(අංජුල මහික වීරරත්න)
අරගලය ඉල්ලූ වෙනසට මුල පුරන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ලබන සෙනසුරාදා (21)පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
රට යන "සිස්ටම් එක"වෙනස් කළ යුතු යැයි අරගලය එදා පුන පුනා පැවසූ බව කී රංගේ බණ්ඩාර මහතා ඒ වෙනස කළ යුත්තේ රටේ පාලන බලය හොබවන දේශපාලන පක්ෂය විසින් බවද සඳහන් කළේය.
එජාප විශේෂ මහා සම්මේලනය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පිටකෝට්ටේ සිරිකොත මූලස්ථානයේදී අද (15) මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂය එම "සිස්ටම් චේන්ජ්" එක කරන්නට සූදානම් බව කී එජාප මහලේකම්වරයා රට ඉදිරියට ගෙන යද්දී ඊට ගැලපෙන ලෙස පක්ෂයට නව ව්‍යවස්ථාවක් මෙම සම්මේලනයේ දී හඳුන්වා දෙන බවද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අරගලය ඉල්ලූ වෙනසට එජාප සම්මේලනයෙන් මුල පුරනවා
Ajith Sunday, 15 October 2023 03:24 PM
අපි ඉල්ලන වෙනස තමයි මුලින්ම උඹලා ගෙදර පලයල්ලා දේශපාලනයෙන් අයින් වෙයල්ලා කියන එකයි
ලංකාපුත්‍ර Sunday, 15 October 2023 05:35 PM
අපි පාසල් යන (අපි හතරෙ පංතියේ සිටිද්දී ) ඩඩ්ලි මැතිතුමා අගමැති වෙලා රටේ සංවර්ධනය කරන්න ගත්තා කියලා මතකයේ තියෙනවා එතුමා ආණ්ඩුව ලබාගෙන රට වටේ යද්දී කුසගින්නේ හිටපු ජනතාව දැකල නොමිලේ හාල් සේරුවක් බැගින් සෑම අයෙකුටම දුන්නා ඔය කාලයේ අපිට මතකයි කනත්තෙ උපාසක උන්නැහේ තනිකරම ශ්‍ර්‍රිලංකා නිදහස් පක්ෂයේ ප්‍රභලයෙක් .එයා එජාප පාක්ෂිකයන් මර්දනය කරන්න උපරිමයෙන් කටයුතු කලා නමුත් සුදුස්සාට සුදුසු තැන දීමේ ප්‍රථිපත්තියේ සිටි අගමැතිතුමා හා ඊරියගොල්ල මැතිතුමා රැකියා දීමේදී පාක්ෂිකත්වයට රැකියා දුන්නෙ නැහැ මම කියපු කෙනාගෙ පුතාටත් පත්වීමක් දුන්නා නමුත් 1970 සමගි පෙරමුණු ආණ්ඩුව කලේම පක්ෂයේ සාමාජික කාඩ්පත බලා රැකියා දීම තමයි එදායින් පස්සෙ ඒක ප්‍රේමදාස ජනාධිපති පත්වෙන තුරුම තිබුනා නමුත් ඉන් පස්සෙ වුනේ මොකක්ද කියලා කියන්න අවශ්‍ය නැහැ පසුගියදා නූගතුන්ට රැකියා දීමේදී යන්තමින් 18 ඉවරවූ අයටත් රැකියා දීලා තිබුනේ සුදුසුකම් ඇත්තෝ අනන්තවත් සිටිද්දී කියලා කියන්න පුළුවන් එනිසා එහෙම තත්වයක් නැවතත් නොවෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගේන්න කියලා ඉල්ලනවා
NIhal Sunday, 15 October 2023 10:56 PM
ස්ථර වශයෙන්ම ඉදිරි මැතිවරණයේදී මෙයා පරදිනවාමයි...
සල්ලි Monday, 16 October 2023 07:06 AM
එහෙමනම් හෙට ඉදලා කෝච්චියේ වැඩට වරෙන්...