ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් මැකෝට පැමිණිල්ලක් තෝරාගත් ජනාධිපති අපේක්ෂකයන් 6 දෙනකු පමණක් සහභාගි කරගනිමින් ලබන 7 වැනිදා ප්‍රසිද්ධ විවාදයක් පැවැත්වීමට පැෆරල් සංවිධානය කටයුතු කරමින් සිටින බවට චෝදනා කරමින් ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 20 August 2024
අයිස් ජාවාරම් කළ ආධුනික පී.සී මාට්ටු විදෙස් රටක සිටින කාන්තාවකට අයත් අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළ බව කියන නුවරඑළිය පොලිසියට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසිය පවසයි. 20 August 2024
දිය කැපීමේ මංගල්‍යය මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසානය සනිටුහන් කරමින් සිදු කරන චාරිත්‍රයක් වන දිය කැපීමේ චාරිත්‍රය අද (20) සුභ නැකැතින් ගැටඹේ මහවැලි ගංතොටදී සිදුකෙරුණි . 20 August 2024
අලුත් සන්ධානයේ සභාපති දිනේෂ් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම එක්ව පිහිටුවා ගැනීමට යෝජිත නව සන්ධානයේ සභාපති ධුරය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදීමට තීරණය කර තිබේ. 20 August 2024
තැපැල් ඡන්දයට 712,321 ක් සුදුසුකම් ලබති එළඹෙන ජනාධිපතිවරණයට තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයන් 712,321 ක් සුදුසුක් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය. 20 August 2024
අශෝක ප්‍රියන්තගේ සහයත් රනිල්ට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනපතිවරණයේ දී මහතාට සහාය පළ කරන්නට තීරණය කර තිබේ. 20 August 2024
‘රජයට ලැබිය යුතු සියලු හිඟ බඳු මුදල් අය කරගන්නවා ‘ රජයට ලැබිය යුතු හිග බදු මුදල් සියල්ල ජතික ජන බලවේගය රජයක් යටතේ අයකර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුරයේදි පැවසිය. 20 August 2024
එස්.ඕ.එස්. ළමා ගම්මානයේ විශ්‍රාමික ගුරුවරියගේ සිරුර ඇළක අනුරාධපුර දෙවන පියවර ප්‍රදේශයේ පිහිටි එස්.ඕ.එස්. ළමා ගම්මානයේ ගුරුවරියක ලෙස සේවය කර, විශ්‍රාම ගොස් එහි පාලිකාවක් ලෙස කටයුතු කළ කාන්තාවක් එම ගම්මානය මැදින් දිවෙන කුඩා ඇල මාර්ගයකට ඇද වැටී මියගොස් ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 20 August 2024
රාජ්‍ය පොහොර සමාගම කෝටි 43ක ලාභ උපයයි රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම් දෙක පසුගිය වසරේ වාර්තා ගත ලාභයක් උපයා ඇතැයි එම පොහොර සමාගම් දෙකේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි. 20 August 2024
පොලිස් අණ නොතැකූ යතුරුපැදිකරු ටිපරයේ ගැටී මරුට ජා ඇල වැලිගම්පිටිය මංසන්ධියේදී පොලිස් අණ නොතකා පලා යමින් සිටි යතුරු පැදියක් කොළඹ සිට ජාඇල බලා යමින් සිටි ටිපර් රථයක ගැටි යතුරු පැදිකරු බරපතල තුවාල සහිතව එම ස්ථානයේදීම මියගොස් ඇති බව කදාන පොලිසිය පවසයි. 20 August 2024
තනි අලියා වී ගබඩාවකට පහරදීලා වල් අලියකු කඩා වැදි මහකුඹුක්කඩවල පානියමඩුව ප්‍රදේශයෙ වී ගබඩාවකට පහර දී වී උර රැගෙන ගිය බව හිමිකරුවෝ අද(20) පැවසූහ. 20 August 2024
ගුවන් තොටුපොල සුඛෝපභෝගී බස් සේවාව නතර කරයි කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ ,කොටුව දුම්රිය ස්ථානයට මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ට ඉකුත් දා ආරම්භ කළ සුඛෝපභෝගී බස් රථ සේවාව සිට තාවකාලිකව නවතා දැමීමට පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . 20 August 2024
ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවෝ යළි රිමාන්ඩ් අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින සැකකාරියක ඇතුලු සැකකරුවන් 11දෙනා අද (20) දින අධිකරණය වෙත යළි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස දෙවන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජයබණ්ඩාර මහත්මිය නියෝග කළාය. 20 August 2024
‘ගෑස් සිල්න්ඩරය’ ලකුණෙ කිසිඳු නීතිමය ගැටලුවක් නෑ ජනාධිපතිවරණයට ස්වාධීන අපේජෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද ලකුණ ලෙස ඉදිරිපත් කර ඇති ‘ගෑස් සිල්න්ඩරය’ ලකුණ පිළිබඳව මැතිවරණ කොමිසමට කිසිඳු ගැටලුවක් මතුවී නොමැති බවත් මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා පැවසීය. 20 August 2024
ඉන්දියාවෙන් ගෙන්වූ ඉඟුරු සමඟ අයෙක් දැලේ ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මඟින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබූ අමු ඉඟුරු කිලෝ 519 ග්‍රෑම් 750 සමඟ සැකකරුවකු අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 20 August 2024
නිධන් හැරූ චීවරධාරියා ඇතුළු 7ක් අල්ලයි මොරගොඩ,කලුඑබේ රක්ෂිතයේ නිධන් වස්තු ලබාගැනිමේ අරමුණින් කැනීම් කරමින් සිටි චිවරධාරියෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරගොඩ පොලිසිය කියයි. 20 August 2024
මව් කිරි සිරවී බිලිදිය මරුට යාපනය මුරසවිල් ප්‍රදේශයේ මව් කිරි සිරවීමෙන් මාස තුනහමාරක පමණ බිලිදියක් මියගොස් ඇතැයි චාවකච්චේරි පොලිසිය පවසයි. 20 August 2024
ජනපති දළදා පෙරහර නරඹයි මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහරේ ෙ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජනතාව සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද විය. 20 August 2024
මව අතින් දරුවාට වෙඩි වදී සූරියවැව කපුකිණිස්ස ප්‍රදේශයේදී නිවසකදී මව අතින් වායු රයිපලයක් පත්තු වීමෙන් ඇගේ තුන් හැවිරිදි පිරිමි දරුවා තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි . 20 August 2024
නාමල් අගරදගුරු තුමන් හමුවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා කොළඹ අගරදගුරු නිවසට ගොස් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මුණ ගැසුණේය. 20 August 2024
ඊශ්‍රායලය සහ හමාස් අතර සාමයට අවසන් උත්සහාය දරයි ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුමක් ඇති කිරීම සඳහා වොෂින්ටනය දරන උත්සාහය ඒ සඳහා ඇති හොඳම මෙන්ම අවසාන අවස්ථාව විය හැකි බව ඊශ්‍රායලයේ සංචාරයක නිරත වන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ඊයේ(19) ප්‍රකාශ කළේය. 20 August 2024
ප්‍රදේශ කිහිපයකට මි.මි 100 ඉක්ම වූ වැසි බස්නාහිර, සබරගමුව,දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 20 August 2024
ඡන්දේ වියදම් සීමාකර ගැසට්ටුවක් 2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු විසින් ප්රචාරක වියදම් ලෙස ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි එක් ඡන්ද හිමියකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109.00 ක් වියයුතු බව මැතිවරණ කොමිෂන් සභාව නියම කරයි. 20 August 2024
වඳුරු උණ මරණ 548 දක්වා ඉහළට වඳුරු උණ හෙවත් ‘එම් පොක්ස්’ වයිරසය ආසාදනය වී, මියගිය ගණන මේ වනවිට 548 තෙක් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 20 August 2024
සුඛෝපබෝගී යාත්‍රාවක් අනතුරේ ඉතාලියේ, සිසිලි දූපත් ආශ්රිත මුහුදේ සුඛෝපභෝගී රුවල් යාත්‍රාවත් පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත්කිහිප දෙනකු අතුරුදන් බව පැවැසිණි. බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරික මයික් ලින්ච් ද අතුරදන් වූ පිරිස අතර සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 20 August 2024
පෙරහර බලන්න ආ අයට සෞඛ්‍ය ප්‍රශ්නයක් මහනුවර අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට පැමිණි ජනතාවට වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැතිවීමෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ජනතාව පවසති. 19 August 2024
අනුර අටමස්ථානයට ජාතික ජන බලවේගයේ ජනපති ධූර අපක්ෂක කරන අනුර කුමාර දිසානායක මහතා අද (19දා) පස්වරුවේ අමටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමියන් බැහැ දැක, අනතුරුව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය. 19 August 2024
දුප්පත්කම නැති කරන්න වැඩසටහන් ක්‍රියාවට නංවනවා දුප්පත්කමින් පෙලෙන රටේ බාගයක් ජනතාවගේ දුප්පත්කම නැති කරන්න නව වැඩසටහනක් ක්‍රියාවට නංවනවා. දිගින් දිගටම සහනාධාර දෙන ක්‍රමය නවතා ජනසවිය වැනි ක්‍රමයක් ක්‍රියාවට නැංවිය යුතුවා යැයි සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මීරිගම දී පැවසීය. 19 August 2024
ගමන මෙතැනින් නතර කළොත් කඩා වැටීම ෂුවර් කිසිවෙකුට විසඳිය නොහැකි යැයි පැවසු ආර්ථික අර්බුදය විසඳීමට තමන් සමත් වුවත් නිසි ආර්ථික පරිවර්තනයක් සිදු නොකර මෙම වැඩපිළිවෙළ අතරමග නතර කළහොත් යළිත් රටේ ආර්ථිකය කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 19 August 2024
දිලිත්ට දමිල පක්ෂයක් එක්වෙයි සර්වජන බලය ජනාධිපතිවරණ අපේක්ෂක ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතාට සහයෝගය පළ කරමින් නැගෙනහිර දමිළ ජනතාව නියොජනය කරන ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ නායක තංගරාජා විශ්නු කාන්තන් මහතා සර්වජන සන්ධානයට සහයෝගය දැක්වීමට ඉදිරිපත් විය. 19 August 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025