දේව මෙහෙයෙදී රට ඉදි නොදුන්නැයි මව්ලවි තුමෝට ගහලා කලුතර ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක දිවා දේව මෙහෙයට පැමිණි පුද්ගලයකු තමන්ට රට ඉදි ලබානොදීම සම්බන්දයෙන් උරණවී දේවස්ථානයේ මව්ලවි තුමන්ට පහරදි ඇති බව පොලිසිය සදහන් කරයි . 17 March 2025
’’මහින්ද එළියට දාගන්න බැරි වූ නිසා දැන් බටලන්දක් ඇදගෙන’’ මහින්ද රාජපක්ෂ ගෙදරින් එළියට දාන මාතෘකාව පරණ වෙනකොට ආණ්ඩුව දැන් බටලන්දක් ඇදගෙන දඟලන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දිසානායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 17 March 2025
ව්‍යාපාරික යුවළ කුෂ් සමග මාට්ටු රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ විදේශික යුවළක් , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිටතට රැගෙන යාමට තැත් කරමින් සිටියදී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ. 17 March 2025
රෝහණ බණ්ඩාර පොලිස්පති ඉන්න තැන දැනගෙන හැංගි ඉන්න පොලිස්පති හොයාගන්න බැරි ආණ්ඩුව පාස්කු මහ මොළකරු හොයාගන්නේ කොහොමදැයි සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 March 2025
අකුණ තිදෙනකු රෝහලට යවයි හැටන් දිඹුල පතන පොලිස් වසමට අයත් අර්ගිල් වතුයායේ නුග ගසකට අද පස්වරුවේ අකුණු සැර වැදිමත් සමග එම ගස කඩා වැටිමෙන් තිදෙනෙකුට තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 17 March 2025
හිටපු ඇමැති මර්වින් යළි රිමාන්ඩ් කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයට අයත් ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව රිමාන්ඩ් බාරයේ සිටි හිටපු ඇමැතිවරයකු වන ආචාර්ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනා මේ මස 24 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙසට මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද පස්වරුවේ නියම කළාය. 17 March 2025
සංචාරක යටිතල පහසුකම් ගැන හොඳට හිතන්න ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති බැවින් මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුණාත්මක යටිතල පහසුකම් සහ සේවාවන් සැපයීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 17 March 2025
සංජීවගේ ආරක්ෂාවට සිටි ජේලර් රාජකාරි පැහැර හැරි යැයි රිමාන්ඩ් කොළඹ අලුත්කඩේ අධිකරණයේ විත්ති කූඩුවේදී වෙඩි වැදීමිය ගිය පාතාලි කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව බාරව පැමිණි බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරයා ලබන 21 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා අද (17) නියෝග කළේය. 17 March 2025
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආරක්ෂාවට සිටි ජේලර් අත්අඩංගුවට පාතාල කල්ලි සාමාජිකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගණේමුල්ල සංජීව නමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව බාරව සිටි ප්‍රධාන ජේලර්වරයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 17 March 2025
බදුල්ලේ පවුල් 4034ක් මරු කටේ බදුල්ල දිස්ත්‍රික්කයේ නාය යෑම් අධි අවදානම් ප්‍රදේශවල ජීවත් වන පවුල් සංඛ්‍යාව 4034 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වැවිලි කර්මාන්ත සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය. 17 March 2025
අ‘පුර අපයෝජකයාගේ හඳුනා ගැනීම කල් යයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක අපයෝජනය කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද හමුදා සෙබළා හඳුනා ගැනීමේ පෙරෙට්ටුව අද දින පැවැත්වීමට නියමිතව තිබුණද පැමිණිලිකාර වෛද්‍යවරිය නොපැමිණීම නිසා එම හඳුනා ගැනීමේ පෙරට්ටුව මේ මස 24 දා දක්වා කල් තැබීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය. 17 March 2025
E-8 රැකියා වංචාකරුවෙක් අත්අඩංගුවට දකුණු කොරියාවේ E-8 කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 3ට වඩා වැඩියෙන් මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 17 March 2025
මිදිගම වෙඩි තැබීමට තිදෙනකු අත්අඩංගුවට වැලිගම ,බටවල , මිදිගම ,පාතේගම ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට අද(17) අලුයම වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිදිගම පොලිසිය පවසයි . 17 March 2025
වෛද්‍යවරියගේ සොරා ගත් දුරකථනය සොයාගනී අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනයක් සිදු කළ සැකකරු විසින් කොල්ලකන ලද ’අයි ෆෝන්’ වර්ගයේ ජංගම දුරකථනය සැකකරු සැඟව සිටි කැලෑවේ සඟවා තිබියදී සොයා ගත් බව ගල්නෑව පොලිසිය පවසයි. 17 March 2025
පාසල් ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාව එළිදැක්වේ ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණය - 2024 (Global School-Based Student Health Survey – 2024) ශ්‍රී ලාංකීය වාර්තාව එළිදැක්වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පවුල් සෞඛ්‍ය කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි. 17 March 2025
හුලංගල කන්දෙන් පහළට වැටී තරුණයෙක් මරුට මාතලේ සැලගම හුලංගල නැරඹිම සදහා පැමිණි තරුණයෙක් ඊයේ (16) හුලංගල කන්දෙන් පහලට ඇද වැටි මියගොස් ඇති බව පොලිසිය කියයි. 17 March 2025
උඩවලවේ දිනක ආදායම කෝටියක් උඩවලව ජාතික වනෝද්‍යානයේ දෛනික ආදායම ලක්ෂ සීය දක්වා පැමිණ තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී උපුල් කිත්සිරි මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 March 2025
තියුණු ආයුදයකින් පී.සීට පහර දුන් වෙලේසුදාගේ මල්ලි අල්ලයි බඩෝවිට ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකුට තියුණු ආයුදයකින් පහරදී පළා ගිය සමන් කුමාර නොහොත් දැනට බන්ධනාගාරගතව සිටින වෙලේසුදා නමැත්තාගේ සහෝදරයා බොරැල්ල ප්‍රදේශයේ සැඟව සිටියදී බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩයමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 17 March 2025
නියමුවන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය සාර්ථකයි නියමුවන් හෝ වෙනත් කිසිවකු නැතිව, භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණින් නිර්මාණය කළ කුඩා සැහැල්ලු ගුවන් යානයක්, සිය පළමු පියසැරිය සාර්ථකව අවසන් කළේය. 17 March 2025
පුංචි ජන්දයේ නාමයෝජනා බාරගැනීම අද සිට පලාත් පාලන ආයතන 336 ක් සදහා පැවැත්වෙන ජන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (17) පෙරවරුවේ සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. 17 March 2025
මෝටර් රිය තාප්පයක හැපී රක්ෂණ නිලධාරියා මරුට සිය පෙම්වතිය හමුවීමට ගොස් නිවස කරා යමින් සිටී රක්ෂණ නිළධාරියෙකු මෝටර් රථය තාප්පයක ගැටී මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි. 17 March 2025
නීතිඥවරියට අපහාස කිරීම: මන්ත්‍රීට පියවරක් ගන්නැයි කතානායකගෙන් ඉල්ලයි නීතිඥ ස්වස්ථිකා අරුලිංගම් මහත්මියට බරපතළ අපහාස කරන ලදැයි කියන මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සුදුසු ස්ථාවර නියෝගයක් අනුව කටයුතු කරන්නැයි සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (17) ඉල්ලීමක් කළේය. 17 March 2025
ග්‍රෑන්ඩ්පාස් ඝාතනයකට තවත් 4 ක් සැකපිට ග්‍රෑන්ඩ්පාස් කැලණිතිස්සගම දුම්රිය මාර්ගයේදී ඉකුත් (15) ඥාති සහෝදරයන් දෙදෙනෙකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ගෑන්ඩ්පාස් පොලිසිය කියයි. 17 March 2025
කොන්ත්‍රාත් කරන මන්ත්‍රී සංස්කෘතිය ඉවර කරනවා මන්ත්‍රීවරු කොන්ත්‍රාත් කරන, කප්පම් ගන්න, පගා ගහන දේශපාලනය වෙනුවට මන්ත්‍රීවරු නගරාධිපතිවරු නගරාධිපතිවරියෝ ජනතාව එක්ක එකතු වී වැඩ කරන දේශපාලන සංස්කෘතියක් අපි ඇති කරන බව ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. 17 March 2025
පරිසර පනත සංශෝධනයට පරිසර පනත ඉතා ඉක්මනින් සංශෝධනය කරන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 March 2025
පාප්තුමන්ට සුවයි: ඡායාරූපයක් කරළියට පෙනහළු ආසාදනයකට ලක් වී, මාසකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. වතිකානය මෙම නිවේදනය නිකුත් කළේ සුවය ලබමින් සිටින පාප්තුමන්ගේ ඡායාරූපයක් ද ප්‍රසිද්ධියට පත් කරමිණි. 17 March 2025
‘ එ.ජා.ප පාක්ෂිකයන් 1960 ක් ජවිපෙන් මරලා‘ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් 1960 දෙනකු පමණ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරනු ලැබ ඇතැයි බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ 3 වැනි පරිච්ඡේදයේ සඳහන් වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් අද (17) පැවසීය. 17 March 2025
පුද්ගලයෙකුට අත් කියතකින් පහරදුන් මේජර් අත්අඩංගුවට පුද්ගලයකුට අත් කියතකින් පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් යුදහමුදා මේජර් වරයෙකු අත් අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි. 17 March 2025
සංගණන විහිළුවට ලක් කරන්න එපා වන සත්ව සංගණන ආදිය විහිළුවට ලක්වීම සුදුසු දෙයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 March 2025
බසය ගසක හැපී 12 ක් රෝහලේ කොළඹ - පුත්තලම මාර්ගයේ බත්තුළුඔය ප්‍රදේශයේදී අද( 17) පෙරවරුවේ සිදුවු බස් රථ අනතුරකින් 12 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි. 17 March 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026