(රංජන් කස්තුරි)
ජනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව ජාත්‍යන්තර සංවිධානයක් නගා තිබෙන යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.
මීට ඉහතදී ද ශ්‍රී ලංකාවේ රණවිරුවන්ට මෙවැනි චෝදනා එල්ලවූ නමුත් ශ්‍රී ලංකා යුද හමුදාව ලෙස ඒවා ප්‍රතික්ෂේප කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
බ්‍රසීලයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව දකුණු ඇමරිකා මානව හිමිකම් සංවිධානයක් මගින් යුද අපරාධ චෝදනා එල්ල කිරීම පිළිබඳව කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ පාලකයන්ගේ වැරැදි ... රට බේරාදුන් රණවිරුවන්ට මෙහෙම වෙන්නේ ඇයි?
චන්දයක් එන බව කිවා විතරයි " රණවිරුවන් දන් ගෙඩියට ගෙනියන්න ජාත්‍යන්තරය පටන් අරගත්තා"
හමුදා පති ප්‍රතික්ෂේප කලත් ආණ්ඩුවේ තීරණය කුමක්ද?අත්පා ජීවිත පරිත්‍යාගයෙන් රට රැක දුන් රණවිරුවන් වෙනුවෙන් රජයේ ප්‍රතිපත්තිය ජනතාවට හෙලිකල යුතුයි.නැතිනම් මේ යහපාලනය ජනතාවට වහ කදුරු පාලනයක් වේවි,
කොන්ද පන නැති දේශපාලනය
රනිලුයි මයිත්රියි ලංකාවේ ඇතුලේ හාල් මැස්සෙක් මොනවා හරි කියුව්වොත් මඩු වලිගෙ ගන්නවා.හැබැයි රට බේරාගත් යුධ සෙබළුන් ට විසා ප්‍රතික්ෂේප කරනකොට ,මේවගේ චෝදනා එනකොට ඇඳ අස්සේ රිංගනවා 1815 ත් ලංකාවට උනේ කළු සුද්දෝ ටිකක් සුද්දන්ට කත් අදින්න ගිහින් රට අභාගයට ගිය එක .දැමුත් එ්කමයි වෙන්නේ.
හුසේන් කුමාරයාගේ UNHRC වාර්තාවේ (පිටු අංක 140 ගණන්වල) මේ සම්බන්ධ ඍජු චෝදනා එල්ල කොට තිබුන. හිටපු විදේශ ඇමති මේ වාර්තාව රජය වෙනුවෙන් සම්පුර්ණයෙන්ම පිලිගත්ත. දැන් ඉතින් රජයට කතාකරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. වෙන දේ බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. මේ වගේ බියසුලු, ආත්මාර්තකාමීන රැලකට එක ඒහැටි දෙයක් නෙමෙයි!. මේ රටට සැබවින්ම ආදරය කරන සුවහසක් ජනතාවට තමා මේවා දරාගන්න බැරි.