
(අංජුල මහික වීරරත්න)
කොළඹ වරාය 2026 වසරේ පළමු මාස හතරේ බහාලුම් මෙහෙයුම් පරිමාවේ සියයට 22 ක වර්ධනයක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි.
ඒ අනුව, 2025 අප්‍රේල් මාසයේදී වාර්තා වූ බහාලුම් ඒකක 623,719 ට සාපේක්ෂව, 2026 අප්‍රේල් මාසයේදී කොළඹ වරාය බහාලුම් ඒකක 761,096 ක් මෙහෙයවා ඇත.
ජනවාරි සිට අප්‍රේල් දක්වා සමුච්චිත බහාලුම් මෙහෙයුම් ප්‍රමාණය බහාලුම් ඒකක 2,915,004 කි. මෙය 2025 වසරේ අදාළ කාල පරිච්ඡේදයේ මෙහෙයවන ලද බහාලුම් ඒකක 2,559,847 ට සාපේක්ෂව බහාලුම් ඒකක 355,157 ක වර්ධනයක් වන අතර එය සියයට 13.9 ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරයි.
කොළඹ වරාය ප්‍රධාන වශයෙන් ප්‍රති අපනයන මධ්‍යස්ථානයක් ලෙස අඛණ්ඩව ක්‍රියා කරන අතර, එහි සමස්ත මෙහෙයුම් වලින් සියයට 80 කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රතිඅපනයන භාණ්ඩ වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්ටේනර් තවත් තුන්සියක් පිට පාරෙන් පැන්නුවා නම් සියට සියක් වර්ධනය කරගන්න පුළුවන් වෙයි.