(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ දරුවන් 56,000 උග්‍ර මන්දපෝෂණ තත්වයෙන් පෙළෙන බව යුනිසෙෆ් වාර්තාවල සඳහන් වන්නේ යැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.
මේ අතර ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාවේ පවුල්වලින් තුනෙන් එකකට සුරක්ෂිත ආහාර ප්‍රභව නොමැති බවත් සියයට 70 ක් පමණ ආහාර වේල් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමින් අඩු කර ඇති බවත් එම කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය කෙරුණේ එම රැස්වීමේදීය.
දැනට ප්‍රමාණවත් ආහාර නොලබන බොහෝ දරුවන් ශරීරයේ ගබඩා කර ඇති සංචිත භාවිතා කරන නමුත් ඉදිරියේදී අඛණ්ඩ පෝෂණ උණතා ඔවුන්ගේ ශරීර වර්ධනයට බලපෑම් ඇති කරනු ඇතැයි වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන බවද එම කමිටුව සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවන් 56,000 කට උග්‍ර මන්දපෝෂණය
wasiya Sunday, 15 October 2023 01:47 PM
තට්ටු නිවාස සෑදීම අරඹයි .වාහන ඇතුළු අනෙකුත් බඩු ගෙන්නීම යලි අරඹයි
Nihal Sunday, 15 October 2023 01:57 PM
හරිම කනගාටුයි කියලා අහක බලන්නෙ නැ .,ගාන හරි ඇති! අපේ ගමේත් දහපහලොස් දෙ නෙක් ඉන්නවා,අධි පෝෂණයෙන් පෙළෙන අයට ටිකක් දෙන්න පුලුවන් දෙන්නේ කලාතුරකින් අයෙක් පමණයි දෙන්නේ