(මනෝප්‍රිය ගුණසේකර)

පේරාදෙණි විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයට සහ සිසුන්ට ලිංගික හිංසනයන් කිරීම වැළැක්වීමට අවශ්‍ය උපදේශ මාලාවන් බලාත්මක කිරීමට පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සනාතන සභාවට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය පේරාදෙණි විශ්වවිද්‍යාලය තුළ සිදුවන ලිංගික හිංසනයන් වැළැක්වීමට අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙසද නියම කළේය.

පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ පිඨාධිපති මහාචාර්ය ඩබ්.ඒ. තිලකරත්න මහතා යටතේ දර්ශනපති උපාධිය හදාරමින් සිටි එම විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දෙවැනි ශ්‍රේණියේ කථිකාචාර්වරියක් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පේරාදෙණි විශ්ව විද්‍යාලයේ සනාතන සභාවට එලෙස නියම කළේය.

සාධාරණත්වය සහ සමානාත්තාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී ඇති බලය අනුව අදාළ මුලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කළ අධිකරණය මහාචාර්ය ඩබ්.ඒ. තිලකරත්න මහතාට විිශ්ව විද්‍යාල පද්ධතිය තුළ හෝ උසස් අධ්‍යාපන ආයතන තුළ කිසිදු ආකාරයක තනතුරක් හෝ ගරු තනතුරක් දැරීම තහනම් කරමින් ඒ බව විශ්ව විද්‍යාල  ප්‍රතිපාදන කොමිසමටද නියෝග කළේය.

ලිංගික හිංසනයට ලක්වු බව කියන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරියක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙස්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එසේ නියෝග කළේය.

ශ්‍රේරේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා” අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනිණි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරියක් වන දන්ත වෛද්‍ය උදාරි අබේසිංහ මහත්මිය ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පේරාදෙණිය විශ්ව විදා්‍යලයේ දන්ත වෛද්‍ය පීඨයේ පිඨාධිපති මහාචාර්ය ඩබ්.ඒ. තිලකරත්න මහතා පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා එහි සනාතන සභාව ඇතු`ථ පිරිසක් නම් කර ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දෙවැනි ශ්‍රේණියේ කථිකාචාර්වරියක් වන පෙත්සම්කාරිය දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධිය හදාරමින් සිටින අතර ඇය හදාරන එම දර්ශනපති උපාධියේ සමීක්ෂකයා වශයෙන් පත්කර ඇත්තේ පළමු වගඋත්තරකාර පේරාදෙණිය විශ්ව විදා්‍යලයේ දන්ත වෛද්‍ය පීඨයේ පිඨාධිපති මහාචාර්ය ඩබ්.ඒ. තිලකරත්න මහතා බව පෙත්සමේ සඳහන් කර ඇත.

වගඋත්තරකාර මහාචාර්යවරයා විසින් පෙත්සම්කාරියට විටින් විට ලිංගික හිංසනයක් කරන බවට ඇගේ මව පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ බලධාරීන්ට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ බලධාරීන් විමර්ශනයක් කර මහාචාර්යවරයාට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළ විමර්ශනයක් කළ බවත් අදාළ පරීක්‍ෂණය අවසානයේදී චෝදනා පත්‍රයේ සඳහන් සමහර චෝදනාවන්ට අදාළ මහාචාර්යවරයා වරදකරු කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ එකගත්තේ ශ්‍රේරේෂ්ඨාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතා විසින් ප්‍රකාශයට පත්කරන ලද තීන්දුවේ සඳහන් කර ඇති අතර සමහර චෝදනාවන්ට අදාළ මහාචාර්යවරයා වරදකරු කර ඇතත් ඔහුට එරෙහිව ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සනාතන සභාව කිසිදු පියවරක් ගෙන නැති බවද සඳහන් කර ඇත.