සෙංකඩගලින් සැකසහිත ජිප් රියක්- ඩිපෙන්ඩරයක් මහනුවර පල්ලෙකැලේ සහ උඩුදුම්බර පොලිස් වසම්වල දී තවත් සැක සහිත ජීප් රථයක් සහ ඩිෆෙන්ඩරයක් සොයාගෙන ඇති බව පොලීසිය කියයි. 10 November 2024
රැඳවියන්ට ‘අයිස්‘ගෙනා නියාමක මාට්ටු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන්ට අලෙවි කිරීම සඳහා අයිස් මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි නියාමක වරයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. 10 November 2024
නෙඵම් කුළුණේ පාටියක් අතර ආරක්ෂකයාට වෙඩි තියලා නෙළුම් කුළුණ පරිශ්‍රය පැවති සංගීත ප්‍රසංගයකදී එහි සිටි ආරක්ෂක නිලධාරියෙකුට නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇතැයි මරදාන පොලිසිය පවසයි. 10 November 2024
පිටරට ගිණුම්වලින් මුදල් අදින කණ්ඩායක් මාට්ටු වැල්ලවත්ත හැව්ලොක් පාරේ සුපිරි නිවාස සංකීර්ණයක රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමේ යෙදී සිටි සංවිධානාත්මක කණ්ඩායමකට අයත් පුද්ගලයන් 58 දෙනකු අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 10 November 2024
උතුරු සහ උතුරු - මැදට පොඩි වැස්සක් උතුරු සහ උතුරු - මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි. 10 November 2024
සේවා කොන්දේසි කැඩු ලාංකිකයා ඊශ්‍රායල ගුවන්තොටෙන් පනී සේවා කොන්දේසි කඩකළ සහ සේවයේ නියුතු අන් අයට බලපෑම් කළ ශ්‍රී ලාංකිකයකු පිටුවහල් කිරීමට රැගෙන ගිය අවස්ථාවේදී ඊශ්‍රායල ටෙල් අවිව් ගුවන් තොටුපොළෙන් පැන ගොස් ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පසුගියදා ප්‍රකාශ කළේය 09 November 2024
සූර්වී තුනක් හැප්පු බුද්ධි සේවා කොස්තාපල් අල්ලයි බීමතින් යතුරුපැදියක් පදවා බණ්ඩාරගම, බොල බොටුව ප්‍රදේශයේදී පදිකයන් තිදෙනකු හප්පා තුවාල සිදුකළ බව කියන රාජ්‍ය බුද්ධි සේවා මූලස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි. 09 November 2024
ට්‍රම්ප් ඝාතන සැලැස්මට ෆර්හාද් ශකේරිට ඇමෙරිකා අධිකරණයෙන් චෝදනා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණයට පෙර ඝාතනය කිරීමට සැලසුම් යැයි චෝදනා එල්ල වී තිබෙන 51 හැවිරිදි ඉරාන ජාතික ෆර්හාද් ශකේරි මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයන් වෙඩි තබා සමූහ වශයෙන් ඝාතනය කිරීමේ සැලසුමකටද හවුල් බව ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව අද(09) ප්‍රකාශ කළේය. 09 November 2024
අපේ සටන පටන් ගන්නේ 14 වැනිදායින් පසුව අපේ සටන පටන් ගන්නේ නොවැම්බර් 14 වැනිදායින් පසුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සියලු මැතිවරණ කොට්ඨාස එකවර අමතමින් අද(9) පැවසීය. 09 November 2024
නව ආරක්ෂක ලේකම් දීඝවාපීය වැද පුදා ගනී නව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියතා මහතාගේ, රාජකාරි බාරගැනීමෙන් පසු ප්‍රථම දීඝවාපී පුදබිම නිරීක්ෂණ චාරිකාව අද (9) දින සිදුවිය. 09 November 2024
මහනුවර පාසලක ගොඩනැගිල්ලක ආරක්ෂාවට තිබූ පැති බැම්මක් කඩා වැටෙයි මහනුවර බූවැලිකඩ පිහිටි ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ගොඩනැගිල්ලක ආරක්ෂාවට යොදා තිබූ විශාල පැති බැම්මක් ඊට පහළින් පිහිටි තවත් පාසල් ගොඩනැගිල්ලකට කඩා වැටී අනතුරක් සිදුව තිබේ. 09 November 2024
ඇල්පිටිය පුංචි සභාවේ ලොක්කෝ පත් කෙරෙති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සහ උප සභාපතිවරයාගේ නම් මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (8) ප්‍රකාශයට පත්කළේය. 09 November 2024
ලංකාවේ හැම පවුලක්ම ලක්ෂ 48කට ණය කරලා ලංකාවේ සාමාන්‍ය පවුලක් වෙනුවෙන් රජය ලබාගෙන ඇති ණය ප්‍රමාණය මේ වසරේ ජූලි මාසය වනවිට ලක්ෂ 48ක් දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ සහ මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ලංකාදීපයට පැවසීය. 09 November 2024
හොරෙන් රට පනින්න ගිය අයෙකු අත්අඩංගුවට කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මුළා කොට, කූඨ ලෙස සකස් කළ ප්‍රංශ වීසා බලපත්‍රයක් භාවිතා කර ප්‍රංශය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (8) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ . 09 November 2024
මහ ඡන්දෙ ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් 90,000ක් මෙවර මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා සෘජුව හා වක්‍ර වශයෙන් ආරක්ෂක නිලධාරීන් 90,000 ක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 09 November 2024
ඡන්දෙ නිහඬ කාලය සඳුදා සිට මහ මැතිවරණයේ සියළු ප්රචාරක කටයුතු සඳුදා (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. 09 November 2024
දැදුරුඔයේ වාන්දොරටු හයක් විවෘත කරයි පවතින වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටෙන් හයක් අද (09) අළුයම විවෘත කළ බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු ගයාන් වීරසූරිය මහතා පැවසීය. 09 November 2024
පොඩිලැසිගේ සිර මැදිරියේ ජංගම දුරකතනයක් බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින දරුණු ගණයේ අපරාධ කරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසිගේ සිර මැදිරියේ තිබි ජංගම දුරකතනයක් හෑන්ඩ් ප්‍රි එකක්,ඩේටා කේබලයක්,චාජරයක් සහ සිම් කාඩ් පතක් පොලිස් විශේෂ කාරය බලකායේ නිලධාරින් විසින් ඊයේ (08) රාත්‍රි සොයා ගෙන ඇතැයි ගාලු දිසාබාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාරයාලය පවසයි. 09 November 2024
මධ්‍යම,ඌව සහ සබරගමුවට සවස වැසි මධ්‍යම,ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 09 November 2024
‘‘අප කෙරේ අනුකම්පා කර අපට ඡන්දය දෙන්න‘‘ අප කෙරෙහි අනුකම්පා කර ඡන්ද ම ඡන්දය පාවිච්චි කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පාක්ෂිකයන් ගෙන් ඉල්ලා සිටියේය. 09 November 2024
යළි බාර නොදුන් සනත්ගේ බංගලාවේ ලයිට් වතුර කපයි හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට ඔහු මිය යෑමට පෙර රජයෙන් ලබාදී තිබූ බංගලාව වහාම බාර දෙන ලෙස ඒ මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි පෙරේරා මහත්මියට සිහිකැඳවීම් ගණනාවක්ම කර ඇතත් නිවස භාරදීම දිගින් දිගටම පැහැර හරිමින් සිටින බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 09 November 2024
අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යාපනය ප්‍රධාන මාර්ගයේ (ඒ 09) අකුරණ නගරය සහ උකුවෙල මහනුවර මාර්ගය වත්තේගමින් ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා ඇතිව තිබෙන බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්යස්ථානයකයයි. 08 November 2024
“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“ ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා යාපනයේදී අද (08) පැවසීය. 08 November 2024
චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට 2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද රුපියල් 30ක පමණ මූල්‍යමය ප්රදානය භාණ්ඩාගාරය වෙත යොමු කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 08 November 2024
මහ වැස්සෙන් පුත්තලමත් යටවේ පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි. 08 November 2024
මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් සහ අදාළ අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 08 November 2024
බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම් බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට්ටමද ඉතා සීග්‍රයෙන් ඉහළ ගොස් සුමනතිස්සගම කයිලගොඩ ,බදුලුපිටිය හංවැල්ල දෙයියන්නේවෙල ප්‍රදේශවල නිවාස රැසක් ජලයෙන් යටවූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි. 08 November 2024
පාසල් උපකරණ මිලදී ගන්න ලබන වසරේ දීමනාවක් පාසල් උපකරණ මිලදී ගත නොහැකි දරුවන්ට ලබන වසරේ ජනවාරි අගදී ඒවා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (8) කෑගල්ලේ දී පැවසීය. 08 November 2024
සමාජ මාධ්‍යවල අධ්‍යාපනයට අමාත්‍යංශයෙන් සීමා කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදානය යොමු කරමින් සන්නිවේදන යෙදවුම් භාවිතයේදී සියලුම ගුරුවරුන් ඇතුළු පාර්ශවයන් වෙත සීමා පනවමින් අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 08 November 2024
කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගම් හිමිකරු - බිරිඳ රිමාන්ඩ් රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’ නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්යක්ෂවරයා සහ ඔහුගේ බිරිඳ ලබන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08) නියෝග කළේය. 08 November 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026