පොල් සොරකමේ ගිහින් පොලීසියට මාට්ටු නොචියාගම , පහළ හල්මිල්ලෑව ප්‍රදේශයේ පොල් ඉඩමකට ඇතුල් වී, රුපියල් ලක්ෂයකට ආසන්න පොල් ගෙඩි 450ක් හොරෙන් කඩා ගෙන ගිය පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පවසයි. 20 March 2025
කෝටි 46 ක හෙරොයින් සමඟ රියදුරෙක් අත්අඩංගුවට රුපියල් කෝටි 46 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ මාතර කාර්මික විද්‍යාලයේ හිටපු රියදුරකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 20 March 2025
රට සවාරිවලට හිතුමතේ සල්ලි අරන්: මැතිසබේ ප්‍රොටොකෝල් අංශය පීරයි පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා සහ සන්ධානගත (Foreign Relations and protocol) කාර්යාලයේ පසුගිය වසර දහයේදී සිදුවී ඇතැයි පැවසෙන බරපතළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් එහි මූල්‍ය අධ්යක්ෂ ජී. සරත් කුමාර මහතා විසින්ද විමර්ශනයක් අරඹනු ලැබ ඇත. 20 March 2025
කොළොන්නාව ආපදා කමිටු 24 දාට පෙර හදන්න ආපදා කමිටු එළඹෙන 24 වෙනිදාට පෙර ප්‍රතිසංවිධානය කර අවසන් කරන්නැයි කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සහාපති තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. 20 March 2025
ජීප් රියක් දුම්රියක ගැටෙයි පාදුක්ක ,ලියන්වල , තුත්තිරිපිටිය ප්‍රදේශයේ දී ජීප් රථයක් අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වීමෙන් තිබූ දුම්රියක ගැටී ඇති බව මීගොඩ පොලිසිය පවසයි. 20 March 2025
පූංචි ජන්දයේ නාමයෝජනා භාරගැනීම අද අවසන් පලාත් පාලන ආයතන 336 ක් සදහා නියෝජිතයින් තෝරා ගැනීමේ ජන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (20) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. 20 March 2025
අගමැතිනී-ඉන්දුනීසියා තානාපතිනී හමුවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනී Dewi Gustina Tobing මහත්මිය අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය. 20 March 2025
කිරි දරුවාට ඖෂධ අධි මාත්‍රාවක් දීලා අවුරුද්දයි මාස 3ක් වයසැති දරුවකුගේ අසනීප තත්ත්වයකට ඖෂධ අධි මාත්‍රාවක් ලබා දුන් බව කියන දරුවාගේ මවගේ අනියම් සැමියා බව කියන අයෙකු අත්අඩංගුවට ගත් බව රිදීගම පොලිසිය පවසයි. 20 March 2025
අලුත් වාහන ගැටළුව අවසන් කරන්න ගැසට්ටුවක්? රේගුවේ හිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන 400 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට බාධාවක් වූ, එම වාහන මෙරටට එවීම සඳහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ බියුරෝ වෙරිටාස් කාර්යාංශයට ඒ සඳහා බලය ලබා දෙමින් සහ වාහන රේගුවෙන් නිදහස් කිරීමට තිබෙන අනෙකුත් බාධාවන් ඉවත්කරමින් ඉතාමත් ඉක්මණින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 20 March 2025
පළාත් රැසකට සවස 2.00 පසු තද වැස්සක් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල,මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 20 March 2025
දේශබන්දු අඟුණකොලපෑලැස්සට වැලිගම පැලෑණ හෝටලයකදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය සොයමින් සිටි අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දැඩි ආරක්ෂාවක් යටතේ බන්ධනාගාරයේ වෙනමම ආරක්ෂිත ස්ථානයක රඳවා තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද නියෝග කළේය. 19 March 2025
විභාග ශාලාධිපති වෑන් රියට බිලි තිස්සමහාරාම ,පන්නෙගමුව රාජකීය විදුහලේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා ලෙස කටයුතු කළ විදුහල්පතිවරයෙකු අද(19)වන දා සවස 6.30 ට පමණ වෑන් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තිස්සමහාරාම පොලිසිය පවසයි. 19 March 2025
නාගලන්වීදියේ වෙඩිතැබීමට සම්බන්ධ අයෙක් මාට්ටු ග්‍රෑන්ඩ්පාස්, නාගලන්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් ත්‍රිරෝද රථ රියැදුරකු කොස්ගස්හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ග්‍රන්ඩ්පාස් පොලිසිය පවසයි. 19 March 2025
ටිකිරි මැණිකේ පසුපස ඇන්ජිම ගැලවේ කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වූ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම පිළිමතලාව පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථාන අතර අද සවස ගැලවී වෙන්වී සිදුවන්නට ගිය මහා අනතුරක් මගියෙක්ගේ අවධානය නිසා නිසා වැළකී ගියේය. 19 March 2025
’’එක දවසකට කන්න දෙන්නවත් හාල් ආණ්ඩුව මිලදීගෙන නෑ’’ ලංකාවේ එක දවසකට ප්‍රමාණවත් වී ප්‍රමාණයවත් ආණ්ඩුව විසින් මෙවර මිලදීගෙන නැතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 March 2025
’’බාල හාල් කිලෝ 11500ක් සතොසෙ විකුණලා’’ තත්වයෙන් බාල සහල් කිලෝ 11500ක් සතොස අලෙවි සල් හරහා පසුගිය දිනවල අලෙවි කරමින් ලොකු දූෂණයක් කර ඇතැයි සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මූජිබර් රහුමන් මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 March 2025
‘‘සජබ සභාපති ඉල්ලා අස්වීම බාර ගෙන නෑ‘‘ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා සමගි ජනබලවේගයේ සභාපතිධුරයෙන් සහ අනෙකුත් සියලූම තනතුරුවලින් ඉල්ලා අස්වන බවට දැන්වූ ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බාර ගෙන නොමැති බව එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී පැවසීය. 19 March 2025
මෙච්චර පඩි වැඩි කරද්දිත් සෞඛ්‍ය වර්ජන අනුමත කරන්න බෑ වෘත්තීය සමිති වල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම කර තිබියෙදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. 19 March 2025
රිලව් මරලා දාන්න වගාවට හානි කරන රිලව් මරා දැමිය යුතු බව සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙද ආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 March 2025
ජනපති විශේෂඥ වෛද්‍ය සංගමය හමුවෙයි මෙවර අයවැය දත්ත මත පදනම්ව විද්‍යාත්මකව හා සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 19 March 2025
’’මෙයාලා හොරුන්ට බැනලා හොරු එක්ක වාඩිවෙලා කනවා’’ ආණ්ඩුවේ ඉදිරි පෙළ දැන් වාඩි වී ඉන්න ඇමතිවරු එදා හොරු හොරු කියා බැන වැදී ඔවුන් එක්ක වාඩිවී පාර්ලිමේන්තුවේ එකට කෑම කෑ අයුරු තමා දැක ඇතැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 March 2025
බියර් ලොරිය මහ පාරේ පෙරලේ කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇහැළියගොඩ මින්නාන ප්‍රදේශයේ දී බියර් රැගෙන ගිය බහාලුම් රථයක් වංගුවක් ගනිද්දි එහි තිබූ බියර් බෝතල් සහිත පෙට්ටි එම මාර්ගයට වැටීමත් සමග එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අවහිර වූ බව පොලිසිය කියයි. 19 March 2025
’’අපිට අප විශ්වාසයි’’ විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කරන ආකාරයට ආණ්ඩුවේ අමාත්‍යවරුන් කටයුතු කර අසුවුවහොත් ඉදිරියට පැමිණ සමාව ගැනීමට සූදානම් බව මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී සුනිල් බියන්වල මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 March 2025
දේශබන්දුගේ ගෙදර රටබීම බෝතල් 1009ක් අනිවාර්ය නිවාඩු ගිය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිවසේ තිබී විදේශීය මත්පැන් බෝතල් 1009 ක්ද ඔහුගේ ගිනි අවියද ඇපල් වර්ගයේ ජංගම දුරකතන දෙකක්ද සොයාගත් බව අපරාධ පරීක්ෂණ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 19 March 2025
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත් නිවහන බලන්න ඇමති යයි කොළඹ කාසල් වීදියේ ඉදි කෙරෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ලේ වැඩ කඩිනමින් අවසන් කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා උපදෙස් දුන්නේය. 19 March 2025
මහින්දගේ අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරයි ත්‍රස්තවාදී තර්ජනවලට නිරන්තරයෙන් ලක්වී සිටින තමන්ගෙන් ඉවත් කළ ආරක්ෂක සංචිතය නැවත ලබාදීමට රජයට නියෝගයක් නිකුත් කරන්නේයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොනුකොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළේය. 19 March 2025
පෑලියගොඩ - ඔරුගොඩවත හරිත කලාප කරයි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ “ආදර්ශ නාගරික හරිත කලාප” ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි. 19 March 2025
අවුරුදු සහන මල්ල ගැන ඇමති කියයි අවුරුදු සමයේ බඩු මල්ල ලබාදීම සඳහා වෙන් කළ රුපියල් මිලියන 1000 ක මුදල රුපියල් මිලියන 1500 දක්වා වැඩි කරන්නට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 March 2025
GSP+ ගන්න විපක්ෂයේ සහාය දෙනවා ජීඑස්පී ප්ලස් දිනා ගැනීම සඳහා විපක්ෂයේ සහාය දීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය 19 March 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026