අත්අඩංගුවට ගත් ගිරානේගම ඕ.අයි.සීට ඇප අනුරාධපුර ගිරානේගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිසකට පොලිස් සිර මැදිරිය තුල සූදු ක්‍රීඩාවේ (බූරු ගැසීමේ) නිරත වීමට අවස්ථාව සලසා දී, සිර මැදිරිය තුළ මත්පැන් පානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගිරානේගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත. 11 November 2024
මියන්මාරයේ සයිබර් කඳවුරුවලට ලාංකිකයන් විකිණීමේ ජාවාරමක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් කණ්ඩායම් වශයෙන් මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යැවීම ක්‍රියාත්මක වෙමින් පවතින බවත් එම කඳවුරුවලට අලුතින් එක්වී ඇති ශ්‍රී ලාංකකියන් සංඛ්‍යාත්මක ඉහළ යාමක් නිරීක්ෂණය වන බවට තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය පවසයි. 11 November 2024
ඡන්ද නීති කැඩූ කොච්චිකඩේ ඕ.අයි.සී අත්අඩංගුවට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ රුව සහ මනාපය අංකය සහිතව ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටර් ඉවත් කළැයි උරණව උප පොලිස් පරීක්ෂකවරයකුට බැන තර්ජනය කළ බව කියන කොච්චිකඩේ පොලිසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්ලුව මහතා පැවසීය. 11 November 2024
බදු නොගෙවූ තාබුගල - හංසමාලි විමර්ශනවල ප්‍රගතිය ඉල්ලයි උපයාගත් ආකාරයේ හෙළිකළ නොහැකි අන්දමේ විශාල වත්කම් ප්‍රමාණයක් සතු යැයි කියන අවුරා ලංකා සමාගමේ සභාපති විරාජ් තාබුගල මහතා හා කෙටි කලකින් රුපියල් කෝටි ගණනක් මුදල් ඉපවූයේ යැයි කියන පියුමි හංසමාලි ගෝමස් නිරූපණ ශිල්පිනිය රජයට ආදායම් බදු නොගෙවා පැහැර හැරිම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා දේශීය ආදායම් කොමසාරිස්වරයාට අද (11) නිකුත් කළේය. 11 November 2024
’’එල් බෝඩ්’’ පාර්ලිමේන්තුවට යැව්වොත් ලොකු අවුලක් ’’එල් බෝඩ්’’පාර්ලිමේන්තුවක් පත් වුව හොත් රටට විශාල අර්බුදයක් ඇතිවීමට නියමිත බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෑස් සිලින්ඩරයෙන් තරඟ වදින නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අවසන් ජනරැළිය අමතමින් මරදානයේදී අද (11) පැවසීය. 11 November 2024
නිතිඥයා කුඩුත් එක්ක මාට්ටු අනුරාධපුර කඩ දොළහ ප්‍රදේශයේදි හෙරොයින් මත්කුඩු ග්රැම් දෙකයි මිලි ග්රැම් තුන්සියක් සමග නීතිඥයෙකු අද (11) දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 11 November 2024
පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක් මහාචාර්ය තිලක් හේවාවසම් මහතා මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පසුගියදා වැඩ භාරගත්තේය. 11 November 2024
’’ජොන්ස්ටන්ගේ වාහනයේ CCTV සුරක්ෂිතව තබන්න’’ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන නීතිවිරෝධී ලෙස එකලස් කළා යැයි චෝදනා එල්ල වී තිබෙන මෝටර් රථය ගරාජ් අංක තහඩුවක් යටතේ ගාල් කර තිබූ හිල්ටන් හෝටලයේ සී.සී.ටීවී දර්ශන සුරක්ෂිතව තබා ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (11) හිල්ටන් හෝටල් කළමනාකාරිත්වයට නියෝගයක් නිකුත් කළාය. 11 November 2024
’’වරායේ පැරැණි ලේකම් කාර්යාලයේ තඹ උස්සලා’’ කොළඹ වරායේ පැරැණි ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ තිබූ භාණ්ඩවල තඹ කොටස් සොරකම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් විමර්ශන ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා වරායේ පොලිසියට අද (11) නියෝග කළේය. 11 November 2024
මහ ඡන්දෙ දා කොටස් වෙළඳපොල පැය 3යි මෙවර මහ මැතිවරණය හේතුවෙන් කොටස් වෙළඳපොලේ කටයුතු මේ මස 14 වෙනිදා පැය තුනකට සීමා කර තිබේ. 11 November 2024
සෝපානයක් කඩාවැටී කොස්තාපල් ඇතුළු 4ක් රෝහලට ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයෙහි ඩී බ්ලොක් පරිශ්‍රයෙහි විදුලි සෝපානයක් කඩාවැටීමෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු සිවුදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි. 11 November 2024
ලොහාන්ගේ ඇප පෙත්සම 19ට කල් යයි මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබී ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්ත මහතා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් ලබන 19 වැනිදා කරුණු දක්වන ලෙස එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින පොලිස්පතිවරයා ඇතුළු පිරිසට අභියාචනාධිකරණය අද (11) නොතිසී නිකුත් කළේය. 11 November 2024
පෙළපාලි ගිය හරීන්ට පොලිසියෙන් පොල්ලක් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් සංවිධානය කළ නීති විරෝධි මැතිවරණ ප්රචාරක කටයුත්තක් නවතා දැමීමමට බදුල්ල මැතිවරණ ආරවුල් නිරාවණය මධ්‍යස්ථානය හා බදුල්ල පොලිසිය අද කටයුතු කළේය. 11 November 2024
රට ගොඩනගන බව සජිත් කියයි බොරු පොරොන්දු දේශපාලනය වෙනුවට ඉදිරි මහමැතිවරණයෙන් පසු යථාර්තවාදී වැඩපිළිවෙලක් සමග රට ගොඩනගන බව සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මහමැතිවරණය වෙනුවෙන් පැවැත්වෙන අවසන් ප්රචාරක රැළි සඳහා එක්වෙමින් අද(11) පැවසීය. 11 November 2024
සුජීවගේ වාහනය අධිකරණයට ඉදිරිපත් කරන්න කියයි සුජීව සේනසිංහ මහතාට අයත් රුපියල් කෝටි 10ක් වටිනා ප්‍රශ්නගත V8 සුඛෝපභෝගී මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (11) නියෝග කළේය. 11 November 2024
මෙදා ඡන්දෙට සුළඟිල්ලට විවේකයක් මෙවර මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී වම් අතෙහි දබරැගිල්ලේ තීන්ත ආලේපනය කිරීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් සමන් රත්නායක මහතා පැවසීය. 11 November 2024
මහ ඡන්දයේ පැමිණිලිවල වැඩිවීමක් මහ මැතිවරණට අදාලව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2580ක් දක්වා වැඩි වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 11 November 2024
තවලම ධම්මික හිමිට ආශිර්වාද පතා සෙත් පිරිත් දේශනාවක් ධර්මකීර්ති ශ්‍රී භාෂාන්තර විශාරද ගෞරව නාමයෙන් සහ ස්විස්ටර්ලන්තයේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබන තවලම ධම්මික හිමියන් වෙත ආශිර්වාදය පළ කිරිමේ සෙත් පිරිත් දේශනාවක් කොළඹ නව කෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝනාක උපාධ්‍යාය ආචාර්ය අතිපූජ්‍ය දිවියාගහ යසස්සී නායක හිමියන්ගේ අනුශාසනා පරිදි 2024 නොවැම්බර් 23 දින පස්වරු 5 ට ගල්කිස්ස වටරප්පල පාරේ බෞද්ධ ආයතනයේ දී පැවැත්වේ. 11 November 2024
ලග්ගල මැණික් ව්‍යාපාරිකයෙකුගේ කෝටි 7ක් කොල්ල කාලා ලග්ගල දේවාලදෙණිය ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වු නාදුනන පස් දෙනෙකු කෝටිපති ව්‍යාපාරිකයා බිරිඳ සහ ව්‍යාපාරිකයාගේ පියාගේ දෑත් දෙපා ගැටගසා රුපියල් කෝටි හතක් පමණ වටිනා මැණික් ස්වර්ණාභරණ සහ මුදල් මෙන්ම මෝටර් රථයක් පැහැරගෙන ගොස් ඇතැයි ලග්ගල පොලිසිය කියයි. 11 November 2024
ගාලු මුවදොරේ වාහනයට හිරිහැරේ කොළ පැහැති ඇඳුමකින් සැරසුණු කණ්ඩායමක් කොළඹ ගාලු මුවදොර පිටියේ වාහන ගාල් කිරීම සඳහා හිතුමතේ විවිධ ගාස්තු අය කිරීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත් වෙති. 11 November 2024
දේශබන්දුගේ අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින දෙයි දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත් කිරීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන වර්ෂයේ මාර්තු 24 සහ 25 වැනි දිනයන්හි විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය. 11 November 2024
එක් දරු මව නිවසේදී ඝාතනය කරලා මුන්දලම මහමාඑළිය ප්‍රදේශයෙ එක් දරු මවක් ඝාතනය කර සිරුරු නිවස තුළ තිබියදී සොයා ගත් බව මුන්දලම පොලිසිය කියයි. 11 November 2024
ත්‍රිපෝෂ සමාගම ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු සැලසුමක් හෝ ක්‍රියාමාර්ගයක් නොගන්නා බව මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන සැලසුම් හා සංචාරක අමාත්‍යාංශය පවසයි. 11 November 2024
යකඩ මුඟුරකින් පහරදී අයෙක් මරලා පතල් වැඩපලක සේවය කරන ලද දෙදෙනෙකු අතර ඇතිවු බහින් බස් විමක් දුර දිග ගොස් පුද්ගලයෙකුට යකඩ මුගුරකින් හිසට පහරදි ඝාතනය කර ලද පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව සිරිපාගම පොලිසිය පවසයි. 11 November 2024
කොමිසමෙන් මාධ්‍යටත් කොන්දේසි රැසක් නොවැම්බර් 14 දා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ප්රචාරක කටයුතු තහනම් නිහඬ කාල සීමාව අද (11) මධ්‍යම රාත්‍රි 12.00 න් ආරම්භවන අතර එයින් පසු මැතිවරණයේ ප්රචාරක කටයුතු නොකළ කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි. 11 November 2024
වරදාන වරප්‍රසාද නම්බුනාම දේශපානයේ දී සැළකිල්ලට ගන්නේ නෑ දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අමාත්‍ය තේනුක විදානගමගේ මහතා පැවසීය. 11 November 2024
රියදුරුගෙන් සල්ලි බලෙන් ගත් සැරයන් අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව උණ බට ප්‍රවාහනය කිරීම සහ නියමිත පන්තියට අදාල බලපත්‍රයක් නොමැතිව වාහනයක් ධාවනය කිරීම සම්බන්ධයෙන් නිත්‍යානුකූලව කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 1500 මුදලක් බලෙන් ලබාගත් බව කියන පොලිස් සැරයන් වරයෙකු අත්අඩංගුවට ගත් බව නිකවැරටිය පොලිස් අධිකාරී කාර්යාලය කියයි. 11 November 2024
කෝටිපතියෝ මෙදා ඡන්දෙට පස්ස ගහලා කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ දානපතීන් මැතිවරණ අපේක්ෂකයන්ගේ ඡන්ද වැඩ වලට උදව් කිරීම සියයට 70කින් පමණ පහත බැස ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි. 11 November 2024
පියා පැදවූ රියේ ගැටී දරුවා මරුට පියා පැදවූ ජිප්රථයක ගැටී වයස අවුරුදු තුනක පිරිමි දරුවෙකු මියගොස් ඇතැයි මරදාන පොලිසිය පවසයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ මරදාන දුම්රිය නිවාස හි පදිංචි විහඟ සත්සර නැමැති දරුවකු බව පොලිසිය සඳහන් කරයි. 11 November 2024
ඡන්දෙ නිහඬ කාලය අද ඉඳන් මහ මැතිවරණයේ සියළු ප්රචාරක කටයුතු අද ( 11 ) සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. 11 November 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026