව මත තබාගොස් ඇතැයි පොලිසිය පැවසීය .
මෙලෙස ඝාතනය වී ඇත්තේ අම්බලන්තොට ,මාමඩල ,අංක 396 නිවසේ පදිංචි වීරසේකර ආරච්චිගේ ලක්මාල් සදරුවන් නොහොත් පොඩී නමැති 34 හැවිරිදි විවාහක තරුණයෙකි.
2025 පෙබරවාරි මස 02 දින අම්බලන්තොට ඇලේගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී පුද්ගලයින් තිදෙනෙකු කපා කොටා පොලු වලින් හිසට පහරදී ඝාතනය කර තිබූ අතර එම ඝාතන වලට පළිගැනීමක් ලෙස එහි සැකකරුවෙකුවූ මෙම තරුණයා ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය පැවසීය .
මොහු ඝාතනය කිරීමට පතොරම් තුවක්කුවක් ,මන්නා පිහි රැගෙන සැකකරුවන් තිදෙනෙකු පැමිණ තිබේ. නිවසට කඩා වැදුනු සැකකරුවන් තරුණයාට ආයුධ වලින් පහර දෙද්දී නිවැසියන් ඔවුන් සමග පොරබදා තිබේ.
එහිදී සැකකරුවන් එල්ල කල මන්නා පිහි පහරකින් මියගිය තරුණයාගේ බිරිඳගේ පියාට (මාමාට ) තුවාල සිදුවී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමගි ජන ආවේගය