සමසෞඛ්‍ය උපාධිධාරීහු කොළඹ විරෝධතාවයේ සම සෞඛ්‍ය උපාධිධාරින් වහාම රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙස බලකරමින් සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන්ගේ එකමුතුව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අද (22) පස්වරුවේ විරෝධතාවක් පැවැත්විය. 22 August 2024
නන්දලාල් ලොව හොඳම මහ බැංකු අධිපතිවරුන් අතරට ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම ලැබූ මහ බැංකු අධිපතිවරුන් අතරට තේරී පත්වීමට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමත්ව ඇත. 22 August 2024
මල් වෙළෙන්දාට පිහියෙන් ඇනලා අනුරාධපුර රථ ගාලකදී මල් වෙලදාමේ නිරත 33 හැවිරිදි පුද්ගලයෙකුට පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකළ මල් වෙලෙන්දෙකු අද (22) දින අත්අඩංගුවට ගත්බව උඩමළුව පොලිසිය කියයි. 22 August 2024
මාළු පෙට්ටියෙන් කේරළ ගංජා මතුවෙයි මූලතිව් සහ මන්නාරමෙන් මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් අධි ශීතකරන සවි කරන ලද ලොරියකින් මාළු රහිත සෘජුපෝම් පෙට්ටියක් තුළ සඟවා රුපියල් ලක්ෂ 32 කට ආසන්න වටිනා කේරල ගංජා තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ මෝදර රජමල් වත්ත මාතෘ නිවාසය අසලදී අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 22 August 2024
අයි.එම්.එෆ් ගිවිසුම යළි සාකච්ඡා කළොත් ආර්ථිකය වැටෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇතිකරගෙන තිබෙන ගිවිසුම සම්බන්ධව නැවත සාකච්ඡා කිරීමට සූදානම් බව ඇතැම් ජනාධිපති අපේක්ෂකයන් වේදිකාවල පැවසුවද එවැන්නක් සිදු කිරීමට යාමෙන් වන්නේ රටට ලැබීමට තිබෙන මුදල් අහිමිව නැවත රටේ ආර්ථිකය කඩා වැටීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 22 August 2024
හබරණ තුන් නිවුන් දරුවන්ට නව නිවහනක් හබරණ පුවක්පිටිය ප්‍රදේශයේ ගහක පැලක් මතක් දිවි ගෙවූ තුන් නිවුන් දරුවන් බිහිකළ මවට නව නිවසක් තනා භාර දීම අද (23 ) සිදු කෙරිණි. 22 August 2024
වරාය-ගුවන්තොටුපොළ බදු නියෝග පාර්ලිමේන්තුවට වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනතේ විධිවිධාන පරිදි නිකුත් කරනු ලැබ ඇති නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 22 August 2024
පොලිස් අණට අකීකරු වූ ට්‍රැක්ටරයට වෙඩි ඉරණමඩු ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පොලිස් අණ නොතකා ධාවනය කිරීමේදී වෙඩි තබා ට්රැක්ටරය නවත්වා රියැදුරු ඇතුළු දෙදෙනකු ඊයේ (21) අත්අඩංගුවට ගත් බව රාමනාදපුරම් පොලිසිය පවසයි. 22 August 2024
රියදුරුගේ දස්කමින් 75කගේ දිවි බේරෙයි බදුල්ල ලංගම ඩිපෝවේ බසයක් ස්ප්‍රීන්වැලි මාර්යේ ධාවනය වෙමින් තිබියදි පිටුපස රෝදයක් ගැලවී විසිවී යාමෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් නූලෙන් වළක්වා ගැනීමට රියදුරා සමත්ව ඇතැයි පොලීසිය කියයි. 22 August 2024
පුංචි ඡන්දේ ඉක්මන් කරන්නැයි නියෝගයක් පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන්නැයි මැතිවරණ කොමිසමට නියම කළේය. 22 August 2024
කෘත්‍රිම බුද්ධි ශිෂ්‍ය සමාජ පාසල් සීයකට ’’කෘත්‍රිම බුද්ධිය ආශ්රිත ශිෂ්‍ය සමාජ ’’ අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 August 2024
ළමා නිවාසයෙන් අතුරුදන්වූ සිව්දෙනා අලව්වෙන් හමුවෙයි වැල්ලවාය ඇල්ල ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයකින් පසුගියදා අතුරුදන් වූ පිරිමි ළමයි සිව්දෙනා අලව්ව ප්‍රදේශයේ එක් ළමයෙකුගේ නිවසක සිටියදී අද(22) උදෑසන අලව්ව පොලීසිය භාරයටගෙන ඇත. 22 August 2024
කටුපොත වැව වාන් දමයි ආරච්චිකට්ටුව විජයකටුපත මහා වැව මේ වසරේදී තුන්වැනි වරටත් යළි වාන්දමා තිබේ. 22 August 2024
වැස්සෙන් පුත්තලමේ පවුල් 2,418ක් පීඩාවට මහ වැසි තත්වය ක්‍රමයෙන් අඩුව ගියද කඩින් කඩ ඇතිවන වැසි හේතුවෙන් ඇතිවු ගංවතුර තත්වයෙන් ජනතාව පිඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ ඒකකයෙ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය පවසයි. 22 August 2024
නොමැති සේවකයෙක්ට පඩිගෙවු වතු ලිපිකරුවා අත්අඩංගුවට කළුතර නෑබඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ වැවිලි සමාගමකට අයත් රාජ්‍ය වතුයායක සේවය නොකරන සේවකයෙකුගේ නමට මාස ගණනක් තිස්සේ රුපියල් හය ලක්ෂයකට ආසන්න මුදලක් වැටුප් ලෙස ගෙවූ ලිපිකරුවෙකු අත්අඩංගුවට ගත් බව වරකාගොඩ පොලීසිය පවසයි. 22 August 2024
ඡන්ද පනත් දෙකක විපරමට අලුත් මන්ත්‍රීවරු “පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) අනුව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් 08 දෙනෙකු අතිරේක සාමාජික මන්ත්‍රීවරැන් වශයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නම් කරනු ලැබ අැත 22 August 2024
රටවල් 35කට ලංකා වීසා නොමිලේ ගාස්තු රහිතව සංචාරක වීසා නිකුත් කිරීම පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 August 2024
තේ පෝර මිටියට සහනයක් තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා තේ වගා කරුවන්ට කිලෝග්‍රෑම් 50 රසායනික පොහොර මිටියක් රුපියල් 4,000 ක සහනයක් සහිතව තේ වගා කරුවන්ට දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 August 2024
මිනින්දෝරු සහයක-විදුලි සේවක ඇතුළු 5ක් මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු ග්‍රෑන්ඩ්පාස් සහ මට්ටක්කුලිය පොලිස් වසම් වල සිදුකළ වැටලීම් පහකින් රුපියල් ලක්ෂ 18 ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය සමඟ මිනින්දෝරු සහායකයෙකු ,විදුලිබල මණ්ඩල සේවකයකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 22 August 2024
මහේ ගොවීන්ට පෝර සහනාධාරය දෙන්න කැබිනට් අනුමැතිය මහ කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වී සහ වෙනත් බෝග වගා කරන ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 August 2024
ජනපති අපේක්ෂකයන්ගේ වත්කම් රටටම පෙන්නයි ජනාධිපති ධූර අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සිය නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇත. 22 August 2024
ළමා නිවාසයක හතරක් අතුරුදන් වැල්ලවාය පොලිස් වසමේ ඇල්ලපාර ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයකින් ළමයින් හතරදෙනෙකු අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි. 22 August 2024
අම්බලන්තොට අලුත් වී ප්‍රභේදය අස්වැන්නෙන් කප් ගහයි අම්බන්තොට වී පර්යේෂණායතනය විසින් හඳුන්වා දුන් AT 378 නව වී ප්‍රභේදය ඉහලම අස්වැන්න වාර්තා කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 22 August 2024
එස්.බී නාවින්නගේ සහාය ජනපතිට ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතරින් මෙරට අනාගතය බාර ගැනීමට සුදුසුම අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව හිටපු අමාත්‍ය එස්. බී නාවින්න මහතා ජනපතිට සහය දීමට ඉදිරිපත් වෙමින් පැවසීය. 22 August 2024
රෝහල් සාත්තු සේවිකාව ගෙල සිරකර මරාදාලා ශාන්ති කර්මයක් සිදු කිරීමට ඇති බව පවසා ආගරපතන රෝහලේ සාත්තු සේවිකාවක කැලෑවකට රැගෙන ගොස් ගෙල සිරකර ඝාතනය කර වළදැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. 22 August 2024
වැස්ස අඩුවන ලකුණු පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 August 2024
පක්ෂ තුනක ලොක්කෝ රනිල් සොයා එති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීම සඳහා සමගි ජනබලවේගයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක වික්ටර් ස්ටැන්ලි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්රචාරක ලේකම් යූ. එල්. එම්. එන්. මුබීන් සහ ශ්‍රී ටෙලෝ සංවිධානයේ නායක පරරාජසිංහම් උදයරාසා යන මහත්වරු එක් වූහ. 22 August 2024
‘‘සැමට සතුටින් ජීවත්විය හැකි රටක් අප ගොඩනඟනවා‘‘ ජාතික ජන බලවේගය රජයක් යටතේ ප්‍රථමයෙන් සියළු ජාතින්ට සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවක් සම්මත කර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක සහ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායන මහතා කීය. 22 August 2024
අධිවේගයේ අනතුරකින් වෛද්‍ය පවුලක් තුවාල ලබයි හම්බන්තොට ,මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුගේ බිරිඳ සහ සහ දරු දෙදෙනා ගමන්ගත් ,සුඛෝ භෝගී මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම අධිවේගී පිවිසුම ආසන්නයේ කිලෝමීටර් 80 දශම 9 කණුව අසලදී අනතුරකට ලක්වීමෙන් ඔවුන් තිදෙනාම තුවාල ලබා ඇතැයි අධිවේගී රථවාහන පොලිසිය කියයි. 21 August 2024
‘‘අප කියන්නේ කරන්න පුළුවන් දේ පමණයි‘‘ අපිට උතුරේ දෙමළ අම්මා තාත්තා, තරුණ තරුණියන් ඡන්ද කාලයේදී රවට්ටලා වැඩක් නැහැ රවට්ටලා පලක් වෙන්නේ නෑ. අපිට පුළුවන් දේ අපිට පුළුවන් කියන්න ඕනේ. බැහැයි කියන දේ බැහැයි කියන්න ඕනේ. දමිළ අම්මේ තාත්තේ සහෝදර සහෝදරවරුනි අපි දමිළ සංස්කෘතිය රකින්නම් අපි භාෂාව රැකලා දෙන්නම්. හැබැයි අපිට උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමත් අපි කරන්නේ නැහැ. ඒ නිසා අපි පුළුවන් දේ පුළුවන් කියන බැහැයි කියන දේ බැහැයි කියනවා යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජප 21 August 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025