පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ජනපතිට පැමිණිල්ලක් පාර්ලිමේන්තුව ආරම්භයේ මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න වෙනුවෙන් වෙන් කරන පැයක කාලය නිසි ප්‍රයෝජනයට නොගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම කටයුතු කිරීමෙන් ජනතා මුදල් නිකරුනේ විනාශ වන බවත් එය වැලැක්වීමට මැදිහත් වන ලෙසත් ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් හා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා තිබේ. 28 August 2023
ආයතන තුනක ලොක්කෝ කෝප් කමිටුවට මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ශ්‍රි ලංකා වරාය අධිකාරිය සහ කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලාව යන ආයතනවල අක්‍රමිකතා විමසීම සඳහා ඒවායේ ප්‍රධානීන් ලබන සතියේ කැඳවීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) තීරණය කර ඇත. 28 August 2023
ඉන්දියාවේ අපරාධකරුවෝ දෙදෙනෙක් ලංකාවේදී මාට්ටු ඉන්දියාවේ බුකීකරුවකු වන සෞරබ් චන්ද්‍රකාර් සහ රවී උත්පාල් නම් ඔහු ගේ සහායකයා ශ්‍රී ලංකාවේදී රැඳවුම් බාරයට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 28 August 2023
මතින් තොර ළමා සමාජයක් බිහිකරන්න බලකායක් දෙන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් පාසල් දරුවන් බේරා ගැනීමට වෙනමම බලකායක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 28 August 2023
සුදු ඉර පනින්න ගිහින් ලොරියට බිලි තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ නානුඔය රදැල්ල ප්‍රදේශයේදී සුදුඉර මතින් මාර්ගය හරහා මාරු වෙමින් සිටි පුද්ගලයෙකු ලොරි රථයක ගැටීම හේතුවෙන් අද (28) ජීවිතක්ෂයට පත්ව ඇතැයි නානුඔය පොලීසිය පවසයි. 28 August 2023
යාල සතුන්ට සංචාරක මඟ පෙන්වන්නෝ පිහිට වෙති නියඟය හේතුවෙන් යාල වනෝද්‍යානය තුළ ජලය නොමැතිවීමෙන් වන සතුන් පත්ව ඇති ඛේදනීය තත්වය පිළිබඳව අවදානය යොමුකර සංචාරක මඟ පෙන්වන්නන් පිරිසක් ‘සිනමන් වයිල්ඩ්’ ප්‍රධාන මාර්ග පිවිසුම අසළ කුඩා වැවට ජල පිරවීම ඊයේ (27) ආරම්භ කළහ. 28 August 2023
නොසැලකිල්ල නියාමනයේ කෝටි 19ක් කා දමයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිය සේවා ගාස්තු කලට වේලාවට සංශෝධනය කිරීම පැහැර හැරීම හේතුවෙන්රුපියල් කෝටි 19 කට ආසන්න ආදායමක් පසුගිය 2021 වර්ෂයේදී අහිමිව ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 28 August 2023
වැල්ලම්පිටියේ වෙඩි තැබීමකින් අයෙක් මරුට වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ඝාතනයට ලක්ව ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි. 28 August 2023
අලින්ට ලේසර්: චන්න පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි අලි ඇතුන්ට ලේසර් කිරණ අල්ලා කුලප්පු කරවා මහනුවර දළදා පෙරහර කඩාකප්පල් කිරීමට සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් යොමුකරමින් ඉල්ලීමක් කළේය. 28 August 2023
රත්මලාන - කටුනායක - මත්තල සරුංගල් තහනම් ගුවන් යානාවලට අනතුරු වියහැකි බැවින් රත්මලාන, කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළ ආසන්න ප්‍රදේශවල සරුංගල් යැවීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල් ාසිටින බවත් ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමට ජංගම රථ යොදවා ඇති බවත් ගුවන් තොටුපළ පාලන අධිකාරිය පවසයි. 28 August 2023
උෂ්ණත්වය අද තවත් ඉහළට යයි දිවයිනේ දිස්ත්‍රික්ක 9ක උණුසුම් දර්ශකය අද (28) මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 August 2023
ත්‍රිකුණාමල දිසාපති කාර්යාලය අසළ විරෝධතාවක් නිලාවේලි බොරළු කන්ද රජ මහා විහාරයේ තහනම් කළ සංවර්ධන කටයුතු සිදු කරගෙන යාමට අවසර දෙන්නැයි බල කරමින් මහා සංඝරත්නය ඇතුළු ගිහි පිරිස් අද (28) ත්‍රිකුණාමලය දිසාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක ඇරැඹුහ. 28 August 2023
සරසවි සිසුවා පිහිනුම් තටාකයේ ගිලෙයි රජරට විශ්ව විද්‍යාලයේ පිහිනුම් තටාකයේ දිය නෑමට ගිය විශ්ව විද්‍යාල සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි. 28 August 2023
සරුංගලය විදුලි රැහැනේ පැටලී දරුවා රෝහලේ දළුව ප්‍රදේශයේ සරුංගල් යවමින් සිටි පිරිමි දරුවෙකු විදුලිය සැර වැදී ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇති බව පුත්තලම මූලික රෝහල කියයි. 28 August 2023
ශ්‍රී ලංකාව - ඉන්දියාව යා කරන පාලමට ජනතා කැමැත්ත ඕනේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කරමින් පාලමක් ඉදිකරන්නේ නම් ඒ පිළිබඳ ජනමත විමසුමක් පවත්වා ජනතා කැමැත්ත විමසිය යුතු බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 28 August 2023
කඩේට ගිය පහළොස් හැවිරිදි දැරිය අතුරුදන් දුරකතන කාඩි පතක් මිලදී ගැනිමට නිවෙස අසල වෙළඳසැලකට ගිය දැරියක් කිසිවකු විසින් පැහැර ගෙන ගොස් ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇති බව වැලිගම පොලිසිය පවසයි. 28 August 2023
තහනම් පළිබෝධනාශක ගැන වාර්තාවක් කැඳවයි අන්තර්ජාතිකව තහනම් කළ පළිබෝධනාශක ශ්‍රී ලංකාවේ භාවිතා කරන්නේ දැයි සොයා වාර්තාවක් දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දුන්නේය. 28 August 2023
ගෙවල් නැති මන්ත්‍රී 18 කට කෝටියක් ගෙවලා මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් නිවාස නොලැබුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 18 දෙනකුට රුපියල් එක්කෝටි දහසය ලක්ෂයක මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 28 August 2023
කඳවුරු බැඳ දඩයමේ ගිය 13ක් මාට්ටු කඳවුරු බැද දින ගණනක් විල්පත්තුව වන උද්‍යානය හා තබ්බෝව අභය භුමියෙ දඩයමේ ගිය කණ්ඩායමක 13 දෙනෙකු ගිනි අවි යතුරු පැදි හා දඩයමට යොදා ගත් පිහි ඇතුළු දෑ සමඟ වනාතවිල්ලුව හා කරුවලගස්වැව වනජීවි කාර්යාල ඒකාබද්ධව කළ මෙහෙයුමකදී අත් අඩංගුවට ගත් බව කියයි. 28 August 2023
නියඟයෙන් කුඩා වැව් දහදාහක් සිඳෙයි නියඟය තත්ත්වය නිසා මේ වනවිට දිවයිනේ වැව් 10,000කට වැඩි ප්‍රමාණයක් මුලුමනින්ම සිඳී ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 28 August 2023
මැක්කෝ නිසා රේවතය වහයි බළපිටිය රේවත ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ බලු මැක්කන් ව්‍යාප්තවීමත් සමග අද සහ හෙට දෙදින වසා දැමීමට තීරණය කර ඇතැයි විදුහල් බලධාරීහු පවසති. 28 August 2023
විනිසුරු නිවසේ ආරක්ෂාවට සිටි සැරයන් වෙඩි වැදි මරුට මාතර වෙරළ පාරේ පිහිටි දිසා විනිසුරුවරයකුගේ නිල නිවසේ රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයකු අද (28) උදෑසන වෙඩි වැදී මිය ගොස් සිටියදී සොයා ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 28 August 2023
කෝටි 3 ක රන් රේගුවේ හිරවෙයි තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් නීති විරෝධීව රැගෙන ආ රුපියල් කෝටි 3 කට ආසන්න වටිනාකමින් යුත් රත්තරන් බිස්කට් 14 ක් රේගු භාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 28 August 2023
දින කීපයකට වැස්ස ටිකක් වැඩි වේ දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (28) දින සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 August 2023
පොලීසිය යැයි පවසා කොල්ලකාලා පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි පුද්ගලයින් හතරදෙනෙකු කඳාන ප්‍රදේශයේ වෙළඳසැලක් අසලදී පුද්ගලයෙකු සතු යතුරු පැදිය හා ඔහුගේ ජංගම දුරකථනය කොල්ලකාගෙන පලාගොස් ඇතැයි කඳාන පොලිසිය කියයි. 28 August 2023
ජපානයත් සඳ අල්ලන්න යානයක් යවන්න හදයි ජපන් අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයත් සඳට රොබෝ යානයක් යැවීමට සූදානම් වෙයි. ජපන් විද්‍යාඥයන් මෙම රොබෝ යානය නම් කර ඇත්තේ ‘මූන් ස්නයිපර්’ යන නමිනි. යානය සඳට ගොඩබෑමට නියමිත බව ද පැවැසෙයි. 28 August 2023
නැ‘හිර ඉඩම් හිතුමතේට බෙදලා නැගෙනහිර පළාතේ ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක් හිතුමතේට විවිධ පාර්ශ්වයන් වෙත ලබාදී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති නැගෙනහිර පළාතේ සංවර්ධන කමිටුවේදී අනාවරණය වී ඇත. 27 August 2023
බිරියගේ අනියම් ජංජාලයෙන් සැමියා වෙඩි කා නසී මින්නේරිය රෝටවැව ප්‍රදේශයේ නිවෙසක ඇති වු බහින් බස්වීමකින් පසු එම නිවෙසේ ගෙහිමියාගේ බෑණා වෙඩි වැදී මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. 27 August 2023
ඖෂධ නියාමනය කෝටි හතක් ගිලලා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විධායක නිලධාරියකු සහ මාණ්ඩලික නිලධාරීන් විසි දෙදෙනකු ඇතුළු නිලධාරීන් පිරිසකට කෝටි 7කට ආසන්න දීමනා 2021 වර්ෂයේදී අනුමැතියකින් තොරව ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 27 August 2023
පැල්මඩුල්ල පොලිස් සිර මැදිරියේ අලි ජරමරයක් පැල්මඩුල්ල පොලිසියේ සිර මැදිරිය තුළ රඳවා සිටි පුද්ගලයකුගේ ගෙළට පිහියකින් ඇන තුවාල සිදු කළ 26 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 27 August 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026