IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොස්ලන්දේ පවුල් 244ක් ඉවත් කරති

(සමන් පාලිත නානායක්කාර)

පවතින ධාරානිපාත වර්ෂාවත් සමග  නායයාමේ අවදානමක් මතුවී ඇති බැවින් කොස්ලන්ද මීරියබැද්ද පැරණි නායගිය ස්ථානය දෙපස සහ ඒ ආසන්න ප්‍රදේශයේ පවුල් 244 ක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශයන්ට අනුව පදිංචි ස්ථානවලින් වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ. ප්‍රියංගිකා මහත්මිය පැවසුවාය.

කොස්ලන්ද මීරියබැද්ද පවුල් එකසිය හතළිස් හතරක් කොස්ලන්ද තේ කර්මාන්තශාලාවටද මහකන්ද පවුල් විසිතුනක් මල්වැන්න තේ කර්මාන්ත ශාලාවටද දිවුල්ගසමුල්ල පවුල් අසූ එකක් කොස්ලන්ද සිංහල විදුහලට හා කොස්ලන්ද දෙමළ මහ විදුහලටද තාවකාලිකව ඉවත් කළ බවද ප්‍රාදේශීය ලේකම්වරිය කීවාය.

රාත්‍රියේ කරුවල සමග වන අලි ගැවසීම නිසා මහා කන්ද වත්ත ප්‍රදේශයේ පවුල් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමේදී සුළු බාධා එල්ලවී ඇති බව ද ආපදා සහනනිලධාරීහු පවසති. මෙම කඳවුරු වල මේ වනවිට පුද්ගලයින් 768 දෙනකු සිටින බවද හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ ඒ ජේ ප්‍රියංගිකා මහත්මිය වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

කොස්ලන්දේ පවුල් 244ක් ඉවත් කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site