ජනපති අපේක්ෂකයන්ගේ වත්කම් රටටම පෙන්නයි ජනාධිපති ධූර අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සිය නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇත. 22 August 2024
ළමා නිවාසයක හතරක් අතුරුදන් වැල්ලවාය පොලිස් වසමේ ඇල්ලපාර ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයකින් ළමයින් හතරදෙනෙකු අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි. 22 August 2024
අම්බලන්තොට අලුත් වී ප්‍රභේදය අස්වැන්නෙන් කප් ගහයි අම්බන්තොට වී පර්යේෂණායතනය විසින් හඳුන්වා දුන් AT 378 නව වී ප්‍රභේදය ඉහලම අස්වැන්න වාර්තා කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 22 August 2024
එස්.බී නාවින්නගේ සහාය ජනපතිට ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතරින් මෙරට අනාගතය බාර ගැනීමට සුදුසුම අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව හිටපු අමාත්‍ය එස්. බී නාවින්න මහතා ජනපතිට සහය දීමට ඉදිරිපත් වෙමින් පැවසීය. 22 August 2024
රෝහල් සාත්තු සේවිකාව ගෙල සිරකර මරාදාලා ශාන්ති කර්මයක් සිදු කිරීමට ඇති බව පවසා ආගරපතන රෝහලේ සාත්තු සේවිකාවක කැලෑවකට රැගෙන ගොස් ගෙල සිරකර ඝාතනය කර වළදැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. 22 August 2024
වැස්ස අඩුවන ලකුණු පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 August 2024
පක්ෂ තුනක ලොක්කෝ රනිල් සොයා එති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීම සඳහා සමගි ජනබලවේගයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක වික්ටර් ස්ටැන්ලි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්රචාරක ලේකම් යූ. එල්. එම්. එන්. මුබීන් සහ ශ්‍රී ටෙලෝ සංවිධානයේ නායක පරරාජසිංහම් උදයරාසා යන මහත්වරු එක් වූහ. 22 August 2024
‘‘සැමට සතුටින් ජීවත්විය හැකි රටක් අප ගොඩනඟනවා‘‘ ජාතික ජන බලවේගය රජයක් යටතේ ප්‍රථමයෙන් සියළු ජාතින්ට සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවක් සම්මත කර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක සහ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායන මහතා කීය. 22 August 2024
අධිවේගයේ අනතුරකින් වෛද්‍ය පවුලක් තුවාල ලබයි හම්බන්තොට ,මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුගේ බිරිඳ සහ සහ දරු දෙදෙනා ගමන්ගත් ,සුඛෝ භෝගී මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම අධිවේගී පිවිසුම ආසන්නයේ කිලෝමීටර් 80 දශම 9 කණුව අසලදී අනතුරකට ලක්වීමෙන් ඔවුන් තිදෙනාම තුවාල ලබා ඇතැයි අධිවේගී රථවාහන පොලිසිය කියයි. 21 August 2024
‘‘අප කියන්නේ කරන්න පුළුවන් දේ පමණයි‘‘ අපිට උතුරේ දෙමළ අම්මා තාත්තා, තරුණ තරුණියන් ඡන්ද කාලයේදී රවට්ටලා වැඩක් නැහැ රවට්ටලා පලක් වෙන්නේ නෑ. අපිට පුළුවන් දේ අපිට පුළුවන් කියන්න ඕනේ. බැහැයි කියන දේ බැහැයි කියන්න ඕනේ. දමිළ අම්මේ තාත්තේ සහෝදර සහෝදරවරුනි අපි දමිළ සංස්කෘතිය රකින්නම් අපි භාෂාව රැකලා දෙන්නම්. හැබැයි අපිට උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමත් අපි කරන්නේ නැහැ. ඒ නිසා අපි පුළුවන් දේ පුළුවන් කියන බැහැයි කියන දේ බැහැයි කියනවා යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජප 21 August 2024
තඹුත්ගෙම ආර්ථිකේ එළවලු කිලෝ තිස් දහසක් නරක්වෙලා ගොවීන් තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ එළවළු කිලෝ තිස් දහසකට අධික ප්‍රමාණයක් අද (21) වැස්සට හසුවී නරක්වී ආපසු සිය නිවෙස් වලට රැගෙන ගිය බව තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා පැවසීය. 21 August 2024
කොමියුනිස්ට් පක්ෂයේ සහය දිලිත් ජයවීරට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ‘සර්වජන බලය’ සන්ධානයෙන් තරග කරන දිලිත් ජයවීර මහතාට සම්පූර්ණ සහයෝගය දෙන බවත් ජයවීර මහතා කොමියුනිස්ට් පක්ෂයේ ලකුණ වන ‘තරුව’ ලකුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා අද (21) පැවසීය. 21 August 2024
උඩරට දුම්රිය මඟට ගසක් කඩා වැටෙයි උඩරට දුම්රිය මාර්ගයේ ඉහළකෝට්ටේ හා බලන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (21) පස්වරුවේ විශාල ගසක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා එල්ල වී පවතින බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි. 21 August 2024
තලතාගේ පුටුවට කරූ පරණවිතාන? සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතුකෝරල මහත්මිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන එම මන්ත්‍රී ධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ පරණවිතාන මහතා පත් කිරීමට නියමිතය. 21 August 2024
වඩිවෙල් - මවුලානා ඇමති ධුරවල දිවුරුම් දෙයි සමගි ජන බලවේග මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 21 August 2024
අනුර - ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක් ජනාධිපතිවරණ අපේක්ෂක ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජයන්ත වීරසේකර මාවතේ පිහිටි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභා ප්‍රධාන කාර්යාලයේදී සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ ප්‍රධානීන් අද (21) පෙරවරුවේ හමුවිය. 21 August 2024
වන අලි දෙදෙනෙක් මරා දාලා ආණමඩුව වෙම්බුවැව හා වනාතවිල්ලුව පරණ එළුවන්කුලම යන ප්‍රදේශවල වන අලි දෙදෙනෙකු මරණයට පත්ව සිටියදී සොයා ගත් බව පුත්තලම දිස්ත්‍රික් වනජීවි සහකාර අධ්යක්ෂ එරන්ද ගමගේ මහතා අද (21) පැවසිය. 21 August 2024
‘සත්‍ය සෙවීමේ කොමිසම පනත’ වහා හකුළා ගනු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඇති ”සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත” හෙවත් ”ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පනත් කෙටුම්පත” වහා හකුළා ගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් සර්වජන බලය දේශපාලන එකමුතුව පාර්ලිමේන්තු වටරවුම අසලදී අද (21) විරෝධතාවක් පැවැත්වීය. 21 August 2024
බන්දුලාල් දිවුරුම් දෙයි මනුෂ නානායක්කාර මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසිවීමෙන් පුරප්පාඩු වූ එම ධුරය සඳහා පත් කෙරුණු හිටපු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය. 21 August 2024
පෙරහරින් පසු කසළ ටොන් 200ක් මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පමණක් ටොන් 20 කට අධික ප්‍රමාණයක් බැහැර කළ බවත් ජනතාව කෙතරම් දැනුවත් කලද පරිසරය පිළිබඳව ජනතාව දක්වන උනන්දුව ඉතා කණගාටුදායක බව මහනුවර මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව කියයි . 21 August 2024
අවස්ථාව ගිලිහුනොත් රට ඇෆ්ගනිස්ථානයක් වෙනවා රනිල් වික්‍රමසිංහගෙන් පාලනය ගිලිහී ගියහොත් ලංකාව අනිවාර්යයෙන්ම යළි ගොඩ ගන්නට බැරි ඇෆ්ඝනිස්තානයක් බවට පත්වන බව ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසීය. 21 August 2024
ජයන්ත ද සිල්වා සමුගනී හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහ ප්‍රඥා ප්‍රදීප සංකල්පයේ නිර්මාතෘ ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී ඇත 21 August 2024
විදුලි ඇමති මාලිමාව විවාදයට කැඳවයි බලශක්තිය, විදුලි බිල, ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්තිය පිළිබඳ ඕනම විවාදයකට සූදානම් බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 21 August 2024
ගැබිනිය මිය ගියයැයි දොස්තර ඇතුළු 4ක් ගෙදර දරුවකු ප්‍රසූත කිරීම සඳහා මන්නාරම, රෝහල වෙත ඇතුළත් කළ මවක් හදිසියේ මියයාම පිළිබඳ සිද්ධියට අදාළව වෛද්‍යවරයෙකු, හෙදියකගේ සහ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් දෙදෙනකුගේ සේවය අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි මන්නාරම ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 21 August 2024
ටිපරයේ ගැටුණු යතුරුපැදිකරු මරුට නිකවැරටිය නගරයේදී යතුරුපැදියක් හා ටිපර් රථයක් ගැටී සිදු වූ අනතුරින් යතුරුපැදිකරු මරණයට පත්ව , පසුපස අසුනේ සිටි පුත්‍රයා වන පාසැල් සිසුවා තුවාල ලබා ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි . 21 August 2024
ඡන්දෙට කෝටි 40 වියදම් කරන අපේක්ෂකයන් ඉන්නවා ඡන්දෙට කෝටි 40 වියදම් කරලා මෙතනට එන මන්ත්‍රීවරුන් සිටින බව පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. 21 August 2024
නීති විරෝධිව රැගෙන ආ පිඹුරන් සමඟ තිදෙනෙක් අල්ලයි ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස රැගෙන විත් , විකිණීම සදහා වත්තල ප්‍රදේශයේ සුරතල් සතුන් අලෙවි මධ්‍යස්ථානයක උඩු මහළේ සගවා ගෙන සිටි විදේශීය පිඹුරන් සිව් දෙනෙකු සහ ශ්‍රී ලංකාවේ ගැට කිඹුලෙකු සමඟ එම අලෙවි සැළේ හිමිකරු සහ එහි සේවකයින් දෙදෙනෙකු ද වත්තල පොලිසිය මගින් අද(21) අත් අඩංගුවට ගෙන තිබේ . 21 August 2024
බාල වයස්කාර දැරියන් රවටා අපයෝජනය කරලා මිහින්තලය පන්සල සහ කටු සෑය වැඳ පුදා ගෙන මිහින්තලේ බස් නැවතුම්පලේ රැඳී සිටි කහටගස්දිගිලිය ප්‍රදේශයේ පාසලක 8 වැනි වසරේ සිසුවියන් දෙදෙනකු රවටා වෑන් රථයකින් රැගෙන ගොස්, එක් සිසුවියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කර අනෙක් සිසුවිය අපහරණය කර අතවරයට ලක් කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි. 21 August 2024
වැස්සෙන් ප්‍රදේශ රැසකට බාධා මේ දිනවල පවතින අධික වැසි සමඟ බොහෝ පළාත්වල පහත් බිම් ජලයෙන් යටවී තිබෙනු දැකිය හැකිය. 21 August 2024
කොටි වළ දැමු රන් සෙව් අයෙක් අල්ලයි එල්.ටි.ටි.ඊ සංවිධානය යුද සමයේ වළ දමා ඇතැයි කියන රත්තරන් සහ මුදල් සෙව් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ඕමන්ත පොලිසිය පවසයි. 21 August 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025