IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හමාස් - ඊශ්‍රායල ගැටුම අමතන්න ගෝලීය එකමුතුවක් ඕනෑ

(අංජුල මහික වීරරත්න)

උත්සන්න වෙමින් පවතින හමාස් - ඊශ්‍රායල ගැටුම ආමන්ත්‍රණය කිරිමට ගෝලීය එකමුතුවක අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ ඉන්දියන් සාගරය පිළිබඳ විශේෂඥ ජාත්‍යන්තර පර්යේෂණ පදනමක් වන Geopolitical Cartographer විසින් කොළඹ සිටි සෙන්ටර්හි දි සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක් වෙමිනි. 

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය සහ ගෝලීය වශයෙන් ඇති විය හැකි බලපෑම පිළිබඳව ද අවධානය යොමු කළේය.

විවිධ රටවලින් සහ සංවිධානවලින් හෙලාදැකීමට ලක්වෙමින් මිලියනයකට අධික ජනතාවකට ගාසා තීරයේ දකුණු ප්‍රදේශය දක්වා ඉවත්ව  යන ලෙස ඊශ්‍රායලය විසින් කළ ඉල්ලීම ද ඇතුළු මෑත කාලීන තත්ත්වය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අදහස් පළ කළේය.

 

 



අදහස් (5)

හමාස් - ඊශ්‍රායල ගැටුම අමතන්න ගෝලීය එකමුතුවක් ඕනෑ

Pinjana Sunday, 15 October 2023 12:41 PM

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ මේවට. එහෙම වගේම වැදි බණ දේශනා කරන්න ත් හරීම දස්සයා.

:       1       0

de silva berlin Sunday, 15 October 2023 01:28 PM

කරුණාකරලා කට පියාගෙන ඉන්න.මාධ්‍ය සාකච්චා නම් දෙන්න එපා.කට පියාගෙන නොසිටියොත් වෙන්නේ අර අහසින් ගිය ඉබ්බාට වුන දෙය ලංකාවේ ප්‍රශ්න තිබෙනවා විසදන්න

:       1       1

රට වැසියා Sunday, 15 October 2023 02:47 PM

එතුමාගේ දේශපාලන ක්‍රමය අනුව "ලිස්සායාමේ තියරිය" - ලෝක ත්‍රස්ථවාදය, විශේෂයෙන්ම ආගමික කිරිම ගෝලිය යුද්ධ හමුදාවක් අවශ්‍යයි! - ආගමික ත්‍රස්ථාවදින් එක්ක ප්‍රජාතන්ත්‍රවාදය කථා කරන්න යන්න එපා! ‍

:       1       1

Abeywardhana Sunday, 15 October 2023 03:26 PM

ලංකාවේ මිනිස්සු බඩගින්නේ මෝඩයා ලෝකයට අවවාද දෙනවා

:       1       1

Perera Sunday, 15 October 2023 03:29 PM

මෙයාට එයාගේ පක්ෂේ එක ආසනයක්වත් පාර්ලිමේන්තුවේ රැක ගන්න බැරිවුනා ,දැන් හදනවා ලෝක ප්‍රශ්න විසඳන හැටි ලෝකෙට කියන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site