(ප්‍රසාද් රුක්මල් )
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වූ අද දිනයේදී ඒ් සඳහා පෙනී සිටීමට හාලිඇල දීගල්ල ගම්මානයේ සිට පැමිණි සිසුන් ට බස්රථ නොමැති වීමෙන් සිසුන් මෙන්ම දෙමව්පියන් ද දැඩි අපහසුතාවට පත්වුහ.
දීගල්ල උඩගම සිට උදෑසන 5.55ට සහ උදෑසන 6.30 බදුල්ල බලා ශ්‍රී ලංගම බස් රථ දෙකක් ගමන් ආරම්භ කලද,5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවති අද (15) දිනයේ ඉන් එකදු බස්රථය ක් හෝ ධාවනය නොවු බවද දීගල්ල උඩගම ගම්වාසීහු කීහ .
මේ නිසාවෙන් දීගල්ල උඩගම , පනාකන්නිය, අහස්පොකුන, ඌව කැටවල වත්ත දික්වැල්ල වත්ත, ආදි ගම්මාන රැසක සිට හාලිඇල , බදුල්ල ,කන්දේගෙදර නගර වල පාසල් විභාග මධ්‍යස්ථාන කරා යාමට දෙමව්පියන් සමඟ අද (15) උදෑසන පැමිණි සිසුන්ට කිලො මීටර් 10 ක පමණ දුර පාගමනින් කැටවල නගරයට යාමට සිදු වූ බව සිසුහු කියති.
කැටවල නගරයේ සිට ශිෂ්‍යත්ව සිසුන් හාලිඇල ,බදුල්ල කන්දේගෙදර නගරයේ සිය විභාග මධ්‍යස්ථාන කරා යාමේදී ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වීමට ඔඔන්න මෙන්න කියා තිබිණැයි හෙතෙම කීය .
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශිෂ්‍යත්වයට යන්න බස් නැතුව හාලිඇල ගම් රැසක සිසුහු අමාරුවේ
බස්තියන් Sunday, 15 October 2023 12:12 PM
ඇත්තටම ලංගම බස් පමණක් ලංකාවෙ තිබුනා නම් අනෙක් දරුවන්ට වෙන්නෙ ඕකම තමා කියලා කියන්නෙ අපි පාසල් යන කාලයේ අත් දැකීම් නිසා තමයි ඇත්තටම මානුෂික හැගීමක් ඔය ප්‍රදේශයේ බස් ධාවනය කල රියදුරන්ට තිබිල නැහැ ලංගම වුනත් ඉතාමත් කාරුණික රියදුරු මහත්වරු මෙන්ම කොන්දොස්තර මහත්වරු පිරිසක් ඉන්නවා (ඔවුන්ට අපේ ප්‍රනාමය පුදමු) ඔවුන් කොතරම් අපහසු තිබුනත් මෙහෙම දවසක මගහරින්නෙ නැහැ ඩිපෝවේ ධාවන කළමනාකරු වුනත් මෙහෙම දවසට බස් ධාවනය ගැන සොයාබලන්න ඕන පීඩනයට පත්වූ දරුවන්ට උසස් ලෙස විභාගය සමත්වෙන්න වාසනාව ලැබේවා