IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බටලන්ද විවාදය ලබන 10වැනිදා

(සුජිත් හේවාජුලිගේ)

බටලන්ද වධකාගාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳ විවාදය ලබන 10 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද  (2) තීරණය කළේය.

විවාදය එදින උදේ 11.30 සිට  පස්වරු 5.30 දක්වා පැවැත්වේ.

මෙම විවාදය මැයි මාසයේ තවත් දිනයක පැවැත්වීමටද  මෙහිදී තීරණය කර ඇත.

මෙම වාර්තාව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය 14  වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.

අසූඅට  අසූ නවය කාලවකවානුවේදී  සිදුවී ඇතැයි පැවසෙන මිනීමැරුම්, පැහැර ගැනීම්, දේපළ හානි කිරීම් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් සම්බන්ධයෙන් මෙම ජනාධිපති කොම්ෂන් සභා වාර්තාවේන් තොරතුරු අනාවරණය කර ඇත.



අදහස් (3)

බටලන්ද විවාදය ලබන 10වැනිදා

dds Wednesday, 02 April 2025 07:31 PM

මේවා හැන්සාඩ් එකේ තියෙන්න ඕන. ඒ වගේම ලංකාවෙ පෙළපොත්වලටත් 1971 තරුණ නැගිටීම, 1983 කලු ජූලිය, 1987 - 1990 භීෂණ සමය, සිංහල තරුණයන් ආයුධ අතට ගැනීම, දෙමල තරුණයන් ආයුධ අතට ගැනීම වගේ දේවල් ඇතුලත් කරන්න ඕන.

:       0       14

Neel Thursday, 03 April 2025 06:08 AM

ඒ වගේම NPP එක 2024 ශ්‍රී ලංකාව භෝරුන්ගේන් බේරගන්ත බවත්

:       1       0

රුවන් Thursday, 03 April 2025 07:20 AM

මේවා ඊලඟ පරම්පරාවට වැදගත් රටේ වෙච්ච අභිරහස්, ලෝකයේ වැඩියෙන්ම මිනිස්සු අතුරුදහන් වුන රට. දෙවැනි ලෝක සංග්‍රාමයට වුනේ නැති දේවල් මේ.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site