(මනෝප්රිය ගුණසේකර)
පාසලක හයවැනි වසරට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා රුපියල් 25,000ක අල්ලසක් ඉල්ලීමේ චෝදනාවට වැරදිකරුවු පානදුර මහානාම විදුහලේ විදුහල්පතිනියට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා බරපතල වැඩ සහිත වසර 8ක සිරදඬුවමක් අද(29) නියම කළේය.
යහපත් පුරවැසියන් බිහි කිරීමට දරුවකු පාසලට ඇතුළත් කරගැනීම සඳහා අල්ලස් ඉල්ලීම හා ලබාගැනීම සමාජයේ පිළිලයක් බවට පත්ව ඇතැයි විත්තිකාර විදුහල්පතිනියට දඬුවම් නියම කරමින් පැවැසූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාරියට නියම කළ බරපතල වැඩ සහිත වසර අටක සිරදඬුවම වසර හතරක කාලයක් තුළ ගෙවී යන පරිදි කි‍්‍රියාත්මක කිරීමටද නියම කළේය.
පානදුර මහානාම විදුහලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කළ නදීකා පීරීස් එසේ වැරදිකාරිය කෙරුණු අතර 2009 නොවැම්බරයේ දී පානදුර මහානාම විදුහලේ හයවැනි වසරට සිසුවකු ඇතුලත් කර ගැනීමට අල්ලසක් ඉල්ලූ බවට චෝදනා දෙකක් යටතේ අල්ලස් කොමිසම විත්තිකාරියට එරෙහිව නඩු පවරා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදුහල්පතිනිය දරුවන් වෙනුවෙන් කෙතරම් යහපත් දේවල් කරන්න ඇතිද? දඬුවම වැඩි බවක් පේනවා.
රුපියල් 25000 ක් පුද්ගලයෙක්ගෙන් ගනිපු මේ විදුහල්පතිනියට වසර 8 ක් බරපතල සිරදඩුවම් .අපුරු යහපාලනය
සාමාන්‍ය ජනතාවට වගේම ප්‍රබලයන්ටත් නීතිය ක්‍රියාත්මක වන්නේ කවදද?
කරුමේ කියන්නේ නයෙක්වත් කෑවේ නැනේ. එකට ඉතින් චෝදනාව කෝටි ගානක් වෙන්නත් ඕන.දේශපාලන බලය තියෙන්නත් ඕන .
අධිකරණයෙන්වත් මේ වසංගතය ඉවර කරයිද කියල බලමු
මේ දේ තමා වෙන්න ඕනේ , වරදක් කරපු අයට නියම දඬුවම දෙන්න ඕනේ...හැම නිළධාරියෙක්ම වග කියන්න ඕනේ ලංකාවේ තියෙන දුෂණයට. මේ විදිහට රජයේ නිලධාරින්ට දඬුවම් දීපුවාම නිකම්ම දේශපාලුවොත් කොටු කර ගන්න පුළුවන්.මොකද නිලධාරීන් අවංක නම් දේශපාලුවන්ට ජරාව කන්න බැහැ. හොඳ ආරම්භයක් .....
25000 ක් ලන්න ඇත්තේ අහිංසකයයෙකුගෙන්. මෙයා මීට වඩා ලොකු ඉස්කොලෙක හිටයිනම් තව ගන්නවා. මෙහෙම වුනු එක හොදයි
දේසපාලන හොරුන්ට කවද්ද දඬුවම් දෙන්නේ . පුදුම රටක් .
තවත් විදුහල් පතිනියක් ඉන්නවා වාර්තාවක් තියන්න ඔන්න මෙන්න ! වාර්තාව තමයි දශක 2ක් එකම පාසලේ විදුහල්පති තනතුර දැරීම! පාසලේ පරිපාලනය අන්තිමයි කියල තියෙනකොටම පාසලේ නම කියන්න අවශ්‍ය නැහැ ... හැමෝම දන්නවා ! දරුවන්ගේ වාසනාවට ගරු අකිල ඇමතිතුමාට මෙම සටහන ඇස ගැටේවා !
කොළඹ සුපිරිම බෞද්ධ පාසලක හිටපු විදුහල්පති ලක්ෂ ගණනින් අල්ලස් ගත්තා. එයාව තනතුරින් පන්නල දැම්ම.
දේශපාලන හයිය ඇති බලගතු අයට කවදාවත් ඔහොම වෙන්නේ නැහැ. පොලිසිය වුනත්, ඔවුන් ඉදිරියේ දෙකට නැමෙනවා... යස් සර් කියල පොලිස්පතිවරයා කිව්වා වගේ. දැන් දැන් තාක්ෂණයත් දියුණු නිසා, කවුරු දුෂිතයින් පගාකාරයින් රකින්න උත්සාහ කරත්, මාධ්‍ය මගින් හෝ ඔවුන්ගේ ක්‍රියාවන් එළිදරවු කර අවශ්‍ය දඬුවම් ලබාදිය හැකීයි. ඔය දේ හරියටම 100%ක් වෙනවානම්..., අතැඟිලි ගානටයි රටේ විදුහල්පතිවරුන් ඉතිරි වෙන්නේ. රටේ ළමයින්ට, ඉගැන්වීමේ කටයුතු බාරදීල තියෙන්නේ මොවුන්ටයි. නොමග යන මොවුන්ට පුලුවන්ද ළමයින්ට හරිමග පෙන්නන්න..?
මේ දඩුවම් හොද ආරම්බයක්.