මංගල සාදයේ විනෝද වූ විධායක නිලධාරිනිය හදිසියේ මිය යයි මංගල උත්සවයක නර්තනයේ යෙදී සිටි තරුණියක හදිස්සියේ අසනීපව රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි මොරගහහේන පොලිසිය සඳහන් කරයි. 27 August 2023
රැඳවියාගේ පහරින් ජේලර් රෝහලේ මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ විශේෂ වාට්ටුවේ සිටි රැඳවියකු සිදුකළ පහර දීමෙන් විනය අංශයේ ජේලර්වරයකු තුවාල ලබා ඇති බව පල්ලෙකැලේ පොලිසිය පවසයි. 27 August 2023
අක්ෂි කාච හිඟයක් ගැන ඉඟියක් වෛද්‍ය සැපයුම් අංශය සතුව කිසිදු වර්ගයක අක්ෂි කාච නොමැති වීම නිසා ඉදිරියේදී දැඩි හිගයක් මතු විය හැකි යැයි බලධාරීන්ට දැනුම් දී ඇති බවත් ඒ හේතුවෙන් හදිසි මිලදී ගැනීමට යොමුවුවහොත් මසකට රුපියල් කෝටි 20 ක පමණ පාඩුවක් රජයට දැරීමට සිදුවන බවත් සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි. 27 August 2023
නියඟයෙන් ලක්ෂ තුනකට දැඩි පීඩා දැඩි නියඟය හේතුවෙන් පානීය ජලය නොමැතිව ලක්ෂ තුනකට ආසන්න පිරිසක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. 27 August 2023
ඇල්ජින් ඔයේ නාන්න ගිය තරුණයා අතුරුදන් ලිදුල,වෝල්ට්‍රිම් වතුයායේ රක්ෂිතයේ දර කැඩිමට ගිය තරුණයෙක් අද (27) තලවකැලේ කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා ඇල්ජින් ඔයේ දිය නෑමට ගොස් අතුරුදන් වි ඇති බව ලිදුල පොලිසිය පැවසිය. 27 August 2023
‘ෂී යෑන් 06’ චීන නෞකාවට ශ්‍රී ලංකාවට ඇතුල්වීමට අවසර චීන නෞකාවක් වන ‘ෂී යෑන් 06’ පර්යේෂණ නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර දී ඇති බවත් එම අදාල නෞකාව සහ නාරා ආයතනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවත් ආරක්ෂක අමාත්‍යංශය පවසයි. 27 August 2023
පාසල් දෙවැනි වාරයේ දෙවැනි අදියර හෙට ඇරඹේ රජයේ පාසල්වල මෙම වසරේ (2023) දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර හෙට (28) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 27 August 2023
මහනුවර පාසල් දින තුනක් වහලා මහනුවර නගරසීමාවේ ඇති සියලු පාසල් හෙට (28) සිට දින තුනක් වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 27 August 2023
පාර්ලිමේන්තුව ළග නාඳුනන මළසිරුරක් පාර්ලිමේන්තුවට ආසන්න පොල්දූව සමනල පාලම ආසන්නයේ නාඳුනන මළසිරුරක් පාවෙමින් තිබෙන බව පොලිසිය පවසයි. 27 August 2023
විනාශ කළ උපකරණ ගැන ඕමල්පේ හිමි කතා කරයි දුප්පත්කමින් හිඟාකන මේ රටේ, තියන සම්පත් ආරක්ෂා කරගනිමින් ක්‍රියාකරනවා මිස පොතේ ගුරුවාදයට යටවී තීරණ නොගන්නා ලෙස සමස්ත රේගු නිලධාරින්ගෙන් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඉල්ලා සිටියහ. 27 August 2023
ගුවන්තොටුපලට අධි තාක්ෂණික මෙහෙයුම් සන්නිවේදන පද්ධතියක් මෙරට ගුවන් කලාපය තුල ආරක්ෂිත ගුවන් මෙහෙයුම් පවත්වාගෙනයාම සඳහා ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම විසින් කටුනායක ගුවන්තොටුපලේ අධි තාක්ෂණික ගුවන් මෙහෙයුම් සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කරනු ලැබීය. 27 August 2023
රටවල් 4 කින් 4 ක් උඩ යයි ඇමෙරිකාවේ ‘ස්පේස් එක්ස් ඩ්‍රැගන්’ කැප්සියුලයේ ආධාරයෙන්, රටවල් 4 ක් නියෝජනය කළ ගගනගාමීන් 4 දෙනෙක් පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා පිටත්ව ගියහ. 27 August 2023
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට ප්‍රධාන මාර්ගයේ දාරළුව සහ බෙම්මුල්ල දුම්රිය ස්ථාන අතර අද (27) පෙරවරුවේ කාර්මික දෝෂයට ලක්වූ ‘සෙංකඩගල මැණිකේ’ දුම්රිය මාර්ගයෙන් ඉවත්කර දුම්රිය ධාවනය යථා තත්වයට පත්කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 27 August 2023
‘චන්ද්‍රයාන් 3’ පතිත කළ ස්ථානයට නමක් ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුමට අයත් ‘වික්‍රම’ යානය, පසුගිය 23 වැනිදා සාර්ථකව සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරාගත් ස්ථානයකට සාර්ථකව පතිත කෙරුණි. ඉන්දියාව මෙම ස්ථානය නම් කර ඇත්තේ ‘ශිව්ශක්ති’ යන නමිනි. සඳුගේ දක්ෂිණ ධ්‍රැවයට පළමු වරට රොබෝ යානයක් යැවූ රට වන්නේ ඉන්දියාවය. 27 August 2023
මෙවර අයවැය අභියෝගයක් ලබන වසරේ (2024) අයවැය සඳහා අමාත්‍යාංශවල වියදම් යෝජනා සම්බන්ධ සමාලෝචනය හෙට (28) සිට ලබන සැප්තැම්බර් මස 10 වැනිදා දක්වා පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 27 August 2023
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි ප්‍රධාන මාර්ගයේ දාරළුව දුම්රිය ස්ථානය අසලදී දුම්රියක් අද (27) පෙරවරුවේ කාර්මික දෝෂයට ලක්වීමෙන් එම මාර්ගයේ සියලුම දුම්රිය ප්‍රමාද වන බවත් කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය හැකිඉක්මණින් යථා තත්වයට පත්කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 27 August 2023
කෙසෙල්වත්ත ඝාතනයේ වෙඩික්කරු මාට්ටු කෙසෙල් වත්ත මාටින් පෙදෙසේ හෝටලයක්දී ටී 56 ගිනි අවියකින් 20 හැවිරිදි තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 27 August 2023
කටුනායක - කොළඹ සුඛෝපභෝගී බස් වර්ජනයක් මාර්ග අංක 187 කටුනායක ගුවන් තොටුපොළ - කොළඹ අතර ධාවනය වන සුඛෝපභෝගී රථ උදෑසන වර්ජනයක් ආරම්භ කර තිබේ. 27 August 2023
රාජ නියමයට අනුව ආදීවාසීන් මී පැණි පුදති ඇසළ මංගල්‍ය නිමිත්තෙන් සාම්ප්‍රදායිකව වර්ෂයක් පාසා දඹාන ආදිවාසීන් සිදුකරන මී පැණි පූජාව ආදිවාසි නායක වන්නිල ඇත්තෝ ඇතුළු ආදිවාසීහු සිදු කළහ. 27 August 2023
කෝටි හතේ මැණික ඉස්සූ කම්කරුවා සොයයි ලග්ගල පොලිස් වසමට අයත් දේවාලදෙණිය, ඇල්පිටිය වත්තේ පිහිටි මැණික් ඉල්ලම් ගැරුම් පොළකදීහමු වී තිබූ රුපියල් කෝටි හතක් වටිනා මැණික් ගලක් සොරාගෙන ගියේ යැයි කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි. 27 August 2023
පිරමීඩ් ජාවාරමක මහමොළකරුවෙක් දැලේ කොළඹ වරාය නගරයේ ආයෝජකයෙකු බව පවසමින් ජාත්‍යන්තර මට්ටමේ පිරමීඩ ජාවාරමක් හරහා උපයාගෙන කැසිනෝ ගසා වැය වූ කෝටි හතරකට අධික මුදල කොල්ල කෑ බව ගණුදෙනුකරුවන්ට හැගවීමට ව්‍යාජ පැමිණිල්ලක් කළ පිරමීඩ ජාවාරමේ චීන ජාතික මහ මොළකරුවකු ඇතුළු සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 27 August 2023
අතුරුදන් වූ මෙහෙණින්වහන්සේලා තිදෙනා නුවරඑලියෙන් හමුවෙයි මිනුවන්ගොඩ බොරළුවත්ත ප්‍රදේශයේ පිහිටි මෙහෙණි ආරාමය සිට අඅතුරුදන් වූ බාලවයස්කාර මෙහෙණින් මෙහෙනින් වහන්සේලා තිදෙනා නුවරඑළිය පොලිසිය මගින් මඟින් සොයාගෙන ඇත. 27 August 2023
දැරිය ජල ටැංකියට බිලි වව්නියාව නෙලුක්කුලම් ප්‍රදේශයේදී අවුරුදු දෙකක් වයසැති දැරියක් ගෙමිදුලේ තිබූ වතුර ටැංකියකට වැටී මිය ගොස් ඇතැයි නෙලුක්කුලම් පොලීසිය පවසයි. 27 August 2023
මට්ටක්කුලියේ ඝාතනයට උපකාරක ගුරා,පාසල් සිසුවෙකු අතුළු 5ක් මාට්ටු මට්ටක්කුලිය ,ජෝර්ජ් පීරිස් මාවතේ දී පුද්ගලයකුට ආයුධයකින් පහරදී ඝාතනය කළේ යැයි කියන පෞද්ගලික උපකාරක ගුරුවරයකු , පාසල් ශිෂ්‍යයකු සහ ව්‍යාපාරිකයකු ඇතුළු පස් දෙනකු මට්ටක්කුලිය පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 27 August 2023
පළාත් දෙකකට පොඩි වැස්සක්:සෙසු පළාත්වලට වැස්ස නෑ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 August 2023
මහා පරිමාණ පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘති 6ක් ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 2030 වසර වන විට සියයට 70 ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගැනීමේ රජයේ ඉලක්කය සම්පූර්ණ කිරීම සදහා මහා පරිමාණ පුනර්ජනනීය ව්‍යාපෘතිය 6 ක් ස්ථාපිත කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 26 August 2023
එන්නතක් විෂවීමෙන් තවත් මරණයක්? කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක 72, ප්‍රතිකාර ලබමින් සිටි රෝගියක් ප්‍රතිජීවක එන්නතක් දීමෙන් පසුව මරණයට පත්ව ඇතැයි එම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. 26 August 2023
මාස අටේ දැරියගේ මරණය සැකයක් ගාල්ල බන්ධනාගාරයෙන් වාර්තා වූ මාරාන්තික මෙනින්ගොකොකල් රෝගය බාහිර සමාජයට ව්‍යාප්ත වී ඇත්දැයි අද (26) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වූ ළදරු මරණයක මරණ පරීක්ෂණයේදී සැකයක් ඇති වී තිබේ. 26 August 2023
උතුරු නැගෙනහිර බලශක්තිය සිංගප්පූරුවට යවන්න සාකච්ඡා සිංගප්පූරුව සමඟ ඇතිකරගත් ගිවිසුම් හා සාකච්ඡා වල ප්‍රගතිය අදාල විෂය බාර අමාත්‍යවරුන් වෙත පවරන තෙක් එම කටයුතු ඉදිරියට ගෙනයාම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත පැවරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 26 August 2023
මිනුවන්ගොඩ ආරාමයක මෙහෙනින් වහන්සේ තිදෙනකු සහ තරුණියක් අතුරුදන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි මෙහෙණි ආරාමයක මහණ වීමට පැමිණි තරුණියක සහ එම ආරාමයේ වැඩ වාසය කළ අවුරුදු 12 ,15 සහ 18 යන වයසේ පසුවන මෙහෙනින් වහන්සේලා තුන් නමක් සමග 24 වැනි දා සිට අභිරහස් ලෙස අතුරුදහන්ව ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 26 August 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026