
(අංජුල මහික වීරරත්න)
දැනට ක්‍රියාත්මක විදුලිබල පනත යළි සලකා බැලීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2024 අංක 36 දරන විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා සුදුසු නිර්දේශ ලබා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.
එම කමිටුව විසින් විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්ව කරුවන්ගේ අදහස් විමසීමට පියවර ගනු ලැබ ඇත.
ඒ අනුව, දැනුම් හුවමාරු සැසි පැවැත්වීමටත්, අදහස් හා යෝජනා ලිඛිතව ලබා ගැනීමටත් කටයුතු කර ඇති අතර, පාර්ශ්වකරුවන් 59 දෙනකු විසින් අදහස් හා යෝජනා ලිඛිතව ඉදිරිපත් කර තිබේ.
ඊට අමතරව, විදුලි බල ක්ෂේත්‍රයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අරමුදල් සපයනු ලබන සංවර්ධන පාර්ශ්වකරුවන්ගෙන් මෙන්ම විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කරණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අනෙකුත් පාර්ශ්වයන්ගෙන් ද අදහස් ලබා ගෙන ඇත.
එකී අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් විශේෂඥ කමිටුව විසින් 2024 අංක 36 දරන විදුලිබල පනත සඳහා යෝජිතසංශෝධන ඇතුළත් අවසන් වාර්තාව ඉදිරිපත් කර තිබේ.
එකී වාර්තාවේ ඇතුළත් නිර්දේශ මත පදනම්ව, විදුලිබල පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා බල ශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි පනත යළි සලකා බලයි