IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට

( ප්‍රසාද් රුක්මල් )

ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල ගල්පර්වත කඩා වැටී අවහිර වී තිබු උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල  කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද  (8) උදෑසන  යථා තත්ත්වයට පත් කළ බව නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි .

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1007 දරණ සීඝ්‍රගාමී දුම්රිය ඔහිය දුම්රිය ස්ථානය පසුකට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය ට ළඟාවෙමින් තිබියදී ඊයේ (7)රාත්‍රි එක්වරම දුම්රිය මාර්ගයට විශාල ගල්පර්වත කඩා වැටී එම දුම්රිය එන්ජිම ගල්පර්වත අතරේ සිරවී නතර වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව තිබිණි .

මේ නිසාවෙන් බදුල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කල අංක 1046 රාත්‍රි තැපැල් දුම්රිය අද (8) උදෑසන වන තෙක්  හපුතලේ දුම්රිය ස්ථානයේ නවතා  තබා  උදෑසන 5.40 ට කොළඹ කොටුව බලා ධාවනය වූ අතර , ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය මාර්ගයේ ගල්පර්වත තුල සිරවී තිබු කොළඹ කොටුව බදුල්ල අංක 1007 විශේෂ සීඝ්‍රගාමී දුම්රිය උදෑසන  5. 00ට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ගමන් ආරම්භ කළ බවද නාවලපිටිය  දුම්රිය පාලන මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය .

ඔහිය දුම්රිය මාර්ග අංශයේ සේවකයන් දියතලාව යුද හමුදා නිළධාරින් එක්වී දුම්රිය මාර්ගය ට කඩා වැටී තිබු විශාල ගල්පර්වත මහත් වෙහෙසක් දරා ඉවත් කළ බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය .



අදහස් (0)

උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 365 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1010 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site