IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අපරාධ රැල්ල මඬින්න විධිමත්ව කටයුතු කරනවා

( ෂේන් සෙනෙවිරත්න)

රටේ පවතින අපරාධ රැල්ල මර්දනය කිරීම සඳහා පොලිසියේ මෙන්ම ත්‍රිවිධ හමුදාවගේද ජනතාවගේ ද සහායගනිමින් ඉදිරියේදී විධිමත්ව කටයුතු කරන බව නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

පාතාල ක්‍රියාකාරකම් සහ ඒ හා බැඳි පවතින මත්ද්‍රව්‍ය ජාවාරම අද ඊයේ ඇතිවූවක් නොවන බවත් ඒ සඳහා දේශපාලන ආශිර්වාදය මෙන්ම පොලිසියේ ඇතැම් නිලධාරීන්ගේ ආශිර්වාදයද ලබා ගනිමින් ත්‍රිවිධ හමුදාවේ ඇතැම් අයගේද සහය ලබා ගනිමින්  කරගෙන පැමිණ ඇති බවද පොස්පතිවරයා පවසයි.

මෙරට 37 වැනි පොලිස්පතිවරයා වශයෙන් අභිනව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබාර ගැනීමෙන් අනතුරුව මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහනාහිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පොලිස්පතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

මෙරට පාතාල අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමාජයේ විවිධ තනවල පුද්ගලයන් ඔවුන්ගේ කටයුතු සඳහා භාවිතා කරමින් සිටින බව පැවසූ පොලිස්පති වරයා නිවට නියාලු පිරිසක් විදේශගත වී එම කටයුතුවල නියැලී සිටින බවත් ඔවුන්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසියත් සමග සම්බන්ධ වී ඉදිරියේදී ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් යොදන බවද පොලිස්පතිවරයා පැවසීය.

පොලිස්පතිවරයා විසින් ජනතාවට හඳුන්වා දුන් නව වට්ස් අප් අංකය හරහා එක් දිනකට ලැබුණු පැමිණිලි 2000 න් පෙනී යන්නේ ජනතාවට පොලිසියෙන් විසඳාගත නොහැකි ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තිබෙන බවත් ඒවා විධිමත්ව ඉදිරියේදී විසඳීමට පියවර ගන්නා බවද  පැවසු පොලිස්පතිවරයා ඉදිරියේදී ජනතාවගෙන් එවැනි පැමිණිලි නොයන තැනට කටයුතු කරන බවද පැවසීය.

වත්මන් දේශපාලනයෙන් කිසිදු ආකාරයක බලපෑමක් නොමැති බවත් බලපෑමක් තිබෙනවා නම් තිබෙන්නේ හරි දේ කරන්න යැයි කියා බව කිසිදු අපරාධයක් හැංඟීමට හෝ නොසලකා හැරීමට විමර්ෂනය නොකර සිටීමට කිසිසේත්ම පොලිස්පතිවරයා වශයෙන් තම පහළ නිලධාරීන්ට උපදෙස් නොලැබෙන බවද පැවසීය.

එවැනි ආකාරයේ සිදුවීම් අතීතයේදී සිදුවූ බවත් ඒ හේතුවෙන් අපරාධකරුවන් නිදැල්ලේ සිටි බවද මේ දේශපාලන පරිසරයත් සමග ශ්‍රී ලංකා පොලිසියට කටයුතු කළ නොහැකි නම් එය විශාල දුර්වලතාවයක් වනු ඇති බවද කීය.

පොලිස් නිලධාරීන්ට ලැබිය යුතු උසස් වීම් 2020 සිට නැවතී තිබුණු බවත් ඒ සම්බන්ධයෙන් වූ උසස් කිරීමේ පටිපාටිය මේ වන විට සම්මත කරගෙන තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් වූ මූලික එකඟතා ජාතික පොලිස් කොමිසමෙන් ලබාගෙන තිබෙන බැවින් ඉදිරි මාසය තුළ ඒ සඳහා සාධනීය පිළිතුරක් ලබාදිය හැකි වනු ඇති බවද පැවසීය.

මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව තුළ නිලධාරීහිගය 30,000 ක් පමණ ඇති බවත් රජය ප්‍රතිපත්තියක් හේතුවෙන් පසුගිය වසර තුන තුළ පොලිසියට බඳවා ගැනීම් සිදු නොකළ බවත් මේ වනවිට ඉදිරි වසරේදී නිලධාරීන් 5000 ක් සහ ඊළඟ වසරේදී තවත් 10,000 ක් බඳවා ගැනීම සඳහා අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

 

 

 



අදහස් (2)

අපරාධ රැල්ල මඬින්න විධිමත්ව කටයුතු කරනවා

Roshan Sunday, 17 August 2025 04:18 PM

ආපු ගමන් ඔහොම බයිලා පම්පෝරි ගහපු 37වෙනියා... පොලිසියම තමයි මුලින්ම සුද්ද කරන්න ඕනෑ.

:       6       55

යෝගා Sunday, 17 August 2025 05:22 PM

ඇයි දැන් ටික දවසකට කලින් ඔයාම කිව්වා නේද රටේ අපරාධ රැල්ලක් නෑ කියලා. ඔය වගේ දිව දෙකේ කතා කියනකොට අපිට නම් හිතෙන්නේ ඔයාට ඔය තනතුර බර වැඩිවෙයි කියලා...!

:       7       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 725 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 560 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site