රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ සාකච්ඡා පසුගිය 15 වැනිදා ඇලස්කාවේ ඇන්කරේජ් නුවර එල්මෙන්ඩෝෆ්-රිචඩ්සන් ඇමෙරිකන් හමුදා කඳවුරේදී පැවැත්විණි.
එම හමුවට අදාළ රහසිගත තොරතුරු ඇතුළත් ලේඛනයක් එල්මෙන්ඩෝෆ්-රිචඩ්සන් කදවුරට නුදුරින් පිහිටි හෝටලයක තිබී හමුවීමත් සමඟ මේ වනවිට මහත් ආන්දෝලනයක් හටගනෙ ඇත. ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තු මුද්‍රාව සහිත පිටු 8 කින් යුතු මෙම ලේඛනයට ඇතුළත් වන්නේ, ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති පුටින් අතර පැවති හමුවට අදාළ සංවේදී තොරතුරුය.
මෙම ලේඛනය හමුවූ බව පැවැසෙන කැප්ටන් කුක් නමැති සුභෝපබෝගී හෝටලය ඇත්තේ එල්මෙන්ඩෝෆ්-රිචඩ්සන් හමුදා කඳවුරේ සිට මිනිත්තු 20 ක් දුරිනි. හේටලයේ සිටි අමුත්තන් තිදෙනකුට රහස් ලේඛනය හමුවී ඇත්තේ හෝටලයේ පොදු මුද්‍රණ යන්ත්‍රයක් අසලින් යැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ට්‍රම්ප්-පුටින් හමුවට අදාළ ස්ථාන සහ හමුව පැවැත්වෙන වේලාව, පැවැත්වීමට නියමිතව තිබූ දිවා භෝජන සංග්‍රහට අදාළ තොරතුරු පමණක් නොව, ආහාර මෙනු පවා මෙම ලේඛනයට ඇතුළත් වෙයි. ඊට අමතරව, රුසියානු වචන උච්චාරණ විධි සහ ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ දුරකතන අංක ද සඳහන් වී ඇත.
ලේඛනය පිළිබඳ තොරතුරු ඇමෙරිකන් මාධ්‍ය විසින් අනාවරණය කරනු ලැබුවේ, ට්‍රම්ප්ගේ ‘අභිරහස් සහායිකාව’ යන නමින් මාධ්‍ය විසින් හඳුන්වනු ලබන මොනිකා ක්‍රොව්ලි සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ සිටින ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත් වීමත් සමඟය.
එම ඡායාරූපයේ දැක්වෙන්නේ පුටින් ආපසු යෑමට සූදානම් වී ගුවන් යානයට ගොඩවීමට යද්දී, ක්‍රොව්ලි හමුවන අයුරුය. ක්‍රොව්ලි සිනාමුසුව, රුසියානු ජනාධිපතිවරයාට අතට අත දෙන ආකාරය ඡායාරූපයේ දකින්න ලැබේ.
හෝටලයෙන් හමුවුණු ලේඛනය, ප්‍රසිද්ධයට පත් වූයේ ක්‍රොව්ලි සහ ඇගේ කණ්ඩායමේ නොසැලකිල්ල නිසා බවටත් එය ට්‍රම්ප් සහ පුටින් හමුවේ ආරක්ෂක කටයුතුවලට තර්ජනයක් වූ බවටත් මේ වනවිට චෝදනා එල්ල වීමට ද පටන්ගෙන ඇත.
එම ලේඛනයේ සඳහන් ට්‍රම්ප් සහ පුටින් දිවා භෝජනය හිටිහැටියේ අවලංගු කෙරුණේ ද ලේඛනය අස්ථානගත වූ නිසා යැයි අනුමාන කෙරේ. ලේඛනය මොනිකා ක්‍රොව්ලි සහ ඇගේ කණ්ඩායම විසින් සකස් කරන ලද්දක් විය හැකි බව ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
නිශ්චිත කාර්යභාරයක් පැවරී නොමැති වුවත්, ට්‍රම්ප්ගේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී ප්‍රධාන භූමිකාවක් දරන්නේ මොනිකා ක්‍රොව්ලිය. මැය හිටපු ෆොක්ස් ප්‍රවෘත්ති නාළිකාවේ මාධ්‍යවේදිනියක වන අතර, ට්‍රම්ප් හිතවාදියෙකි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ට්‍රම්ප් පුටින් හමුවේ රහස් ලියවිල්ලක් එළියට