මහ වැස්සෙන් පුත්තලමත් යටවේ පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි. 08 November 2024
මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් සහ අදාළ අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 08 November 2024
බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම් බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට්ටමද ඉතා සීග්‍රයෙන් ඉහළ ගොස් සුමනතිස්සගම කයිලගොඩ ,බදුලුපිටිය හංවැල්ල දෙයියන්නේවෙල ප්‍රදේශවල නිවාස රැසක් ජලයෙන් යටවූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි. 08 November 2024
පාසල් උපකරණ මිලදී ගන්න ලබන වසරේ දීමනාවක් පාසල් උපකරණ මිලදී ගත නොහැකි දරුවන්ට ලබන වසරේ ජනවාරි අගදී ඒවා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (8) කෑගල්ලේ දී පැවසීය. 08 November 2024
සමාජ මාධ්‍යවල අධ්‍යාපනයට අමාත්‍යංශයෙන් සීමා කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදානය යොමු කරමින් සන්නිවේදන යෙදවුම් භාවිතයේදී සියලුම ගුරුවරුන් ඇතුළු පාර්ශවයන් වෙත සීමා පනවමින් අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 08 November 2024
කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගම් හිමිකරු - බිරිඳ රිමාන්ඩ් රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’ නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්යක්ෂවරයා සහ ඔහුගේ බිරිඳ ලබන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08) නියෝග කළේය. 08 November 2024
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් දෙන්න තාබුගලට නියෝග මුදල් විසුද්ධීකරණය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරන විමර්ශනයන්ට සහය ලබා දී,නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගල මහතාට කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (08) නියෝග කළාය. 08 November 2024
අකුරණ ජලයෙන් යට වෙයි මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද 08 වනදා පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ් 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යට ව තිබිණ. 08 November 2024
මහ ඡන්දෙට දින දෙකක් පාසල් වහයි මෙම 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින සියලු පාසල්වල නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 08 November 2024
දිස්ත්‍රික්ක 6කට නාය යෑමේ අනතුරු ඇඟවීම් අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ. 08 November 2024
කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රිමාන්ඩ් කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 22 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය අතිරේක දිසාවිනිසුරු දිනිදු සමරසිංහ මහතා අද නියෝග කළේය. 08 November 2024
ජපුර විද්‍යාර්ථීන්ට මැතිසබෙන් පාඩමක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (04) වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. 08 November 2024
ආර්.එම්.වී ප්‍රධාන කාර්යාලය දෙදිනක් වහයි නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා මේ මස 13 සහ 14 දෙදින වසා තබන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය. 08 November 2024
අල්ලස් ගත් විදුහල්පතිවරිය රිමාන්ඩ් 2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08)නියෝග කළේය. 08 November 2024
13-14 බස්නාහිර ආදායම් බලපත් නිකුත් නොකරයි මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි. 08 November 2024
කිතුල් පොලු පහරින් අයෙක් මරුට කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි. 08 November 2024
දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු අත්අඩංගුවටගත් බව සිලාවතුර පොලිසිය කියයි. 08 November 2024
කෝටි 39ක විදෙස් දුම්වැටි විනාශ කරයි නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 39 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි තොගයක් කෙරවලපිටිය වෙස්ටර්න් පවර් හි කසළ අංගනයේදී රේගු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඉකුත් දා විනාශ කරනු ලැබීය. 08 November 2024
ඇමෙරිකන් මාණ්ඩලික ප්‍රධානියා ලෙස කාන්තාවක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඇමෙරිකාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය පළමු වරට කාන්තාවකට හිමිවෙයි. ට්‍රම්ප් පරිපාලනය යටතේ නව මාණ්ඩලික ප්‍රධානියා වන්නේ, 67 හැවිරිදි සූසි විලේස්ය. 08 November 2024
විදුහල්පතිනිය අල්ලස් දැලේ රාගම ප්‍රාථමික විදුහලක විදුහල්පතිනියක් රුපියල් 1,50,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි 08 November 2024
පසුගිය වසරේ මහේදී වී කිලෝ මිලියන 2,696 ක් නිපදවලා මෙරට ඉකුත් වර්ෂයේ (2023) මහ කන්නයේ දි වී කිලෝග්රැම් මිලියන 2,696ක් නිෂ්පාදනය කොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ. 08 November 2024
ඌව පාසල් කිහිපයකට අද සිට නිවාඩු 2024 පාර්ලිමේන්තු මැතිවරණය රාජකාරි සදහා යොදා ගන්නා බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද (8) සිට නිවාඩු ලබා දුන් බවත් , ඌව පලාතේ ජන්ද මධ්‍යස්ථාන සදහා යොදා ගන්නා සෙසු පාසල් සියල්ල සදහා 13 වන බදාදා දින සිට නිවාඩු ලබා දෙන බව ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් මහතා පවසයි . 08 November 2024
ගුවන් තෙටේදී රන් පෙන්ඩන්ට් ඉස්සු කත මාට්ටු ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන ආ රුපියල් විසි හත් ලක්ෂ තිස් දහසක් වටිනා රත්තරන් පෙන්ඩන්ට් 04 ක් , කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගෙන ගිය තවත් ව්‍යාපාරික කාන්තාවක් ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ . 08 November 2024
’’ලබන අවුරුද්දේ හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන්’’ 2025 අවුරුද්දේදී රටට හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ගාල්ලේදී පැවසීය 08 November 2024
ගිනි අවි රැගෙන පෙම්වතිය පැහැර ගන්න ඇවිත් වලස්මුල්ල පොලිස් වසමට අයත් වත්තහේන්ගොඩ ප්‍රදේශයේ ලදු කැලෑවක ගිණිඅවි සහ උල්පිහි රැගෙන සැගවී සිටි 22 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගත් බව වලස්මුල්ල පොලිසිය පැවසීය . 08 November 2024
තැපැල් ජන්දයේ අවසන් දවස අද 2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා ලබා දී ඇති අවසන් අවස්ථාව අදින් (8) අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 08 November 2024
සාදයට පැමිණි පිරිස හිස් අතින්ම යයි ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකු හබරාදුව ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (07)රාත්‍රි සංවිධානය කර තිබු දේශපාලන සාදයක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කි රිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් ගොස් නතර කිරිමට පියවර ලදි. 08 November 2024
කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගම් හිමිකරු අල්ලයි කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම සමාගමේ හිමිකරු සහ එම මූල්‍ය සමාගමේ අධ්යක්ෂවරියක ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳ අද අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කියයි. 08 November 2024
තැනින් තැනට අදත් තරමක තද වැසි උතුරු සහ උතුරු - මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 08 November 2024
පුටින් - ට්‍රම්ප්ට සුබ පතයි: සාකච්ඡා කරන්නත් කැමතියි ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’ යැයි රුසියන් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. 08 November 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026