දසමසකට පෙර කල් ඉකුත් වූ ත්‍රිපෝෂ දරුවන්ට දීලා කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් කහපොල රෙජිඩේල්වත්ත මාතෘ හා ළමා සායන මධ්‍යස්ථානයෙන් මීට මාස දහයකට පෙර කල් ඉකුත් වූ ත්‍රිපෝෂ තොගයක් අද බෙදා දී ඇති බව එම ත්‍රී පෝෂ ලබා ගත් මවුවරු පවසති. 29 August 2023
එච්.අයි.වී. අසාදිතයින් වැඩිවෙලා මෙම වසරේ අප්‍රේල් මස සිට ජූනි මස දක්වා වූ දෙවැනි කාර්තුව තුළ එච්.අයි.වී ආසාදිතයන්ගේ සංඛ්‍යාව පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ දත්ත වාර්තා පෙන්වා දෙයි. 29 August 2023
වීසා ක්‍රමවේදය සරල කරයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් දැනට ක්‍රියාත්මක කරන වීසා ක්‍රමවේදය සරල කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 29 August 2023
තව මාස තුනකට බිත්තර ගේන්න කැබිනට් අනුමැතිය රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ඉදිරි මාස තුනක කාලයක් සඳහා බිත්තර මිලියන 92.1ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 29 August 2023
බදු සංශෝධන පාර්ලිමේන්තුවට එකතු කළ අගය මත බදු පනත සඳහා වන සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 29 August 2023
පුරුදු තැනින් ම ගෑස් ගන්න අනුමැතිය බාධාවකින් තොරව ගෑස් සැපයීම සඳහා රජයේ ප්‍රසම්පාදන විධිවිධාන අනුව වත්මන් සැපයුම්කරු වෙතින්ම ගෑස් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 29 August 2023
ලංවිම ජපානය එක්ක ගිවිසුමක් ගහන්න යයි ලංකා විදුලි බල මණ්ඩලය සහ ජපන් විදුලිබල තොරතුරු මධ්‍යස්ථානය අතර තාක්ෂණික සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 29 August 2023
උඩවලවේ රොන්මඩ කියුබික් මීටර් ලක්ෂ පහළොවක් උඩවලව ජලාශයේ රොන්මඩ කියුබික් මීටර් ලක්ෂ 15ක් ( මිලියන 1.5ක්) පිරී ඇතැයි උඩවලවේ ඉංජිනේරු කාර්යාලය කළ ගණිතමය අධ්‍යයනයකින් තහවුරු වී තිබේ. 29 August 2023
සුද්දගෙ කාලේ ගෙන ගිය කෞතුක බඩු නැවත ගේන්න ගිවිසුම් දෙකක් වර්ෂ 1765 දී ලන්දේසීන් මහනුවර රජමාලිගාව වටලන ලද අවස්ථාවේ පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම (VOC) විසින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ හයක් නැවත ගෙන ඒම සම්බන්ධව ගිවිසුම් දෙකක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් කෙරිණි. 29 August 2023
සඳලුතලයෙන් වැටුන දැරිය උඩපන්දුවක් සේ රැකගනියි ඉතාලියේ ටියුරින් නගරයේ මහල් නිවාස සංකීර්ණයක පස් වෙනි මහලේ සඳළු තලයෙන් පහළට වැටුණු තුන් හැවිරිදි දැරියක් පොළවට පතිත වීමට පෙර උඩ පන්දුවක් රැක ගන්නා ආකාරයෙන් මහල් නිවාසය අසලින් ගමන් ගත් පුද්ගලයෙකු පහළ සිට අල්ලා ගැනීම හේතුවෙන් එම දැරියගේ ජීවිතය ආශ්චර්යමත් ලෙස බේරී තිබේ. 29 August 2023
බාලි දූපතේ භූ කම්පනයක් ඉන්දුනීසියාවේ බාලි දූපතට උතුරින් වූ ගැඹුරු මුහුදේ අද(29) අලුයම රික්ටර් මාපකයේ 7.1 ක අගයක් ගත් ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.බාලි හි වෙරළබඩ ප්‍රදේශ වලට භූමි කම්පාවේ බලපෑම හොඳින් දැනී ඇත. 29 August 2023
එක්සත් ජාතීන්ගේ ලොකු සමුළුවක් ලංකාවේ තියන්න යයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව (Asia Pacific Regional Conference) ලබන පෙබරවාරියේ ලංකාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 29 August 2023
හොරෙන් තේක්ක දැව පටවලා :පොලීසියට අල්ලස් දෙන්නත් හදලා යාපනය චාවකච්චේරි පොලිස් වසමේ මීසාලෙයි ප්‍රදේශයේදී නීතිවිරෝධීව ඉතා සූක්ෂමව වැලි ප්‍රවාහනය කරන මුවාවෙන් තේක්ක දැව ප්‍රවාහනය කරන ලද ටිපර්රථයක් සැකකරුවෙකු සමග දින අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි. 29 August 2023
මස්සිනා කොටන තුවක්කුවෙන් නෑනාට වෙඩි තියලා අකුරැස්ස දෙදියගල ප්‍රදේශයේ නිවසක සිටි 26 හැවිරිදි තරුණියකට කොටන තුවක්කුවකින් වෙඩි තබා තුවාල සිදු කළ බව කියන ඇගේ මස්සිනා සැකපිට අත් අඩංගුවට ගත් බව බංගම පොලීසිය පවසයි. 29 August 2023
කටුනායක-කොළඹ සුඛෝපභෝගි බස් වර්ජනය අවසන් මාර්ග අංක 187 කටුනායක ගුවන්තොටුපල කොටුව සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ වර්ජනය අවසන්කර අද (29) උදේ සිට සාමාන්‍ය පරිදි බස් ධාවනය කෙරෙන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති ලැම්බට් මදුරගේ මහතා පැවසීය. 29 August 2023
වෙස්මුහුණු කොල්ල කල්ලියේ හතරක් අල්ලයි යාපනය දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වූ වෙස්මුහුණු කොල්ල කල්ලියේ ප්‍රබලයින් සිව් දෙනෙකු සමග කොල්ල කෑ රන්භණ්ඩ තොගයක් අත්අඩංගුවට ගත් බවට යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි. 29 August 2023
රාජ්‍ය නොවන සංවිධාන ගැන දැඩි තීරණයක් ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොවන රාජ්‍ය නොවන සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. 29 August 2023
වැස්ස ගැන කාලගුණයේ අනාවැකිය බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 August 2023
මැති ඇමැති රට සවාරි නවතයි ලබන පාර්ලිමේන්තු සතිය යෙදෙන සැප්තැම්බර් 5,6 ,7 සහ 8 යන දිනයන්හි විදේශ ගත වීමෙන් වලකින්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැති ඇමැතිවරුන්ට සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට විශේෂ දැනුම්දීමක් කර තිබේ. 28 August 2023
මන්ත්‍රීට, ප්‍රා මන්ත්‍රීට එරෙහි අල්ලස් නඩුවට දින දෙයි කළුගල් කැඩීමේ බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් ලක්ෂ 06 ක අල්ලසක් ඉල්ලා ලබා ගත් බවට පාර්ලිමෙන්තු මන්ත්‍රී මිලාන් සජිත් ජයතිලක සහ දොම්පේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයකුට එරෙහිව පවරා ඇති නඩුව නොවැම්බර් මස 11 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (28) නියම කළේය. 28 August 2023
සියක් ආයුගත් නා හිමි ජුම්මා පල්ලියේ බැතිමතුන්ගේ කරමතින් අවුරුදු සියයක් ආයු වළඳා අපවත් වී වදාළ දිප්පිටිය මල් පහ රාජගිරි රජ මහා විහාරස්ථානයේ වැඩ වාසය කළ කෙහෙල්වල සංඝානන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අරණායක, දිප්පිටිය මහජන ක්‍රීඩාංගණයේදී අද සවස සිදු කරනු ලැබූහ. 28 August 2023
දුරකතනය කනේ ගහගෙන ගිය තරුණිය දුම්රියට බිලි ජංගම දුරකථනයක් කනේ තබාගෙන දුම්රිය මාර්ගයේ ගමන්කළ කාන්තාවක අද (28) පස්වරුවේ දුම්රියක ගැටී බරපතළ තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. 28 August 2023
සඳට ගිය රොබෝ යානය අකරතැබ්බකින් බේරෙයි ඉන්දීය චන්ද්‍රයාන් 3 මෙහෙයුමට අයත් ප්‍රාග්යාන් රොබෝ රෝවර් යානය, ඊට ලබා දී තිබුණු උපදෙස් අනුව, සඳ මත ධාවනය කරමින් තිබියදී, සඳමත ඇති ආවාටයකට වැටෙන්න ගොස් බේරුණු බව ඉන්දීය විද්‍යාඥයෝ පවසති. 28 August 2023
දුවට විහිළු කළාට තරුණයාට පිහි පහර සිය දියණියට උසුළු විසිළු කිරිම සම්බන්ධයෙන් කෝප වි තරුණයෙකුගේ පපුවට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් සොයමින් සිටි සැකකරුවකු අද (28) භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි 28 August 2023
පාතාලයට වැඩ වරදී වගකිව යුතු රජයක් ලෙස සාමාන්‍ය ජන ජීවිතයට හානියක් වන කිසිඳු ක්‍රියාකාරකමකට රජය ඉඩ තබා නොමැති බවත්, රට පුරා පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අවශ්‍ය වැඩපිළිවෙළ ජනාධිපතිවරයාගේ උපදෙස් මත දැනමටමත් ක්‍රියාත්මක කර තිබෙන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. 28 August 2023
ශ්‍රී ලංකා පාපන්දු ලෝක තහනම ඉවතට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවමින් කරමින් පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. 28 August 2023
මෙහෙණින්ට පහරදුන්නැයි ප්‍රධාන මෙහෙණින් වහන්සේ රිමාන්ඩ් මිනුවන්ගොඩ , බොරගොඩවත්ත ශ්‍රී සම්බුද්ධ ජයන්ති පිරිවෙනෙහි අධ්‍යාපනය ලබමින් සිටි කුඩා මෙහෙණින් වහන්සේ තිදෙනෙකුට සහ පැවිදිවීමේ අපේක්ෂාවෙන් එම මෙහෙණි ආරාමයේ සිටි කාන්තාවකට බැන තර්ජනය කිරිම, පහරදීම සහ සාපරාධී බලහත්කාරය පා අඩත්තේට්ටම් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු එම පිරිවෙනෙහි සහ මෙහෙණි ආරාමයේ ප්‍රධාන මෙහෙණින් වහන්සේ එළඹෙන මස 11 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී .තේනබදු මහත්මිය අද (28) ප 28 August 2023
ජල විදුලි සැපයුම සියයට 12 ට බසී නියඟය හේතුවෙන් ජලාශවල සක්‍රීය ජල මට්ටම පහළ බැසීමෙන් මේ වන විට ජල විදුලි නිෂ්පාදනය සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සියයට 12 ක් දක්වා පහත බැස ඇති බවත් ඉදිරි දිනවලදී සැළකිය යුතු වාර්ෂාවක් නොලැබුණ හොත් තවත් සති තුනක් පමණක් ජල විදුලිය නිෂ්පාදනය කළ හැකි බවත් ලංකා විදුලිබල මණ්ඩලය උසස් නිලධාරියෙක් අද (28) පැවසීය. 28 August 2023
කුඩු වැටලීමට ගිය සාජන් මේජර්ගේ අත සපා කාලා මත්කුඩු ජාවාරමක් වැටලීමට ගිය පින්වත්ත පොලිස් ස්ථානයේ සාජන් මේජර් වරයෙකුගේ අතක් සපාකෑ කාන්තාවක අද (28) හෙරෝයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි . 28 August 2023
බොරළුකන්ද හිමිවරු සටන දිනති බොරළුකන්ද රජමහා විහාරයේ සංවර්ධන කටයුතු තහනම ඉවත් කරන්නැයි අද(28) ඇරුඹු විරෝධතාවයත්රිකුණාමලය දිසාපති කාර්යාලයේ දොරටු හරස් කර ගිහි පැවිදි පිිරිස පවත්වද්දි තවත් හිමිවරු පිරිසක් දිසාපති කාර්යාල පරිශ්‍රයට කඩා වැදි දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අතර මග නැවැත්වුහ. 28 August 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026