(නිමල් අල්ගෙවත්ත)
පළාත් සභා ඡන්ද නවයම එකම දිනක පැවැත්වීමට ගෙන එන 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දකුණු පළාත් සභාවේදී අද (29) පරාජයට පත්විය.
පක්ෂව ඡන්ද නොලැබුණු බවත් විපක්ෂව ජන්දය 27 ක් ලැබුණූ බවත් එම පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා පැවසීය.
එජාප දකුණු පළාත් සභා මන්ත්‍රී චන්දන ප්‍රියන්ත මහතා සභාවේ සෙංකෝලය රැගෙන වැසිකිළියට දිව ගිය අතර ඒ පසුපස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු දිව ගියහ.එම අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇති විය.මන්ත්‍රීවරුන් ගුටිබැට හුවමාරු කරගන්නා අයුරු දැකගන්නට හැකිවිය.
එහිදි සෙංකෝලය කොටස් හතරකට කැඩුණු අතර පසුව එම කොටස් එක්කොට සෙංකෝලය සකස් කළ මන්ත්‍රීවරු පිරිසක් එය සභාවේ යළිත් තැන්පත් කළහ.
එම පනතට අදාළ සභාවේ මතය ප්‍රකාශ කෙරුණේ ඉන් පසුවය. සභාව ලබන මස 12 වැනි දා දක්වා කල් තැබිණි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංයමය මැදහත් බව පුරුදු නොකරපු මෙවැනි පුද්ගලයින්ට උත්තරීතර ආයතන නියෝජනය කරන්න ඉඩ සැලසූ ඔබ මම වැරදි කාරයෝ නොවෙමුද
'රටකට ලැබෙන්නේ ඒ රටේ වැසියන්ට සුදුසු ආණ්ඩුවකි' කියල කියමනක් තියෙනවා. ඔය ඉන්නේ අපට ගැලපෙන කට්ටිය.
අන්න ගැලපෙන තැනටම සෙන්කොලය අරන් ගිහින්
මම UNP කාරයෙක්. ඒ උනාට මේ සෙන්කොලය උස්සන් යන එක හරි නිවටකමක් සහ ප්‍රජාතන්ත්‍රී වීරෝධී වැඩක්. මේවට අපි විරුද්ධයි. මේ අයව ඉදිර්යේදී පත් නොකර යුතුයි
සෙන්කොලය උස්සන් යන්නෙක දැන් සිරිතක් බවට පත් වෙලා. මොනතරම් පහත් ක්‍රයාවක්ද. මේ අයද මහජන නියෝජිතයෝ?