ප්‍රතිපත්තිය ගැන කියන්න අපේක්ෂකයන්ට ගුවනින් කාලය ජනාධිපති අපේක්ෂකයන්ට සිය ප්‍රතිපත්තිය රජයේ ගුවන් විදුලියෙන් සහ රූපවාහිනියෙන් ඉදිරිපත් කිරීම සඳහා ලබන 6 වෙනිදා සිට අවස්ථාව උදාවෙයි. 24 August 2024
පා පැදියෙන් රටවටා ගිය දියණිය පාපැදියෙන් රට වටා කිලෝ මීටර් 1400 ක පමණවූ දිගු ගමනක යෙදුණු දිරිය දියණිය දිවුලපිටිය මාබොදලේ පදිංචි ප්රතිනි සමරදිවාකර සිය සංචාරයේ දොළොස් වන දවස අවසානයේ ඊයේ 23 සන්ධ්‍යාවේ මීගමුව වෙරළ තීරයෙ තම ගමන ආරම්භ කළ ස්ථානයෙන්ම සිය ජයග්‍රාහී සවාරිය කරනු ලැබුවාය . 24 August 2024
තැනින් තැනට සිහින් වැස්සක් බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව කියයි. 24 August 2024
එදා පැන ගිය අය අද සුදුසුද? ඉන්ධන,ගෑස්,ආහාර නොමැතිව එදා ජනතාව වින්ද දුක දැක දැකත් අනුකම්පා නොකර පැන ගිය සජිත්- අනුර රට ඉදිරියට ගෙන යාමට සුදුසුදැයි රටේ ජනතාව තීරණය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරාවුර් සහ අක්කරපත්තු සහ පොතුවිල් ජන රැලි අමතමින් පැවසීය. 24 August 2024
හෘදයා බාදයෙන් බස් රියැදුරු රියදුරු අසුනෙම මිය යයි අම්පාර සිට කොළඹ බලා 23 වැනි දින රාත්‍රී ගමන් ගත් ලංගම බස් රථයක රියදුරකු රාත්‍රී 8.15 ට පමණ හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වි ඇති අතර, බස් රථය මාර්ගයෙන් ඉවතට පැන නතරවි ඇති බව ඉගිණියාගල පොලිසිය පවසයි. 24 August 2024
මාධ්‍යවේදී චමුදිත ඝාතන සැලැස්මක්? මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඝාතනය කිරිමට ඩුබායි හි සිටන මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සාකච්ඡා පවත්වා ඇති බවට විශ්වාසදායක අන්දමින් තමන්ට දැනගැනීමට ලැබුණු බව ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පැමිණිල්ලක් කළ බව පිළියන්දල පොලිසිය කියයි. 24 August 2024
ජනපති අපේක්ෂකයෝ 20ක් ආරක්ෂාව එපා කියති ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් විස්සකට ආසන්න පිරිසක් ආරක්ෂකයන් අවශ්‍ය නැතැයි දැනුම්දී ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ. 23 August 2024
ඡන්ද නිසි කලට පවත්වන්න ඕනෑ බව හිටපු මැකෝ කියයි මරණාධාර සමිතියක හරි පාසලක ආදි ශිෂ්‍ය සංගමයක හරි නැත්නම් වෘත්තිය සමිතියක මොන තත්වයක් යටතේ හරි නිලවරණය, ජන්ද විමසිම කල් දැමීම සාමාජිකයන්ගේ අයිතීන් යටපත් කිරිමක් ඒවා සිදු කරන්න හොද නැහැ.ඒ ආකාරයටම රටේ මැතිවරණ පැවැත්වීමත් නිසි වේලාවට සිදුවිය යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්ප්‍රිය මහතා පවසයි. 23 August 2024
ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවකු අත්අඩංගුවට අතුරුගිරිය ටැටූ ආයතනයක් විවෘත කිරීමට ගොස් සිටි ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවකු සහ එම ඝාතනයට අනුබල දුන් තවත් අයෙකු දෙහිවල කවුඩාන ප්‍රදේශයේදී අද (23) දින අත්අඩංගුවට පත්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. 23 August 2024
විජයදාස කාදිනල් හිමි අතර හමුවක් ජනාධිපති අපේක්ෂක ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා බොරැල්ලේ අගරදගුරු නිවසට අද (23) පස්වරුවේ පැමිණ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් බැහැදැක්කේය. 23 August 2024
රතඹලාඔය පිටාර ගැලීමෙන් කුඹුර අක්කර 300ක් විනාශයි රතඹලාඔය පිටාර ගැලිමේන් අස්වැන්න නෙළිමට ආසන්න අක්කර 300 කට ආසන්න කුඹුරු යාය සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව ගොවිහු පවසති. 23 August 2024
දේශපාලන අරමුණු ඉටුකර ගන්න රට විරුවන් බිල්ලට අරන් විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් සූරා ගෙන පෞද්ගලික දේශපාලන අරමුණු ‘ජයගන්න’ ව්‍යාපෘති රැසක් ලංකාවේ ක්‍රියාත්මක යැයි සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 23 August 2024
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයක් කැඳවයි එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඉරිදා (25) පස්වරු 2ට පැවැත්වේ. 23 August 2024
තලතාගේ මන්ත්‍රී ධුරය හිස් වූ බව මැතිවරණ කොමිසමට දන්වයි සමග ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතුකෝරල මහත්මිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (23) බාර දුන්නාය. 23 August 2024
කෝටි 21 ක හෂීෂ් ඉතාලියෙන් එවලා ඉතාලියේ සිට කොලඹ පිහිටි භාන්ඩ නිශ්කාශන ආයතනයක් හරහා එවන ලද තෑගි පාර්සලයක තිබී හෂීෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30 ක් අත්අඩංගුවට ගැනීමට රේගු ආදායම් අධීක්ශන ඒකකය සමත් වූ බව රේගු අතිරේක අධ්යක්ෂ ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 23 August 2024
නේපාල අනතුරින් 14 මරුට නේපාලයේ පොඛාරා නගරයේ සිට කත්මණ්ඩු බලා ධාවනය වූ බස් රථයක් එරට මාස්යන්ග්දි ගංගාවට වැටීමෙන් සිදුවූ අනතුරකින් 14 දෙනකු මියගොස් තවත් 17 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 23 August 2024
යාවත්කාලීන නොකළ රියදුරු බලපත් අවලංගු කතාව බොරු යාවත්කාලීන නොකළ සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කර ඇති බවට පළවන ප්‍රචාර මුළුමනින්ම අසත්‍යය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා පැවසීය . 23 August 2024
ජනතාවාදී රජයක් බිහි කරනවා රටේ ජනතාවගේ ප්‍රශ්නවලට නිසි විසඳුම් ගෙනෙන ජනතාවාදී රජයක් බිහි කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පිළියන්දලදී අද (23) පැවසීය. 23 August 2024
ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙක් අල්ලස් දැලේ සබරගමු මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියකු රුපියල් 60000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 23 August 2024
ජනපති සටන නිරීක්ෂණයට රටවල් දොළහක් ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා රටවල් දොළහක නියෝජිතයන්ට ආරාධනා කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 23 August 2024
රැකියා වෙලාවෙන් පසු බොස්ව ගණන් ගන්න එපා: නව නීති එයි කාර්යාල වේලාවෙන් පසුව සිය සේවා ස්ථානයේ ප්‍රධානීන් සහ සේවාදායකයන් ලබා දෙන දුරකතන ඇමතුම්, කෙටි පණිවුඩ සහ විද්‍යුත් ලිපි නොසළකා හැරීමට සේවකයන්ට අයිතිය ලබා දෙන නව නීති සංශෝධනයක් ඕස්ට්‍රේලියාව සම්මත කර ඇත. 23 August 2024
අගමැති මෝදි යුක්රේනයට එයි රුසියන් යුක්රේන යුද්ධයට මැදිහත් වී, එය අවසන් කිරීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියේය. 23 August 2024
ජල ගාස්තුව සියයට 7කින් අඩු කරයි ගෘහස්ථ කාණ්ඩයේ ජල ගාස්තුව සියයට 7 ක් සමඟ ජල ගාස්තු පහළ දැමීමට ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමාන් මහතා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 23 August 2024
තැපැල් ඡන්දයට වැඩිම පිරිස කුරුණෑගලින් ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය පාවිච්චි කිරීම සඳහා වැඩිම අයදුම්පත් ප්‍රමාණයක් යොමු කර ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 23 August 2024
‘ රා බෝතලයට ඡන්දේ දෙන්නේ නෑ‘ වතුකරයේ ජනතාව රා බෝතලයට වහල් වි ජන්දය ලබාදෙන ජාතියක් නොවන බව ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවසිය. 23 August 2024
පොහොසත් අපෙක්ෂකයා දිලිත් දුප්පත් අපෙක්ෂකයා රනිල් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන්ගෙන් වැඩිම මාසික අදායමක් ලබන අපේක්ෂකයා දිලිත් ජයවීර බවත් අඩුම මාසික අදායමක් ලබන අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවත් ශ්‍රී ලංකා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභා වෙබ් අඩවිය පසුගියදා ප්‍රසිද්ධියට පත්කළ අපේක්ෂකයන්ගේ වත්කම් ප්රකාශනයෙන් අනාවරණය විය. 23 August 2024
මයික් ලින්ච්ගේ සිරුර සොයා ගනී සිසිලි දූපත ආසන්නයේදී පසුගිය සඳුදා දින මුහුදුබත් වූ සුපිරි යාත්‍රාවේ සුන්බුන් අතර තිබී බ්‍රිතාන්‍යයේ තාක්ෂණික ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන 59 හැවිරිදි මයික් ලින්ච්ගේ සිරුර සොයාගත් බව ඉතාලි වෙරළ ආරක්ෂකයන් ප්‍රකාශ කළේය. 23 August 2024
‘‘බුදුන්ගේ මඟ යන අප යුද්ධය විශ්වාස කරන්නේ නෑ‘‘ ඉන්දියාව බුදුරජාණන් වහන්සේගේ උරුමෙයෙන් පැවැත එන රටක් බැවින් බුදුරජාණන් වහන්සේ ඉගැන්වීම පිළිබඳ කතා කරන සෑම අවස්ථාවකදීම සිත් තුළට නැගෙන්නේ යුද්ධය නොව සාමය යැයි පෝලන්ත සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට සිටින ඉන්දීය ප්‍රජාව අමතමින් ප්‍රකාශ කළේය. 23 August 2024
බෝට්ටුව හප්පා පලා ගිය බෝට්ටුකරු අත්අඩංගුවට බෙන්තොට ගඟේ අධිවේගයෙන් සංචාරකයන් දෙදෙනකු රැගෙන ගිය බෝට්ටුවක් කුඩා බෝට්ටුවක හප්පා පලා ගොස් සිටි සැකකාර බෝට්ටුකරු බෙන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව කියයි. 23 August 2024
නවයේ දැරිය අපයෝජනය කළ සංගීත ගුරා සොයයි මධ්‍යම කදවුර පොලිස් වසමට අයත් 26 ජනපදයේ වයස අවුරුදු නවයක බාලවයස්කාර දැරියකට ලිංගික අතවරකර පලාගොස් සැඟව සිටින පෞද්ගලික පන්ති පවත්වන සංගීත ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීම සදහා මධ්‍යම කඳවුර පොලිසිය විමර්ශන ආරම්භකර තිබේ. 23 August 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025