විදුලි මාධ්‍ය ප්‍රකාශකට දැඩි පියවර ගන්නවා විදුලිය කපා දැමුණු නිවෙසට දරුවන්ට පාඩම් කිරීම සඳහා අසල නිවෙසකින් විදුලි වයරයක් ඇදීමට යාමේදී විදුලිසර වැදී මිය ගිය බදුල්ලේ පියාට අපහාස කළ විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකගේ වැඩ තහනම් කර ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් අරඹන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ඉල්ලීමක් කළේය. 22 February 2024
ඇක්වා මෑන්ගෙන් ලංකාවට පැසැසුම් ශ්‍රී ලංකාව සිය කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හොලිවුඩයේ ජනප්‍රිය නළුවකු වන ජේසන් මමෝවාගේ සතුටට හේතුවක් වී ඇත. 22 February 2024
’’වැලිවිට සුද්දා’’ අත්අඩංගුවට මෙරට ප්‍රධාන පෙළෙහි මත් ජාවරාම්කාර ලැයිස්තු ගත පුද්ගලයකු වන මළලගේ සුදත් කිත්සිරි නොහොත් ’’වැලිවිට සුද්දා’’ නැමැත්තා හොරොයින් සමඟ අද (22) අත් අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසයි 22 February 2024
පුංචි දෝෂයක් නිසා ගම්පහ රෝහලේ ස්කෑන් නැවතිලා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි සී.ටී.ස්කෑන් යන්ත්‍රය අක්‍රීයවීම හේතුවෙන්රෝගීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 22 February 2024
නිල වාහන හිමිකම් නොමැති නිලධාරින්ට ප්‍රවාහන දිමනා ගෙවලා රජයේ වාණිජ විවිධ නිතිගත සංස්ථාව නිලවාහන සදහා හිමිකමක් නොමැති ස්ථිර පදනම මතබදවාගත් නිලධාරින් 41 දෙනෙකු ට සහ කොන්ත්‍රාත් පදනම මත බදවාගත් නිලධාරින් 10 දෙනෙකුට මාසික ප්‍රවාහන දිමනා ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. 22 February 2024
කොස්ගොඩ තාරකගේ සහෝදරයාගේ සිරකුටියෙන් ජංගම දුරකථන එළියට සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ තාරකගේ සහෝදරයා සහ රැවුල් කුමාර නැමැති ජාවාරම්කරු රැඳී සිටින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිරකුටිවල තිබී ජංගම දුරකථන හා උපාංග රැසක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 22 February 2024
බසයේ පාපුවරුවෙන් වැටී අයෙක් මරුට බස් රථයක පාපුවරුවේ ගමන් කළ මගියෙකු කොළඹ - වැල්ලවාය මාර්ගයේ හම්බන්තොට දී බස් රියෙන් ඇද වැටී රෝහල්ගකිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි . 22 February 2024
අහිතකර අලේපන සමඟ ව්‍යාපාරිකයෝ හතරක් මාට්ටු මිනිස් සිරුරට ප්‍රබල හානි කරන පිළිකා කාරක දෑ රසායනික ද්‍රව්‍ය අඩංගු ක්‍රීම් වර්ග රූපලාවන්‍ය ලේබල් ගසා දිවයින පුරා බෙදා හැරි පිටකොටුව දෙවන හරස් විදියේ ප්‍රධාන පෙළේ වෙළඳසැල් හතරක් වටලා ව්‍යාපාරිකයන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට හැකි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි 22 February 2024
‘අත දරුවාට මුවා වී අයිස් විකුණලා’ අත දරුවන් වඩාගෙන දරුවාට මුවාකොට අයිස් ඡාවාරමේ නියැලුණු බව කියන සැකකාරියන් දෙදෙනෙකු සහ ඒවා මිලදීගැනීමට පැමිණි සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩ උයන පොලිසිය පැවසීය. 22 February 2024
වැස්ස අඩුවන ලකුණු දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 February 2024
‘‘සැත්කමින් පසු දරුවාගේ මරණය අපරාධයක් නම් වෛද්‍යවරයා අල්ලන්න‘‘ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසුව දෙහැවිරිදි දැරිය මිය යාමේ සිද්ධිය අපරාධයක් නම් ශල්‍ය වෛද්‍යවරයා ඇතුළු සැකකරුවන් වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා බොරැල්ල පොලිසියට නියෝග කරමින් දන්වා සිටියේය. 22 February 2024
ඇමති මල්ලීත් - අක්කාත් නඩුවක පැටලිලා නිවසේ සිදුවූ බහින්බස්වීමකින් පසුව ආරවුලක් ඇති කළේ යැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතාට එරෙහි නඩුව ජුනි 05 වැනි දින විභාග කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල මහතා අද (21) දින නියම කළේය. 22 February 2024
දසවන බාලදක්ෂ ජම්බෝරියෙන් ශ්‍රි ලාංකිකයන් ලෙස ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 22 February 2024
රජරට දරුවන් සියයට 60කගේ පෙනීම දුර්වලලු අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් යන දරුවන්ගෙන් 60% කට පමණ ඇස් පෙනීමේ දුර්වලතා මතුව ඇති බව අක්ෂි සායන කඳවුරු දොළහක දත්ත පදනම් කරගනිමින් අනාවරණය කරගත් බව ඇස් රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ කුෂාණි ගුණරත්න මහත්මිය පැවසුවාය. 21 February 2024
මල්වානේ නිවස සංවර්ධන ව්‍යාපෘතියකට මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති සුඛෝපභෝගී නිවස සහ අක්කර 15 ක් පමණ ඉඩම පිළිබදව සවිස්තරාත්මක යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට එය ඵලදායී සංවර්ධන ව්‍යාපෘතියක් සදහා එය යෙදවීමට කඩිනම් පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 21 February 2024
උද්ධමනය තවත් ඉහළට ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මස උද්ධමනය සියයට 6.5 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. 21 February 2024
පුංචි දියණියක් ජර්සි 45ක් ඇඳ ලෝක වාර්තාවක් තබයි ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර සෝෆියා හේඩ්න් නම් දියණියක් එකවර ජර්සි 45 ක් ඇඳගනිමින් ගිනස් ලෝක වාර්තාවක් තබා ඇත. ලෝක වාර්තාව තැබීමේදී සෝෆියාට ඇය ඇඳගන්නා සෑම ජර්සියක්ම ඉණ දක්වා පහත් කිරීමට සිදුව ඇති අතර එහිදී ඉරී යන ජර්සි ගිනස් ලෝක වාර්තාව නොසලකා හැර තිබිණ. 21 February 2024
ශානි ගැන වාර්ථාවක් අධිකරණයෙන් ඉල්ලයි රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර මහතාට විශේෂ පොලිස් බළකා ආරක්ෂාව ලබාදීම පිළිබඳව ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය. 21 February 2024
ශ්‍රී ලාංකික සංකල්පයෙන් එකමුතුව ගොඩ නගමු ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 21 February 2024
නව විදුලිබල පනතට සංශෝධන නව විදුලිබල පනත වෙනුවෙන් ඉදිරිපත් කළ සංශෝධන, යෝජනා සහ නිර්දේශයන් එම පනතට සංශෝධන ලෙස ඇතුළත් කර ඇති ආකාරය පිළිබඳව දැනුවත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 21 February 2024
ජා.ජ.බට එරෙහි මෝසමට දින දෙයි ජාතික ජන බලවේගය ලියාපදිංචිය නීතියට පටහැනි බව සඳහන් කරමින් විනිවිද පෙරමුණේ මහ ලේකම් නීතිඥ නාගහකන්ද කොඩිතුවක්කු මහතා ගොනුකර තිබූ මෝසම මාර්තු 4 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය. 21 February 2024
පරාතේ බලතල තාවකාලිකව අත්හිටුවන්නැයි යෝජනාවක් ණය ලබා ගන්නා පුද්ගලයන්ගේ දේපළ අත්පත් කර ගැනීමට බැංකු ඇතුළු ණය දෙන ආයතන වලට ඇති පරාතේ බලතල තාවකාලිකව නැවැත්වීමට කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ලබන සඳුදා ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. 21 February 2024
අඩු බරට පාන් විකුණූ බේකරි 450 කට නඩු පාන් සඳහා වන ගැසට් පත්‍රයේ නියමන් පරිදි නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි සහ වෙළෙඳසැල් 453 කට නඩු පැවරිමට කටයුතු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. 21 February 2024
ගහෙන් වැටුණු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගොනත් ඇනලා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථිර තැන්පතු සඳහා යහපාලන ආණ්ඩු සමයේ සිට ලබා දුන් සියයට 15ක පොලී අනුපාතය සියයට නවය,දහය මට්ටමකට අඩුකිරීමෙන් වැඩිහිටි පරපුර දැඩි අසීරුතාවකට පත්ව සිටින බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 February 2024
මහ බැංකුවේ වැටුප් වැඩි කළාට මන්ත්‍රීවරුන්ගේ විරෝධය ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් සියයට හැත්තෑවකින් පමණ වැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් අද (21) ඇතිවිය. 21 February 2024
රජයේ ඖෂධවේදීහූ පාරට බසිති රජයේ ඖෂධවේදීන් මුහුණ දෙන ගැටලු රැසක් මුල්කරගෙන රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (21) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වූහ. 21 February 2024
‘පිදේනියට එරෙහිව එක්ව පෙළගැසෙමු’ ලේක්හවුස් වටරවුමේදී විදුලිබල, ටෙලිකොම් සහ රක්ෂණ යන ඇතුළු රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකිණීමට එරෙහිව ‘පිදේනියට එරෙහිව එක්ව පෙළගැසෙමු’ යන තේමාව යටතේ ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය කොළඹ ලේක්හවුස් වටරවුමේදී අද (21) දහවල් විරෝධතාවක් පැවැත්වූහ. 21 February 2024
‘ජාත්‍යන්තර මාතෘ භාෂා දින’ උත්සවය නිදහස් චතුරශ්‍රයේදී පෙබරවාරි මස 21 වැනිදාට යෙදී තිබෙන ‘ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය’ වෙනුවෙන් සංවිධානය කරන වාර්ෂික උත්සවය කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද පෙරවරුවේ පැවැත්විණි. 21 February 2024
විදුලි බිල අඩු කෙරෙන හැටි මෙන්න විදුලි බිලට පසුගිය ඔක්තෝබර් මාසයේදී වැඩි කෙරුණු මුදල (ප්‍රතිශතය) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන බව විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. 21 February 2024
ගාල්ල ජැටියේ පැරණි නෞකාවක නැංගුරමක් ගාල්ල පැරණි වරායේ ජැටිය ආසන්න මුහුදේ තිබී 12 වන හෝ 13 වන සියවස්වලට අයත් යැයි සැලකෙන ගල් නැංගුරමක් හමු වී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසයි. 21 February 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026