දියතලාව රෝහල ඒ ශ්රේණියට සංචාරයක ක්ෂේත්රයේ සහ ප්රදේශයේ ජනතාවගේ සෞඛ්ය අවශ්යතා සම්පුර්ණ කිරීම සඳහා දියතලාව මුලික රෝහල ඒ මට්ටමේ රෝහලක් ලෙස දියුණු කිරීම සෞඛ්ය අමාත්යාංශයේ මූලික බලාපොරොත්තුව බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 17 August 2025
අපි දෙපැත්තක හිටියත් දේශපාලන වෛරයක් තිබුණේ නෑ දෙපැත්තක දේශපාලනය කළත් අප අතර පෞද්ගලික වෛර තිබුණේ නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අභාවප්රාප්ත ලොහාන් රත්වත්තේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්යයට ප්රකාශයක් කරමින් කීය. 17 August 2025
විදුලිසැර වැදී තරුණයෙක් මරුට යාපනය, අරුකාල්මඩම් හි යතුරුපැදි අලුත්වැඩියාකිරීමේ ස්ථානයක සේවයකළ 17 හැවිරිදි තරුණයකු විදුලිසැර වැදී ඊයේ (16) සවස මියගොස් ඇතැයි යාපනය පොලිසිය කියයි. 17 August 2025
ලොහාන් මම වඩා ගත්තු දරුවෙක් ලොහාන් රත්වත්තේ මා කුඩා කල වඩා ගත් දරුවකු බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 17 August 2025
පේරාදෙණිය සරසවි ආචාර්යවරු- නිලධාරින් කෝටි 24ක් පොලු තියලා පේරාදෙණිය විශ්වවිද්යාලයේ බැදුම්කර හා ගිවිසුම් කඩකිරිම හේතුවෙන් ආචාර්යවරුන් හා අනිකුත් නිලධාරින් 122 දෙනෙකුගෙන් අයවිය යුතු රුපියල් 240,944,708 මුදලක් අයකරගැනිම සදහා විධිමත් ක්රමවේදයක් අනුගමනය කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. 17 August 2025
විශ්වාසභංගය ගැන නීති මතය මෙන්න ආරක්ෂක නියෝජ්ය අමාත්ය විශ්රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පවතින නීතිමය පසුබිම අනුව භාර ගැනීමට කතානායකවරයාට දෙවරක් සිතන්න වේවි යැයි මහාචාර්ය නීතිඥ ප්රතිභා මහානාම හේවා මහතා පැවසීය. 17 August 2025
අවන්හලේදී ගහලා මරලා දූනගහ ගොඩිගමුව මාර්ගයේ පිහිටි අවන්හලක ඇතිවූ ගැටුමකින් බරපතල තුවාල ලත් පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමේන් පසු මරණයට පත්ව ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි. 17 August 2025
හොර බලපත් වලින් දැව කදන් ගෙන ගිය 5ක් අල්ලයි ව්යාජ ලෙස සැකසූ බලපත්රයක් භාවිතා කරමින් දියතලාව සිට මොරටුව දක්වා රුපියල් ලක්ෂ පහළොවකට අධික වටිනාකමකින් යුත් කරපන්ටයින් වර්ගයේ දැව කඳන් තොගයක් ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු අද( 17 ) අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය පැවසීය. 17 August 2025
නියෝජ්ය ඇමතිවරයකුට විශ්වාසභංග ගේන්න බෑ නියෝජ්ය ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ආ නොහැකි බව වෙළෙඳ අමාත්ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. 17 August 2025
විදුලි ඉංජිනේරුවෝ 226 ක් රට හැර ගිහින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් 226 දෙනෙකු පසුගිය වසර තුනක කාලයේදී රට හැරගොස් ඇති බව එහි මාධ්ය ප්රකාශක ධම්මික විමලරත්න මහතා පැවසීය. 17 August 2025
දෙහැවිරිදි දරුවාගේ මාරයා පොල් ගෙඩියෙන් එයි වෙන්නප්පුව බංඩිරිප්පුව ප්රදේශයේ යාබද අසල්වාසී නිවසකට ගමන් කරමින් සිටි දරුවෙකුගේ හිස මතට පොල් ගෙඩියක් වැටීමෙන් එම දරුවා අද( 17) මරණයට පත්ව ඇතැයි උදාසිරිගම පොලීසිය පවසයි. 17 August 2025
බස්නාහිරට සබරගමුවට පොඩි වැස්සක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුන විද්යා දෙපාර්තමේනතුව දැනුම් දෙයි. 17 August 2025
රටේ බලය අල්ලමින් සිටින කල්ලි දෙකක් ගැන සජිත් කියයි මිනීමරුවන් සහ අපරාධකරුවන් සමාජයේ එක් පසෙක බලය අත්පත්කර ගන්නා විට ප්රජාතන්ත්රවාදී ආයතන වල බලය ජවිපෙ කල්ලි බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවැසීය. 16 August 2025
තැපෑලේ සියලු නිලධරයන්ගේ නිවාඩු අවලංගු කරයි තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු හෙට(17) සිට අවලංගු කරමින් තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා නිවේදනයක් නිකුත් කර ඇත. 16 August 2025
දක්ෂිණ අධිවේගීයේ බස් රථයක ගින්නක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ වැලිපැන්න අන්තර්හුවමාරු අතර ප්රදේශයේ දී මගී ප්රවාහන බස් රථයක ගින්නක් හටගෙන ඇත. 16 August 2025
අමාත්යාංශ දහයක ’’ලොක්කන්ට’’ කෘත්රිම බුද්ධිය ගැන උගන්වයි කෘත්රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් දැනුවත් කිරීමට රජය තීරණය කර තිබේ. 16 August 2025
බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් කරයි බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කිරීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය පියවර ගෙන තිබේ. 16 August 2025
සෞදි මිතුරු සංගමයේ ලොකු පුටුව කුමාර ජයකොඩිට බලශක්ති අමාත්ය කුමාර ජයකොඩි මහතා දසවැනි පාර්ලිමේන්තුවේ ශ්රී ලංකා - සෞදි අරාබි පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය. 16 August 2025
කොළඹ පරණ තට්ටු ගෙවල් අලුත් කරන්න යයි කොළඹ දිස්ත්රික්කයේ වසර 40කට වඩා පැරණි රජයේ මහල් නිවාස සංකීර්ණ ලබන වසරේදී ප්රතිසංවර්ධනය කිරීමට සැළසුම් කර ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීහු යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දුන්හ. 16 August 2025
වරප්රසාද ඉල්ලන සටනට රනිලුත් නෑ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්රසාද ඉවත් කිරීමට එරෙහිව අධිකරණයට නොයන බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එම පක්ෂයේ ක්රියාකාරීන්ට පසුගියදා දැනුම් දී ඇතැයි වාර්තාවේ 16 August 2025
විශ්වාසභංගය ගැන 19 වැනිදා කතානායකගෙන් විශේෂ ප්රකාශයක් ආරක්ෂක නියෝජ්ය අමාත්ය විශ්රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමග ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්රීවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කථානායකවරයා ලබන 19 වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කිරීමට නියමිතය. 16 August 2025
චිත්රසිරි වාර්තාව නොදුන්නාට ජනපති කාර්යාලයට නඩු විශ්රාමික පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කෙරුණු චිත්රසිරි කමිටුවේ වාර්තාව ලබා නොදීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට එරෙහිව නඩු පැවරීමට විශ්රාමික පාර්ලිමේන්තු මන්ත්රී සංසදය තීරණය කර ඇත. 16 August 2025
හිටපු ඇමැති ලිපිගොනු සොයා අල්ලස් කොමිසම මැතිසබය පීරයි පසුගිය පාර්ලිමේන්තුවේ සිටි (9 වැනි පාර්ලිමේන්තුවේ) දූෂණ චෝදනා එල්ලවී ඇති මැති ඇමතිවරුන් 20 කට වැඩි පිරිසක් එම කාල සීමාවේදී පාර්ලිමේන්තුවේන් ලබාගෙන ඇති දීමනා හා වරප්රසාද සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන කණ්ඩායම් කිහිපයක් පාර්ලිමේන්තුවට ගොස් මේ දිනවල විශේෂ විමර්ශනයක් පවත්වමින් සිටිති. 16 August 2025
තැපෑලේ වැඩවරුම ගැන තැපැල්පතිගෙන් නිවේදනයක් රජයේ ප්රතිපත්තිමය කරුණු පාදක කර ගනිමින් එයට විරෝධය පළ කර වැඩ වර්ජනයකට යාම ඉතා අසාධාරණ ක්රියාමාර්ගයක් තැපැල්පති බව එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 16 August 2025
ආරක්ෂක නියෝජ්ය ඇමතිට ගෙනා විශ්වාසභංගය විසිවෙයි? ආරක්ෂක නියෝජ්ය අමාත්ය විශ්රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් කතානායකවරයාට බාර දෙනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව නීතිමය ගැටලුවක් හේතුවෙන් විවාදයට ගැනීමට නොහැකි වන පසුබිමක් නිර්මාණයවී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 16 August 2025
බස් - දෙකක් ගැටී අයෙක් මරුට:21ක් රෝහලට මොනරාගල - සියඹලාණ්ඩුව මාර්ගයේ වැලියාය ප්රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයකු මියගොස් තවත් 21 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි 16 August 2025
සිසුවා වැවට බිලි මදුරන්කුලිය කරිකට්ටිය ප්රාදේශයෙ පාසල් සිසුවකු වේලාසිය ගැමුණු වැවේ දිය නෑමට ගොස් දියෙ ගිලි මරණයට පත්ව ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි. 16 August 2025
පළාත් කිපයකට වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර,නුවරඑළිය, ගාලල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්යා දෙපර්තමේන්තුව කියයි. 16 August 2025
මෙරට පවුල්වලින් සියයට 16ක් කුසගින්නේ ශ්රී ලංකාවේ පවුල්වලින් සියයට 16 කට ප්රමාණවත්, පෝෂ්යදායි ආහාර වේලක් නොලැබෙන බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දී තිබෙන බවත් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ. 16 August 2025
සාකච්ඡා කළා: පැහැදිලි එකඟතාවක් නෑ රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අතරේ පැවැති සාකච්ඡා ඵලදායී වූ නමුත්, පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි විය. 16 August 2025
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026