වැඩ වර්ජන කැඳවූ අයත් රෝහල්වල වැඩ වැඩවර්ජනය කැඳවන ලද වෘත්තීය සමිති සාමාජිකයින් ද රෝහල්වලට ගොස් සිය සේවා සපයන බවට වාර්තා වන්නේ යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 18 March 2025
අධිකරණ නියෝගය කඩ කළ වැලිකන්ද හිටපු ඕ අයි සී අල්ලන්නැයි නියෝගයක් වැලිකන්ද පොලිසිය මීට මාස කීපයකට පෙර අත්අඩංගුවට ගත් එල ගවයන් විසිදෙනකු, සැකකරුවන් දෙදෙනකු සමඟ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම එළ ගවයන් රජයේ ගොවිපළකට භාරදීමට නියෝග කර තිබියදී, නැවත ජාවාරම්කරුවන් දෙදෙනාටම විකිණී යැයි කියන වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොළොන්නරුව අංක 02 මහේස්ත්‍රාත් එන්. අන්සර් සදාත් මහතා පොලිසියට අද(18) නියෝග කළේය. 18 March 2025
ගුවන් ගමනට බාධා කළ විදෙස් තරුණයන් තිදෙනකුට අවවාද ගුවන් ගමනකට බාධා කරමින් ශ්‍රී ලංකන් ගුවන් යානයක් තුළ කලහකාරී ලෙස හැසිරුනේ යැයි චෝදනා ලද පාකිස්තාන් ජාතික තරුණ සංචාරක මිතුරන් තිදෙනකුට දැඩිසේ අවවාද කර මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (18)නියෝග කළාය. 18 March 2025
බලපෑම්වලට යට නොවී රාජකාරිය කරන්න කිසිදු බලපෑමකට යටත් නොවී තම රාජකාරිය ඉටු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දකුණු පළාත් උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. 18 March 2025
රන් මාල කොල්ලකරුට පැන ගන්න බැරිවෙයි අකුරැස්ස පොදු වෙළෙඳපොළ භූමියේ පිහිටි රන් භාණ්ඩ වෙළෙදසැලකින් රන් මාල තුනක් කොල්ලකා පළා යමින් සිටි පුද්ගලයකු වෙළෙදසල් හිමියන් පිරිසක් එක්ව ලුහුබැඳ අල්ලාගෙන අද (18) දහවල් පොලීසියට භාර දීමට කටයුතු කළ බව අකුරැස්ස පොලීසිය කියයි. 18 March 2025
ගෝඨාගේ නියෝගය වැරදි බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් කාන්තාවක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ රැදවුම් නියෝගය නීති විරෝධී බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් කඩවු කාන්තාවට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයට අද නියම කළේය. 18 March 2025
ලලිත් - කුගන් සිද්ධියට අද දුන් නියෝගය මානව හිමිකම් ක්රියාකාරිකයන් දෙදෙනකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුර්ගානන්දන් නමැත්තන් 2011 වසරේදී අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නිකුත් කර තිබූ සිතාසිය බල රහිත කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ගොනුකර ඇති පෙත්සම ජුලි 30 වැනිදා සලකා බැලීමට සඳහා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය. 18 March 2025
මියන්මාරයේ තවත් 14ක් මුදාගෙන මියන්මාරයේ සයිබර් කදවුරු තුළ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනකු එයින් මුදා ගෙන අද දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බව කටුනායක ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි. 18 March 2025
දේශබන්දුගේ නිවෙසින් විස්කි බෝතල් 120ක් හමුවේ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ අතුරුගිරිය හෝකන්දර නිවෙසේ තිබී විස්කි බෝතල් 120ක් සොයාගත් බව අතුරුගිරිය පොලිසිය කියයි. 18 March 2025
වර්ජනයෙන් ලිපි -පාර්සල් ලක්ෂ 10ක් තැපෑලේ සිරවෙයි තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුලු අනෙකුත් තැපැල් කාර්යාල වල ලිපි සහ පාර්සල් ලක්ෂ දහයක් පමණ සිරවී ඇතැයි තැපැල් වෘත්තිය සමිති ප්‍රකාශ කරයි. 18 March 2025
හිටපු ප්‍රා:සභාපති නි.මැ.කො සමග වලියක් දාගෙන පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාර දීමට පැමිණි හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයකු කුරුණෑගල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත අද සවස අත් අඩංගුවට ගත් බව කුරුණැගල මූලස්ථාන පොලිසිය කියයි. 18 March 2025
අපරාද රැසක වෙඩික්කරුවෙක් අල්ලයි අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව භීතියට පත්කරමින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතන හතරක් සිදුකර දෙදෙනකුට බරපතල තුවාල සිදු කර ඉන්දියාවට පලා ගොස් සැඟව සිටි මෝල් කසුන් නැමැත්තා මෙරටට පැමිණ හොර රහසේ සැඟව සිටියදී හෝමාගම ගලවිල ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාසය කියයි 18 March 2025
ක්‍රීඩා සංගම්-ආණ්ඩුව හැප්පුනොත් තැලෙන්නෙ ක්‍රීඩකයා ක්‍රීඩා සංගම් සහ ආණ්ඩුව හැප්පෙන කොට ඒකෙන් තැලෙන්නේ ක්‍රීඩකයා බවපත් කළ මන්ත්‍රී මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 March 2025
ජාතික ක්‍රීඩා පනත වෙනස් කරනවා ජාතික ක්‍රීඩා පනත වෙනස් කිරීමේ කාර්ය බොහෝ දුරට අවසන් කර තිබෙන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 March 2025
මේ ඇමතිටත් ඒ ලෙඩේම හැදිලද? වත්මන් ක්‍රිකට් පාලකයන් මේ රටේ ක්‍රිකට් නැත්තටම නැති කරලා.ජාවාරමක් බවට පත්කරලා තිබෙන බව ඕනෑ කෙනෙක් පිළිගන්නවා.ඇමතිවරයාට එක් පෑන් පහරින් මේ දූෂිතයන් ගෙදර යවන්න පුළුවන්කම තියෙද්දි ඔහු නිහඬව ඉන්නේ ඇයි? දැයි සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 March 2025
ව්‍යවසායකත්වය පාසල් විෂය නිර්දේශයට ලංකාවේ ව්‍යවසායකත්ව උන්මාදයක් ඇති කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 March 2025
වැඩිම ඡන්ද දායකයන් ගම්පහින් මෙවර පළාත් පාලන මැතිවරණයේ දී වැඩිම ඡන්ද දායකයන් සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව ගම්පහ නියෝජ්‍ය මැතිවණ කොමසාරිස් රවීන්ද්‍ර වික්‍රමසිංහ මහතා පවසයි. 18 March 2025
මැතිසබයට අලුත් ආංශික කමිටු 7ක් දසවැනි පාර්ලිමේන්තුව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා හතක් ස්ථාපිත කිරීමට ගෙන ආ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය. 18 March 2025
රෝගීන් බිල්ලට තබා කරන වැඩ වර්ජන අන්ත අසාධාරණයි සාධාරණ වැටුප් වැඩිවීමක්දී තිබියදී පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා කණ්ඩායම් රෝගීන් බිල්ලට තබා කරන වැඩ වර්ජනය අන්ත අසාධාරණ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය. 18 March 2025
පොහොර සහනාධාර හොරා කාලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 155 දෙනකුගේ පොහොර සහනාධාර මුදල් රුපියල් විසිනව ලක්ෂ තිස් හතර දහස් තුන්සිය දහයක් සොරකම් කර ඇතැයි කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය. 18 March 2025
ජනපති බස්නාහිර පොලිස් ලොක්කන් කැඳවයි සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් හමුවේ පැවසීය. 18 March 2025
රජයේ රෝහලින් මුදලට සුද්දන්ට බේත් මෙරට සංචාරයේ නිරතවන විදේශීය සංචාරකයන් වෙනුවෙන් තෝරාගත් රජයේ රෝහල් කිහිපයක බටහිර සහ ආයුර්වේද ප්‍රතිකාර වෛද්‍ය කර්මයන්ගේ සංකලනයකින් යුතු ගෙවීම් වෛද්‍ය සේවා ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 18 March 2025
රෝහල් පහකට පිළිකා ප්‍රතිකාර උපකරණ අධිබල විකිරණ ශක්තිය සහිත උසස් ගුණත්වයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ සැපයීමේ ව්‍යාපෘතියේ II අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 18 March 2025
නිෂ්පාදන - සේවා අංශවල අඛණ්ඩ වර්ධනයක් මෙරට නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් ‘ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය’ පසුගිය පෙබරවාරි මස 56.8 ක අගයක් වාර්තා කළ බවත් සේවා අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශනය පෙබරවාරි මස 56.5 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය. 18 March 2025
පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත පාර්ලිමේන්තුවට පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සඳහා වූ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 18 March 2025
’’දේශබන්දුලාට-සෙව්වන්දිලාට ගැලවීමක් නෑ’’ දේශබන්දු තෙන්නකෝන් පමණක් නොව තවත් කිහිපදෙනෙක්ම අත්අඩංගුවට ගැනීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 18 March 2025
ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුවක් එයි ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුව සඳහා වන කාර්යය නිර්ණේය අනුදේශ කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 18 March 2025
ඉම්තියාස් සජබ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි විපක්ෂයේ ප්‍රධානම පක්ෂය වන සමගි ජනබලවේගයේ සභාපති ඉම්තියාස් බාකිර් මාකාර් මහතා පක්ෂයේ සියලුම තනතුරුවලින් අද (18) ඉල්ලා අස්විය. 18 March 2025
රනිල් ආණ්ඩුවේ සල්ලි වලින් පවුලේ ගමන් ගිහින් නෑ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා රජයේ වියදමින් කිසිදු පෞද්ගලික සංචාරයක නිරත වී නැතැයි රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 18 March 2025
තැපෑලේ පුරප්පාඩු හයදාහසට ආසන්නයි තැපැල් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 5,913ක් පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය කරයි. 18 March 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026