IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගාසා තීරයේ යුද උණුසුම තවත් වැඩි වේ

 

ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදු කරන බව හමාස් සංවිධානයේ නායක ඉස්මේල් හනියේ රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් පැවසුවේය.

ඇමෙරිකාව සහ තවත් යුරෝපා රටවල් කිහිපයක් සමඟ එකතු වී ඊශ්‍රායලය මෙම ජන සංහාරය සිදු කරන බව හමාස් නායක හනියේ චෝදනා කළේය.

පලස්තීන ජනතාව තම නිවාසවල රැඳී සිටින බවත් ගාසා තීරය අතහැර ඔවුන් ඊජිප්තුවට පළා නොයනු ඇති බවත් හනියේ පෙන්වා දුන්නේය. තම නිවාස අතහැර පළා නොයන පලස්තීන ජනතාවට තම ආචාරය හිමිවන බවද ඔහු පැවසුවේය.

ලෙබනනයේ හිස්බුල්ලා කණ්ඩායම යුද්ධයක සියලු පැතිකඩ සැලකිල්ලට ගෙන ඇති බවත් හමාස් සංවිධානයට වඩා හිස්බුල්ලා සංවිධානය බලවත් බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් ප්‍රකාශ කර ඇත.

හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධානී සයේඩ් හසාන් නසරල්ලා හමුවූ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහියන් පැවසුවේය. ඒ හේතුවෙන් ප්‍රමාද වැඩි වීමට පෙර ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නැවැත්විය යුතු බවත් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට පහර දීමට තීරණය කළහොත් ගැටලුව තවත් නරක අතට හැරෙනු ඇති බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ වන විට බ්‍රිතාන්‍යද ඊශ්‍රායලයට සහාය පළ කර ඇති අතර හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් නැගෙනහිර මධ්‍යධරණී මුහුදට හමුදා යාත්‍රා සහ නිරීක්ෂණ ගුවන් යානා එවීමට බ්‍රිතාන්‍ය තීරණය කළ බව අගමැති රිෂි සුනක් නිවේදනය කළේය.

ඊශ්‍රායලය එල්ල කරන ගුවන් ප්‍රහාර පසුගිය පැය කිහිපයේදී දැඩි කර ඇති බවත් ආරම්භ වන වේලාව පැවසීමට අපහසු වුවත් ඉතාමත් ඉක්මණින් ඊශ්‍රායල හමුදාව ගොඩබිමින් ගාසා තීරය ආක්‍රමණය කරනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුද මීළඟ මෙහෙයුම ඉතාමත් ඉක්මණින් ආරම්භ වන බව ගාසා තීරය ආසන්නයේ රැඳී සිටින හමුදාවට දැනුම් දී තිබේ.

එසේම පලස්තීනුවන් වෙනුවෙන් පිහිටුවා ඇති ආරක්ෂිත නවාතැන් තවදුරටත් ආරක්‍ෂිත නොවන බවත් මිලියන 2 කට වැඩි පලස්තීන ජනතාවට ජලය ලබා ගැනීම ගැටළුවක් වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත.

(විදෙස් මාධ්‍ය ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු)



අදහස් (4)

ගාසා තීරයේ යුද උණුසුම තවත් වැඩි වේ

Bamunuarachchi Sunday, 15 October 2023 06:00 AM

LTTE සමග තිබුන අපේ යුද්දේදීත් දෙමල්ලු කීවේ අපි ජන සංහාරයක් කරන බවයි. ඒකාලේ සියළුම දෙමල්ලු LTTE සාමාජිකයෝ. ඒ නිසා LTTE කාරයින්ට පහර දීම ජන සංහාරයක් කීවාට වරදකුත් නැහැ.

:       0       0

රනේ Sunday, 15 October 2023 06:23 AM

ලෝකයේ ත්‍රස්ත සංවිධාන කෙසේ හෝ වහා ඉවත් කල යුතුය.

:       0       0

චන්දන Sunday, 15 October 2023 07:17 AM

කොහොම නමුත් ලෝකය තවත් ඉතා අවදානම් තත්ත්වයකට පත්වෙමින් තියෙනවා. දැන් සිදු කරන යුද මෙහෙයුම් වලට අනුව අහිංසක වැසියන් දහස් ගණනනක් මිය ගොස් තියෙනවා. ලංකාවෙ තිබුණ තත්ත්වයත් එක්ක මානව හිමිකම් සංවිධාන කෝ...යාපනේට පරිප්පු දාපු අය කො..පලස්තීනයට වතුරත් නැහැ... කෝ බටහිර රටවල් ...ලංකාවට එරෙහිව කතා කරපු අය කෝ...පේනව නේද දැන්...ලෝක දේශපාලනය හැසිරෙන හැටි.... මේක ලාංකිකයන් කී දෙනෙක් අවබෝධ කර ගත්තද? දැන්වත්..

:       0       0

Sandanayake A.D.T. Sunday, 15 October 2023 12:37 PM

ආගම ලෙසින් අන්‍යයන් මරණයට පත් කිරීම අදහන මිනිසුන් ඇති තාක් මෙවැනි යුද්ධ පවතී . මරාදැමීම අදහන ආගම් ප්‍රතික්ෂේප කිරීමට ලෝක නායකයන් ලෝක ජනතාවද පිළිගත් දිනක මෙවැනි යුද්ධ නවතී.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site