IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකන් තීරු බදු ගැටලුවට රජය ඉක්මණින් මැදිහත් වෙන්න

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා අපනයනවලට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පනවා ඇති සියයට 44 ක ඉහළ තීරු බද්ද පිළිබඳ අර්බුදය විසඳීමට වහාම පියවර ගන්නා ලෙස ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය රජයේ ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකාව, ඇමෙරිකානු එක්සත් ජනපදයට කරන අපනයන සඳහා සියයට 44 ක තීරු බද්දක් පනවා ඇති බවත් මෙය ඇමෙරිකානු එක්සත් ජනපදය බදු පනවා ඇති රටවල් අතරින් රටකට පනවා ඇති ඉහළම බදු ප්‍රතිශතය අතරින් එකකි.

මෙය මෙරටේ අපනයන තරගකාරිත්වය, රැකියා නියුක්තිය සහ සමස්ත ආර්ථික ස්ථාවරත්වයට බරපතල තර්ජනයක් නිර්මාණය කර අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රධාන අපනයන අංශ කිහිපයක් මත රඳා පවතින ඇඟලුම් සහ රෙදිපිළි, තේ සහ කෘෂිකාර්මික නිෂ්පාදන, රබර් ආශ්‍රිත භාණ්ඩ සහ නැව්ගත කිරීමේ සහ ප්‍රවාහන සේවා යන සියලු අංශවලට එම තීරු බදුවල බලපෑම දැණෙන බවත් ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය කියයි.

බදු නිදහස් නොකළ ඕනෑම නිෂ්පාදන අපනයනයක් ඇමෙරිකානු එක්සත් ජනපද වෙළඳපොලේ අළෙවි කිරීම ශ්‍රී ලංකාවට දුෂ්කර වී ඇති බව කියන එම මණ්ඩලය මෙය ඇඟලුම්වලට වඩා අපනයන විවිධාංගීකරණය කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන් මන්දගාමී කළ හැකි කර්මාන්තවලට සැළකිය යුතු අභියෝගයක් බව ද සදඟන් කරයි.

මෙම තීරු බදු හේතුවෙන් ව්‍යාපාරවලට අනාගතයේදී ඇති විය හැකි බලපෑම් පිළිබඳව එම මණ්ඩලයේ බොහෝ සාමාජිකයින් කනස්සල්ල පළකරන බවත් ශ්‍රී ලංකාවේ කර්මාන්ත නියෝජනය කරන ප්‍රමුඛතම මණ්ඩලය ලෙස මේ සඳහා ගතහැකි විසඳුම් ගවේෂණය කිරීම සඳහා රජය අදාළ බලධාරීන් සහ කොටස්කරුවන් සමඟ සම්බන්ධ වනුඇතැයි විශ්වාස කරන බවත් එම මණ්ඩලය සඳහන් කරයි.

දේශීය කර්මාන්ත අංශයට මෙම අභියෝගය ජය ගැනීමට උපකාර කිරීමේදී කාර්මික වර්ධනයට සහ තිරසාරභාවයට සහාය වන ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටීමේදී රජයේ නායකත්වය මෙම අවස්ථාවේදී අත්‍යවශ්‍ය බව කියන ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය රජයේ උත්සාහයන්ට සහාය වීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට සහ අවශ්‍ය ඕනෑම සහායක් හෝ උපදෙසක් දීමට ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය සූදානම් බව ද වැඩි දුරටත් සඳහන් කරයි. 



අදහස් (4)

ඇමෙරිකන් තීරු බදු ගැටලුවට රජය ඉක්මණින් මැදිහත් වෙන්න

ශාන් Monday, 07 April 2025 04:26 PM

මේ වගේ අතිශයින්ම සංවේදි අවස්ථාවක කර්මාන්තකරුවන් විසඳුම් ඉල්ල ඉල්ල ආණ්ඩුව පස්සේ යන්න වීම අභාග්‍යයට කරුණක්. රජය මුකුත්ම උනේ නෑ වගේ සීටිම ඊට වඩා ඛේදවාචකයක්.

:       6       11

Akila Monday, 07 April 2025 04:56 PM

ට්‍රම්ප් එක්ක සාකච්ඡා කරලා වැඩක් නැහැ වගේ, මිනිහා ඊයෙත් කියුවා ආසියානු, යුරෝපීය රජයන් ගොඩක් ඉල්ලීම් කරනවා.. ඒත් එයාගේ තීරණේ වෙනස් කරන්නේ නැහැ කියලා...

:       2       9

යෝගා Monday, 07 April 2025 06:58 PM

මේ ගොල්ලෝ මුකුත් කරන්නෙත් නෑ, කරගන්නත් බෑ. වැඩිම වුණොත් ගමක් ගමක් ගානේ ට්‍රම්ප්ට බැන බැන යයි.

:       6       7

chandima Monday, 07 April 2025 08:58 PM

අපි තීරු බදු බස්සනකල්, ට්‍රම්ප් තීරු බදු අඩුකරන්නේ නැහැ. රනිල් මුල්‍ය අරමුදල් එකක් ගිවිසුමකට අත්සන් කරලා නිසා බදු අඩු කරන්නත් බැහැ. අන්තෝ ජටා බහි ජටා . වෙනදාට දන්න අඳුනන පත්තර කාරයෝ අල්ලගෙන පඬි කතා පත්තරෙට දානවා . නමුත් රනිල් මෙදා පාර නැට්ට අකුලගෙන ඉන්නේ මොකද ?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site