(නිමල් අල්ගෙවත්ත)
පළාත් සභා ඡන්ද නවයම එකම දිනක පැවැත්වීමට ගෙන එන 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දකුණු පළාත් සභාවේදී අද (29) පරාජයට පත්විය.
පක්ෂව ඡන්ද නොලැබුණු බවත් විපක්ෂව ජන්දය 27 ක් ලැබුණූ බවත් එම පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා පැවසීය.
එජාප දකුණු පළාත් සභා මන්ත්‍රී චන්දන ප්‍රියන්ත මහතා සභාවේ සෙංකෝලය රැගෙන වැසිකිළියට දිව ගිය අතර ඒ පසුපස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු දිව ගියහ.එම අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇති විය.මන්ත්‍රීවරුන් ගුටිබැට හුවමාරු කරගන්නා අයුරු දැකගන්නට හැකිවිය.
එහිදි සෙංකෝලය කොටස් හතරකට කැඩුණු අතර පසුව එම කොටස් එක්කොට සෙංකෝලය සකස් කළ මන්ත්‍රීවරු පිරිසක් එය සභාවේ යළිත් තැන්පත් කළහ.
එම පනතට අදාළ සභාවේ මතය ප්‍රකාශ කෙරුණේ ඉන් පසුවය. සභාව ලබන මස 12 වැනි දා දක්වා කල් තැබිණි.








COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.