
(ජේ.කේ.එල්. චාමින්ද)
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බැදුම්කර හා ගිවිසුම් කඩකිරිම හේතුවෙන් ආචාර්යවරුන් හා අනිකුත් නිලධාරින් 122 දෙනෙකුගෙන් අයවිය යුතු රුපියල් 240,944,708 මුදලක් අයකරගැනිම සදහා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
ආචාර්යවරුන් හා අනිකුත් නිලධාරින් 122 දෙනාගෙන් අයවියයුතු මෙකි මුදල ඉකුත් වර්ෂයේ (2024) සැප්තැම්බර් මස 30 වැනිදින දක්වා වනවිටත් අයකරගෙන නොතිබුණි. වසර 02 සිට වසර 52 දක්වා කාලයට අදාළව මෙකි මුදල අයවිමට තිබුණි.
මෙම නිලධාරින්ගේ අර්ථසාධක අරමුදල්වල ශේෂයන් සහ බැදුම්කර වටිනාකම්වල ශේෂයන් ගණනය කර අදාළ අයකිරිම් සදහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන, කොමිසම් සභාව වෙත ඉල්ලිමක් කිරිමට නියමිත ඇති බැව් පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් විගණනයට සදහන් කොටඇත.
විශ්වවිද්‍යාල සම්බන්දයෙන් විගණකාධිපතිවරයා විසින් නිකුත්කොට ඇති ත්‍රෛවාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුලත්ව ඇත.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පේරාදෙණිය සරසවි ආචාර්යවරු- නිලධාරින් කෝටි 24ක් පොලු තියලා