ඉන්දික රාමනායක
සේවා ස්ථානයක් තුළ දී තරුණියකට අමානුෂීක අතින් පයින් හා පුටුවලින් පහර දුන් අඹුසැමි යුවළක් අද (15) කදාන ආනියාකන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කදාන පොලිසිය පවසයි.
සැකකාර යුවළ තරුණියට පහර දෙන අන්දම සාමාජ මාධ්‍යවල හා විද්‍යුත් නාලිකාවල පෙරේදා (13) පළවු අතර, ඒ ඔස්සේ විමර්ශන සිදුකර සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කදාන ප්‍රදේශයේ භාණ්ඩ බෙදා හැරීමේ නිරත පුද්ගලික ආයතනයක හිමිකරු හා ඔහුගේ බිරිඳ බවද පොලිසිය පවසයි.
කිසියම් රාජකාරි අතපසුවක් හේතුවෙන් සැකකරු හා සැකකාරිය එම ආයතනය තුළ ඉහත තරුණියට අතින් පයින් හා ප්ලාස්ටික් පුටුවලින් පහර දී ඇති අතර, එම සිදුවීමේ වීඩියෝ පට සාමාජ මාධ්‍ය වල ප්‍රචාරය විය.
සැකකරු හා සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2025 ඔක්තෝබර් මස 08
1531
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
487
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තරුණියට පහරදුන් යුවළ පොලිසියට මාට්ටු
Ruhunu Sunday, 15 October 2023 05:39 PM
අවජාතකයෝ
Senarath Monday, 16 October 2023 09:08 AM
ඒ තිරිසන් මිනිහා නම් එල්ලලා මරන්න ඕනේ, ගහපු ගැහිල්ලට... මේ වගේ තුච්ඡ ආයතන වැහෙන විදිහට කටයුතු කරන්න පාරිභෝගිකයින් වගබලාගත්තා නම් අඩුම තරමේ ආයතන තමන්ගේ සේවය ගැන සැලකිලිමත් වේවි.
dasun Monday, 16 October 2023 09:25 AM
නීතිපති විසින් මහාධිකරණයේ වහා අධි චෝදනා ගොනුකළ හැකි සිද්ධියකි...