සාංචි වැඳපුදාගැනීමට ශ්‍රී ලාංකික බෞද්ධයන්ට පහසුකම් ඉන්දියාවේ ප්‍රධාන නගරවලින් ධාවනය කරන දුරගමන් ශීඝ්‍රගාමී දුම්රිය සාංචිහි නතරකර ශ්‍රී ලාංකික බැතිමතුන්ගේ ගමන් බිමන් පහසුකරන ලෙස සාංචි විහාරවාසී භික්ෂූන් වහන්සේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාගෙන් ඉල්ලීමක් කළහ. 15 March 2023
ජපානයේ රැකියා දෙනවැයි මුදල් වංචා කළ ගුරුවරයෙක් මාට්ටු දෙඹරවැව ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ගුරුවරයෙක් පුද්ගලයන් ජපානයේ රැකියාවලට යවන්නේ යැයි එක් පුද්ගලයෙක්ගෙන් රුපියල් ලක්ෂ 12 ක් බැගින් ලබාගෙන වංචා කර ඇතැයි තංගල්ල පොලිස් විශේෂ විමර්ෂණ ඒකකට පැමිණිළි ලැබී ඇතැයි එම ඒකකය පවසයි. 15 March 2023
තරුණිය පැහැරගත් යතුරු පැදිකරු ගුටි කා රෝහලේ පොල්පිතිගම බස් නැවතුම් පොලක රැඳී සිටි තරුණියක නිවෙසට ඇරලවන පවසා යතුරු පැදියක නංවාගෙන පැහැරගෙන ගොස් පහර දී එම තරුණියට ලිංගික අතවරකළේ යැයි කියන එම පුද්ගලයකු ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්ව තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන බව පොල්පිතිගම පොලීසිය පවසයි. 15 March 2023
’’ජාතික රෝහලේ වැඩ සියයට 80ක් සාර්ථකයි’’ කොළඹ ජාතික රෝහල් කටයුතු 80% ක පමණ මට්ටමකින් ක්‍රියාත්මක වූ බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය. 15 March 2023
පස්වරුවේ දුම්රිය 9ක් පමණයි දුම්රිය වැඩවර්ජනය ක්‍රියාත්මක වීම නිසා අද (15) පස්වරුවේ දුම්රිය 9 ක් පමණක් ධාවනය කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය. 15 March 2023
පුම්බපු රුපියලේ හුළං බසියි ශ්‍රී ලංකා මහ බැංකුව අද(15) නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව ඉහළ ගොස් ඇත. 15 March 2023
වර්ජනය සාර්ථක බව වෘත්තීය සමිති කියයි රජයේ බදු ප්‍රතිපත්තිය ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් අද දින ක්‍රියාත්මක කළ වැඩවර්ජන සාර්ථක බව වෘත්තීය සමිති නායකයෝ පවසති. 15 March 2023
වර්ජනයෙන් සේවාවන් රැසක වැඩ අඩපණ වේ සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල්, විදුලි, සහ දුම්රිය ඇතුළු වෘත්තිය සමිති රැසක් අද (15) දිනයේ ක්‍රියාත්මක කරන එක්දින වැඩවර්ජනය හේතුවෙන් රටතුළ සේවාවන් රැසක් සහ පාසල් සම්පූර්ණයෙන්ම අඩපණ විය. 15 March 2023
බොරැල්ල බස් නැවතුම ඉදිරිපිට උද්ඝෝෂණයක් ආණ්ඩුවේ ජන පිඩනයට එරෙහි අද වැඩවර්ජනයට සහය පලකර උද්ඝෝෂණයක් බොරැල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිටදි සියලු වෘතිය සමිති වල සහාභාගීත්වයෙන් අද (15) පැවැත්විණි . 15 March 2023
විශ්වවිද්‍යාල කොමිසමේ නිර්දේශ මැතිසභයට බාරදෙයි උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා පරිගණක සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ වෙනම විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම වැදගත් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා යෝජනා කළේය. 15 March 2023
දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහනයට බාධා අද දින ක්‍රියාත්මක වූ වෘත්තීය ක්‍රියාමර්ගය හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය සම්පූර්ණයෙන් ම ඇණ හිට ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවැසීය. 15 March 2023
වර්ජන නිසා කෝචිචි නෑ:සංචාරකයෝ අතරමං වෙති නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයට ගිය විදේශිකයෝ විශාල පිරිසක් සිය ගමන් ගමන් පහසුකම් සලසා ගත නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 15 March 2023
ලංගමත් අවුලක් නෑ ලංකාවෙි ලංගම ඩිපෝ සියල්ලක්ම නියමිත පරිදි ධාවන කටයුතු කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා තහවුරු කළේය. 15 March 2023
ණය ගෙවන්න කල් දෙන්න තව රටවල් 4ක් එකඟ වෙයි ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය ප්‍රතිවුහගත කිරීම සඳහා තවත් රටවල් හතරක් කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළාය. 15 March 2023
කෝච්චි 20ක් උදේ දුවයි අද උදෑසන 8 වන විට දුම්රිය 20ක් ධාවනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී තහවුරු කළැයි ජනාධිපති කාර්යාලය පවසයි. 15 March 2023
කඩාකප්පල් වැඩට පොලිසිය තදින් හිටී දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහ මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් මහජන සාමය පවත්වාගෙන යාමටත් කඩාකප්පල් ක්‍රියා වැලැක්වීමටත් අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පති සි. ඩී. වික්‍රමරත්න මහතා විසින් නියෝග ලබාදී ඇත. 15 March 2023
ලංවිම මුදල් බාර නිලධාරී සංගමය වර්ජනයට නෑ තමන් කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නොයෙදෙන බව ලංවිම මුදල් බාර නිලධාරී සංගමය ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාට දැනුම් දී තිබෙි. 15 March 2023
ලංකා -මහජන බැංකු සාමාන්‍ය විදියට වැඩ ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළු දිවයින පුරා ශාඛා 265 ක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා මහතා තහවුරු කළැයි ජනාධිපති කාර්යාලය පවසයි. 15 March 2023
ඉන්ධන බෙදාහැරීම පුරුදු පරිදි ඉන්ධන තොග බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ලංකා ඛනිජතෙල් සහ කොලොන්සනාව පර්යන්තය භාපති එම්.යූ. මොහොමඩ් මහතා පැවසීය. 15 March 2023
ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවෝ - පොලිසිය ගැටෙති පකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමට ඔහු ලාහෝර් නිවසට පැමිණි ඉස්ලාමාබාද් පොලිසිය සහ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂයේ ආධාරකරුවන් අතර දරුණු ගැටුම් හටගෙන තිබේ. 15 March 2023
ගුවන් පාළකවරුනුත් වෘත්තීය අරගලයට ගුවන් ගමන් පාළකවරුන් අද (15) දින ක්‍රියාත්මක වෘත්තීය අරගලයට සහාය පළ කරමින්, දහවල් 12.00 සිට පස්වරු 02.00 දක්වා කාළය තුළ ’’අකුරට වැඩ කිරීමේ’’ වෘත්තීය ක්‍රියාමාර්ගක අද (15) නියැලීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් ගමන් පාළකවරුන්ගේ සංගමයේ සභාපති තිසර අමරනන්ද මහතා පැවසීය. 15 March 2023
කොටුව-මාලබේ සැහැල්ලු දුම්රියට කැබිනට් පත්‍රිකාවක් කොළඹ කොටුව - මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙි. 15 March 2023
හරක් කටා-පානදුර සළිදු මෙරටට රැගෙන එයි මැඩගස්කරයේ දි එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සළිදු මල්ෂිත හෙවත් පානදුර සළිදු මෙරටට රැගෙන ආ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි. 15 March 2023
බ්‍රිතාන්‍ය අගමැති බල්ලා නිසා අමාරුවේ යළිත් වරක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ට දඩ ගැසීමට ලන්ඩන් පොලිසිය සූදානම් වෙයි. ඒ, අග්‍රාමාත්‍යවරයාගේ බලු සුරතලා මුල්කොට ගනිමිනි. 15 March 2023
කාර්යාල දුම්රිය 13 ක් පොලිස් ආරක්ෂාව සහිතව දුවයි කොළඹින් බැහැර ස්ථාන දහයක සිට කොළඹ දක්වා කාර්යාල දුම්රිය සේවා දහතුනක් හෙට (15)කාර්යාල වේලාවට ක්‍රියාත්මක වන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි. 14 March 2023
හරක් කටා-පානදුර සළිදු මෙරටට රැගෙන ඒම හෙටට කල්යයි පෞද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරයට ගොස් සිටියදි පසුගියදා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටි මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සළිදු මල්ෂිත හෙවත් පානදුර සළිදු මෙරටට රැගෙන ඒම ගුවන් ගමන් ප්‍රමාදයක් හේතුවෙන් හෙට (15) දක්වා කල්ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 14 March 2023
කොළඹ මහා සබේ හිටපු කොමසාරිස් ගැන වාර්තාවක් එළියට කොළඹ හිටපු නාගරික කොමසාරිස් නීතීඥ රෝෂනී දිසානායක මහත්මිය බලය අතික්‍රමණය කරමින් සභාවේ කටයුතුවලට බාධාකර සබාවට මූල්‍යමය පාඩුවක් සිදුකර ඇතැයිද එයින් සභාවේත්, නාගරික කොමසාරිස් ධුරයේත් කීර්ති නාමයට හානිකර ඇති බවද විශේෂ විමර්ශන කමිටු වාර්තාවකින් අනාවරණය කර තිබේ. 14 March 2023
සහල් අරන් කෝටි ගණනක පොලු තියලා සමූපකාර තොග වෙළඳ සංස්ථාවෙන් ආනයනික සහල් මිලදීගත් සමාගම් දෙකකින් අය විය යුතු කෝටි දොළහකට අධික මුදලක් ගෙවා නැතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ. 14 March 2023
අයිතියේ හඬට උත්තරේ රසායනික අවි ප්‍රහාර ද? සමාජවාදී තරුණ සංගමය හා තරුණ සංවිධාන කල ’’අයිතියේ හඬට උත්තරේ, රසායනික අවි ප්‍රහාර ද?’’ යන මැයෙන් නිර්මාණාත්මක විරෝධතාවයක් අද (14) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රය අසලදී පැවැත්විණ. 14 March 2023
රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගුයි කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අද (14) දිනයේ ධාවනය අවලංගු කර බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 14 March 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026