IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


තල්දූව ද්විත්ව ඝාතනයේ යතුරුපැදිකරු පොලිස් වෙඩි පහරින් මරුට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)

අවිස්සාවේල්ල තල්දූව  ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සකකරුවෙක්  ඔහුගේ දෑත් වලට දමා තිබූ මාංචු කුට්ටමෙන් පොලිස් කොස්තාපල්වරයෙකුගේ ගෙල සිරකර මරා දැමීමට  උත්සහ කළ බව කියන අවස්ථාවේ සිදු වූ වෙඩි තැබීමකින්  සැකකරු තුවාල ලබා  මියගොස් ඇතැයි අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

ත්‍රිරෝද රථයකින් ගමන්ගත් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදු කළේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි 21 හැවිරිදි තරුණයකු සිද්ධියට අදාළ නඩු භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගැනීම සඳහා  ගමන් කරමින් සිටියදී  සැකකරු ඔහුට දමා තිබූ අත් විලංගු වෙන්   එම පොලිස් කණ්ඩායමේ ගමන්ගත් පොලිස් කොස්තාපල්වරයෙකුගෙ ගෙල සිරකර  පළා යාමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන් ඔහුට වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි

පොලිස් කොස්තාපල්වරයා  ද අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

මෙසේ මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල මානින්ගමුව ප්‍රදේශයේ පදිංචි මහේෂ් ධනංජය නැමැත්තෙකි.ඔහු ඝාතනය සිදු කළ දිනයේදී යතුරුපැදිය පදවාගෙන ආ පුද්ගලයා බවද කියයි.

 



අදහස් (5)

තල්දූව ද්විත්ව ඝාතනයේ යතුරුපැදිකරු පොලිස් වෙඩි පහරින් මරුට

Perera Sunday, 15 October 2023 11:21 AM

මේ ජවනිකාවේ තිර රචනයට පොඩ්ඩක් තාත්වික බවක් දෙන්න හදලා තියන බව පෙනෙනවා

:       0       0

ජයන්ත Sunday, 15 October 2023 01:38 PM

පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා සැකකරුවන්ගෙ අත් පිටුපසට තබා මාංචු දැමු වොත් නරකද?

:       0       1

ලසන්ත Sunday, 15 October 2023 03:20 PM

කටේ කිරි සුවද යන්නට පවා බැරිවුණා ...යන්තම් ඇටෙන් පොත්තෙන් එළියට ආපු ගමන්ම මෙහෙම නම් තවත් කලක් හිටියනම් කොහොම එකෙක් වෙයිද බුද්ධ කාලයේ හිටියා කියපු අංගුලිමාල පරාද කරාවි

:       0       1

Bamunuarachchi Sunday, 15 October 2023 07:13 PM

මොන හේතුවක් පෙන්නලා හරි කමක් නැහැ ඉවරයක්‌ කරන්න. එසේ ඉවර කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල බොහෝමයි....!

:       1       0

විජිත් Sunday, 15 October 2023 09:54 PM

මට මේ රටේ පොලිසිය ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපරාධකරුවන්ට, සැකකරුවන්ට " මාංචු " දැමීම පිළිබඳව. ලෝකයේ හැම රටකම දරුණු ගණයේ අපරාධකරුවන්ට මාංචු දමන්නේ " දෑත් පිටුපසට " තබාය. එසේ කළොත් අපරාධකරුවාට සෙල්ලම් දමන්න " කොහෙත්ම " නොහැක. මේ රටේ පොලිස්පති නම් "රූකඩය "මේ ගැන නොදන්නවා වෙන්න බැහැ !!! මේ වෙඩිකා මියගිය අපරාධකරුට දත් පසුපසට තබා මාංචු දැම්මා නම්, ඔහු මේ මොහොතේත් ජීවතුන් අතර වගේම ඔහුගෙන් තවත් සැඟවුණු රහස් රැසක් දැනගැනීමට තිබුණා. මට හිතෙන විදිහට නම්.. පොලිසිය මේ සෙල්ලම කරන්නේ " පොලිසියේ රහස් " රැසක් මේ අපරාධකාරයින් දන්නා නිසා, ඒවා එළිවෙයි කියා බයට .. කලින්ම සූදානම් කරගත් " තිර නාටකයක්" රඟපෑමයි. සියලුම සැකකරුවන්ගේ, අපරාධකාරයින්ගේ දෑත් පිටුපසට තබා මාංචු දැමීමට අණ කරන්න පොලිස්පති බය ඇයි? එතකොට පොලිසියේ හොර මැරකම් දන්නා අපරාධකරුවන් බොරු චෝදනාවක් දමලා මරන්න බැරි නිසාද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site