නන්දිකඩාල් කලපුවේ මසුන් මියයාම ගැන පරික්ෂණයක් නන්දිකඩාල් කලපුවේ සහ වට්ටුවාගල් කලපුවේ විවිධ වර්ගවලට අයත් මසුන් දහස් ගණනක් මරණයට පත් වීම සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වන්නැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම්තුමියට උපදෙස් දී තිබේ. 05 June 2017
අනුර සේනානායක වසරකට පසු එළියට රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුදීන් ඝාතනයේ සාක්කි වසන් කළැයි සැකපිට වසරක පමණ කාලයක් රිමාන්ඩ් බාරයේ සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අද ඇප තැම්පත් කර පිටව ගියේය. 05 June 2017
සංවර්ධන ව්‍යාපෘති වලට වාර්ෂිකව කැලෑ ඉඩම් හෙක්ටයාර් 8000 ක් සංවර්ධන ව්‍යාපෘති හා සංවර්ධන උපාය මාර්ගයන් සඳහා වාර්ෂිකව හෙක්ටයාර් 8000 කට අධික කැලෑ ඉඩම් හෙළි පෙහෙළි වන බව අලූත්ම සංඛ්‍යා ලේඛන වලින් හෙළි වෙතැයි පරිසර යුක්ති කේන්ද්‍රය කියයි. 05 June 2017
මුහුදු වතුර ගාලු පාරට එයි කහව මංසන්ධියේ සිට ගාල්ල, හික්කඩුව තොටගමුව පාලම දක්වා ගාලු පාරේ ස්ථාන කිහිපයකට මුහුදු ජලය ගලා එමින් පවතින බව ප්‍රදේශවාසීහු කියති. 05 June 2017
දරු ප්‍රසූතියෙන් වසරක් යනතුරු හෙදියන්ට රාත්‍රී වැඩමුර නෑ දරු ප්‍රසුතියෙන් පසු වසරක් යන තුරු රාත්‍රි සේවා මුර අහෝසි කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. හෙදියන් සඳහා සහනයක් දෙන බව ප්‍රකාශ කරමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද ඒ බව හෙළි කළේය. දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මහල් 8 කින් යුත් කළුතර නව හෙද විද්‍යාලය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි. 05 June 2017
ලන්ඩන් ප්‍රහාරයට සැක කිහිපදෙනෙක් පොලිස් දැලේ බ්‍රිතාන්‍ය පොලිසිය අද(5) අලුයම කළ වැටලීම් දෙකක දී පසුගියදා ලන්ඩන් නුවරට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකසහිත කිහිප දෙනකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. 05 June 2017
ආපදාවට ලක්වූ මැණික් හා රන් කර්මාන්තකරුවන්ට සහන ගංවතුරින් හා නාය යෑම්වලින් අවතැන් වු හා ආපදාවට ලක්වූ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ගේ පවුල්වලට සහනාධාර ලබාදීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කර ඇත. 05 June 2017
නායයාමේ අවදානමෙන් දෙණියාය රාජපක්ෂ විදුහල වහයි දෙණියාය රාජපක්ෂ මහ විදුහල අසල නායයෑමේ අවදානමක් පවතින බැවින් එම විදුහල දින නියමයක් නොමැතිව වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇතැයි විදුහල්පති කේ.එල්.එන්.දිල්හානි මහත්මිය පවසයි. 05 June 2017
මට්ටක්කුලියේ වෙඩි තැබීමක් මට්ටක්කුලිය ජුබිලි මාවතේ දී මීට සුළු වේලාවකට පෙර සිදු වු වෙඩි තැබීමතින් එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ මට්ටක්කුලියේ පාතාල සාමාජිකයකු ගේ ඥාතියෙක් බවද දැනට හඳුනාගෙන ඇත. 05 June 2017
රටවල් හතරක් කටාර් සමග සබඳතා අත්හරී ත්රස්තවාදයට උදවු සපයන බවට චෝදනා කරමින් සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය කටාර් රාජ්‍යය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නතර කර දැමීමට අද (5) තීරණය කළේය. 05 June 2017
ග්රාමසේවකලා අවතැන් කඳවුරේ පානිය ජලය සොරකම් කරති මාතර රාහුල විද්‍යාලයීය අවතැන් කඳවුරට ලැබුණු පානීය ජල බෝතල් තොගයක් සොරකම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම කඳවුර භාරව සිටි ග්‍රාම නිලධාරීන් දෙදෙනකු ගැන පරික්ෂණයක් පවත්වන බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 05 June 2017
ගිං - නිල්වලා වාරිමාර්ග යෝජනා ක්‍රමයෙන් වාසි රැසක් ගිං නිල්වලා වාරිමාර්ග යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේම් මාතර ජල ගැලීම් වලට හා හම්බන්තොට ජල හිඟයට විසඳුමක් ඇති වන බව ජාතික ඒකාබද්ධ ගොවි සංවිධායේ ප්රචාරක ලේකම් ශෂී එදිරිසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 05 June 2017
බොරු බෝම්බ බියෙන් 1500කට තුවාල ඉතාලයේ ටියුරින් නුවර පාපන්දු නගරයක් නරඹමින් සිටි පිරිසක් අතර ඇතිවූ බෝම්බ බියක් නිසා සිදුවූ තෙරපීම හේතුවෙන් සෙනසුරාදා (3) රාත්රියේදී 1,500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. 04 June 2017
තිබ්බොට්ටාව කන්දෙන් පවුල් 22ක් ඉවත් කරයි බුලත්සිංහල තිබ්බොට්ටාව කන්ද නායයෑමේ අවදානමක් ඇති හෙයින් පවුල් 22ක් ඉවත් කළ බව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් එස් කේ සේනාධීර මහතා පැවසීය. 04 June 2017
අපාදාවට මුහුණ දුන් දකුණේ රාජ්‍ය සේවකයන්ට විශේෂ ණයක් පසුගියදා ඇතිවූ අපදා තත්ත්වයෙන් විපතට පත් දකුණු පළාත් රාජ්‍ය සේවකයන්ගේ පූර්ණ හෝ අර්ධ හානියට පත් නිවාස පිළිසකර කර ගැනීම සඳහා විශේෂ ආපදා ණය වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට දකුණු පළාත් සභාව තීරණය කරයි. 04 June 2017
අගමැතිගේ සංචාරය කළින් නිමවෙන ලකුණු ඇමරිකා එක්සත් ජනපදයේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම්කර තිබු කාලයට ප්‍රථමයෙන් නැවත ආපසු පැමිණීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි. 04 June 2017
පලෙයි වෙඩි තැබීමට සැකකරුවකු අල්ලයි කිලිනොච්චි පලෙයි හිදී පොලිස් වාහනයකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවකු ත්‍රස්ත විමර්ශක කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. 04 June 2017
සහනාධාරත් සොරකම් කරති ගංවතුරින් සහ නායයාම් විපත් හේතුවෙන් අවතැන් වූ ජනතාවට බෙදාදීම පිණිස විහාරස්ථානයක ගබඩා කර තිබු රෙදිපිළි සහ බිස්කට් වර්ග ඇතුළු ක්ෂණික ආහාර තොගයක් ත්‍රිරෝද රථයකින් පැහැරගත් බව කියන තරුණයින් සිව් දෙනෙකු පොලිස් හදිසි ඇමතුම් අංශය කළ දැනුම් දීමක් මත අත්අඩංගුවට ගත් බව කිරිඇල්ල පොලීසිය පවසයි. 04 June 2017
ජල ව්‍යාපෘතියට ගෙනා කෝටියක සම්පත් කැළේ පුත්තලම කරුවලගස්වැව නීලබැම්ම ගොවි ජනපදයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම සදහා ඉකුත් රජය සමයේ ආරම්භ කෙරුණු නීලබැම්ම ජල ව්‍යාපෘතියට ආරම්භ කර වසර කීපයක් ගතවී ඇතත් එහි ඉදිකිරීම් අවසන් කිරීමට බලධාරීන් පියවර නොගැනීම නිසා තමන් පීඩාවට පත්වී සිටින බව එහි ප්රතිලාබීහු පවසති. 04 June 2017
ලන්ඩන් නුවර ප්‍රහාර දෙකකින් නව දෙනෙක් මරුට බ්‍රිතාන්‍යයේ අගනුවර වන ලන්ඩන් නුවරට සෙනසුරාදා (3) රාත්‍රියේ එල්ල වූ ප්‍රහාර දෙකකින් 9 දෙනකු ජීවතක්ෂයට පත්ව 50කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. 04 June 2017
හර්ෂ ද සිල්වා බැඳුම්කර කොමිසම හමුවට වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි දීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හෙට(05) කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත. 04 June 2017
දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිපාදන වැඩි කෙරේ පවතින ආපදා තත්ත්වය නිසා දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට සෘජුව ජනතාවගේ ප්‍රශ්න වලට මැදිහත්වීමට හැකි වන සේ මන්ත්‍රීවරුන්ට දැනට ලබා දෙන ලක්ෂ 50 ක ප්‍රතිපාදන වලට අමතරව තවත් ලක්ෂ 05 ක් ලබා දීමට තීරණය කළ බව දකුණු පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි. 04 June 2017
තරංගට තරග දෙකක තහනමක් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයේදී නියමිත කාලය ඇතුළත ඕවර 50 නොයැවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික නායකයාව සිටි උපුල් තරංගට තරග දෙකක තහනමක් නියම කර තිබේ. ඒ අනුව ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඉදිරි තරග දෙකට සහභාගි වීමට තරංගට අවස්ථාව නොලැබෙනු ඇත. 04 June 2017
හෙට සිට උතුරු මැද සුරා සල් සතියක් වැසෙයි පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්කවල සියලු මත්පැන්හල් හෙට(05) සිට 11 වැනිදා තෙක් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මේ කාලය තුළ එම දිස්ත්‍රික්කවල විශේෂ වැටලීම් කරන බවද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කීය. 04 June 2017
ඇෆ්ගනිස්ථානයේ මළ ගෙදරකට බෝම්බ ප්‍රහාරයක් ඇෆ්ගනිස්ථාන රජයට විරුද්ධව පවත්වනු ලැබූ විරෝධතාවකදී මියගිය සලෙම් ඉසාද්යා නම් පුද්ගලයකුගේ අවමගුල් උත්සවයට එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරයකින් හත්දෙනකු මියගොස් 119ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 04 June 2017
වලස්මුල්ලෙන් පවුල් 58ක් ඉවත් කළ යුතුයි වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාය යෑමේ අවදානම් ප්‍රදේශවලින් පවුල් 58 ක් අනීවාර්යෙන්ම ඉවත් කළ යුතු බව වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් එන්.ආර් විතානගේ මහතා පවසයි. 04 June 2017
අවදානම නිසා ඉවත්වෙන්න’යි කළ අවවාදය ගම්වැසියෝ ප්‍රතික්ෂේප කරති නායයෑමේ දැඩි අවදානමක් හේතුවෙන් හැටන් සමනළගම ප්‍රදේශයේ පවුල් 12කට පදිංචි නිවාස වලින් ඉවත් වන ලෙස හැටන් පොලිසියෙන් කළ දැනුම් දීමක් ගම්වාසින් ප්‍රතික්ෂේප කර තිබේ. 04 June 2017
බ්‍රිතාන්‍ය පොලිසිය ප්‍රහාර දෙකේ සම්බන්ධය සොයයි සෙනසුරාදා (3) රාත්‍රීයේදී බ්‍රිතාන්‍යයේ මධ්‍යම ලන්ඩනයේ, ’ලන්ඩන් පාලම’ අසලත් ’බරොව් මාර්කට්’ ආසන්නයේත් ප්‍රහාර දෙකක් සිදුව ඇතැයි වාර්තා වේ. 04 June 2017
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ආරක්ෂිතයි එංගලන්තයේ ලන්ඩන් පාලම අසල දී සිදු වූ බෝම්බ පිපිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිසිවකුට අනතුරක් නැතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු රංජිත් ප්‍රනාන්දු මහතා කියයි. 04 June 2017
උතුරු කොරියාවට පැනවූ සම්බාධක තවත් වැඩිකරයි උතුරු කොරියාව දිගින් දිගටම මිසයිල අත්හදා බැලීම හේතුවෙන් එරට පැන වූ සම්බාධක පනවා තිබූ සම්බාධක තවදුරටත් වැඩි කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සිකුරාදා (3) තීරණය කළේය. 03 June 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026