විදේශ ඇමති රවී මුලින්ම මෝදි හමුවෙයි විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා අද(6) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව විදේශ අමාත්‍යංශ ආරංචි පවසයි. 06 June 2017
සරසවි කඩයිම් ලකුණු එයි විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා 2016/17 අධ්‍යයන වර්ෂයට අදාළව අවම කඩයිම් ලකුණු ප්‍රකාශයට පත් කර ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. 06 June 2017
වල්ලපට්ටා වවා අම්බොක්ක කන්ද වනසති මාතලේ අම්බොක්ක කන්ද මුදුන එළිපෙහෙළි කොට කිසියම් පිරිසක් තේ ,වල්ලපට්ට ,හා පැඟිරි වගා කර ඇත. කන්ද මුදුනෙන් පටන් ගන්නා දිය උල්පත් හරස් කර එම වගාවන්ට යෙදීම නිසා කන්දෙන් පහළ ගම්මාන ගණනාවක් උග්‍ර ජල හිඟයකට මුහුණපා සිටිති . 06 June 2017
ගංවතුරෙන් දිවි අහිමි වූවන්ට පාර්ලිමේන්තුවේ සොව පළකෙරේ ගංවතුර සහ නායයාම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වු ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සාතිශය සංවේගය පලකරන බවත් ආපදාවට පත් ජනතාව දැඩි කම්පාවෙන් යුතුව සිහිපත් කරන බවත් කථානායක කරු ජයසුරිය මහතා අද (06) පාර්ලිමේන්තුව ආරම්භයේදී 06 June 2017
කෝටි ගණන් වංචාකර නල්ලූර්හි වැසියන්ට කොටුවෙති බෝතල් කල පානීය ජලය සපයන පෞද්ගලික සමාගමක වෙළඳ නියෝජිතයින් වශයෙන් පත් කරන ලෙස පවසා යාපනයේ වෙළෙන්ඳන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ දෙදෙනෙකු යාපනය නල්ලූර් ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් පිරිසක් විසින් අල්ලා පහර දී යාපනය පොලීසිය වෙතට භාර දී ඇත. 06 June 2017
දෝහා කටාර් වෙත ශ්‍රී ලන්කන් ගුවන් ගමන් දිගටම මැදපෙරදිග පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අර්බුදය හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන්වලට කිසිදු බලපෑමක් නැතැයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය කියයි. එමෙන්ම මෙම තත්ත්වය සම්බන්ධයෙන් සමීපව අධීක්ෂණය කරන බවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරයි. 06 June 2017
ඊවා වනසුන්දර වැඩබලන අගවිනිසුරු ලෙස දිවුරුම් දෙයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරු ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද(06) දිවුරුම් දුන්නාය. 06 June 2017
බරින් වැඩිම අභ්‍යාවකාශයක් ඉන්දියාව ගුවන් ගත කරයි ටොන් 640ක් බර විශාල රොකට්ටුවක් බෙංගාල බොක්කේ ශ්‍රිහාරිකොටා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් සාර්ථක ලෙස ගුවන්ගත කළ බව ඉන්දියානු අභ්‍යවකාශ කාර්යාංශය පවසයි. 06 June 2017
බැංකු තුනක් කටාර් මුදල් මාරු කරයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් කොටුපළේ පිහිටි ලංකා බැංකුව,මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව ඇතුළු බැංකු කීපයක් කටාර් රියාල් මුදල් ශ්‍රී ලංකා රුපියල් වලට මාරු කිරිම සිදු කරන බව එම බැංකු පවසයි. 06 June 2017
කටාර් රියාල් නොගන්න‘යි මහබැංකුවෙන් නිවේදනයක් නෑ කටාර් රියාල් බාර නොගන්නා ලෙසට කිසිදු බැංකුවට දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 06 June 2017
සුජාත දියණියගෙන් ඩොලර් 50,000 ක ගංවතුර ආධාර සුජාත දියණිය නම් කොරියානු ටෙලිනාට්‍ය තුළ චන්ගුමි චරිතය නිරුපනය කරමින් මෙරට ප්‍රේක්ෂකයන් වෙත සමීපවු කොරියානු නිලි ලී යන්ග් ගංවතුර හා නායයාම් හේතුවෙන් පීඩාවට පත් ජනජීවිත සඳහා සහන සැලසීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 50 000ක් පරිත්‍යාගකර ඇත. 06 June 2017
නායයාමෙන් අවතැන්වූවෝ ගමට යන්න ඕනෑ යයි කියති නායයාමේ අවදානම් නිසා මේවන විට ජනතාව ඉවත් කර ඇති ප්‍රදේශවල අවතැන් ජනතාවට කළයුත්තේ කුමක් දැයි යන්න පිළිබඳ පැහැදිලි තීරණයක් ලබාදීමට කිසිවකුත් සමත් නොවීම නිසා ජීවිත අවදානම නොතකා යළි තම නිවාස වල යාම හැර වෙනත් විකල්පයක් නැතැයි එම අවතැන් වූ ජනතාව පවසති. 06 June 2017
පරනගම නිවාස 30ක පිපිරුම් මාතලේ ඇහැලේපොල පරනගම ප්‍රදේශයේ නිවාස 30ක පමණ බිත්ති හා ටයිල්වල පිපිරුම් ඇතිව තිබෙන බව ප්රදේශවාසිහු පවසති. සිය ගම්මානයේ පවුල් 150ක් පමණ ජීවත් වන බවත් නිවාස 30 කට වැඩි ප්‍රමාණයක් අවදානම් තත්ත්වයේ පවතින බව ද ඔවුහු පවසති. 06 June 2017
කටාර් ගුවන් යානාවලට සෞදි-ඊජිප්තු ගුවන තහනම් කටාර් ගුවන් යානාවලට තම ගුවන් සීමාව තහනම් කිරිමට සෞදි අරාබිය සහ ඊජිප්තුව පියවර ගෙන තිබේ. 06 June 2017
කටාර් රියාල් මාරු නොකිරීමෙන් ශ්‍රී ලාංකිකයන් අමාරුවේ කටුනායක ගුවන් තොටුපොළේ පිහිටි කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක් අද (6) සිට කටාර් රියාල් මාරු නොකිරීම නිසා කටාර් රියාල් රැගෙන එන ගුවන් මගීන් බලවත් ගැටලුවකට මැදි වී තිබේ . 06 June 2017
ප්ලාස්ටික් හාල් කතාව බොරු බව සතොස සභාපති කියයි පාකිස්තානයෙන් ආනයනය කළ බාස්මතී සහල් පරිභෝජනයට නුසුදුසු ප්ලාස්ටික් සහල් වර්ගයක්යැයි කියමින් සතොස කීර්ති නාමය විනාශ කිරීමට කිසියම් පිරිසක් කටයුතු කරමින් සිටින බව ලංකා සතොස සභාපති ටී එම් කේ බී තෙන්නකෝන් මහතා පැවසීය. 05 June 2017
සබඳතා නැවැත්වීම ගැන කටාර් විදේශ ඇමැති කණගාටුව පළ කරයි ත්රස්තවාදයට උදවු සපයන බවට සහ මූලධර්මවාදී අදහස් පතුරුවන බවට චෝදනා කරමින් කටාර් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හැර දැමීමට අරාබි රටවල් හයක් අද (5) පියවර ගැනීමත් සමඟ ඊට පිළිතුරු දීමට කටාර රාජ්‍යය කටයුතු කළේය. 05 June 2017
කීත් නොයාර් නඩුවේ සැකකරුවන් යළි රිමාන්ඩ් ට්‍රිපොලි බුද්ධි අනු කණ්ඩය පිහිටුවීම සම්බන්ධයෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා දැනුවත්ව සිටි බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(5) අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. 05 June 2017
‘ද්විතීයික වෙළඳ පොළේ තොරතුරු දුන්නේ නෑ‘ - හර්ෂ ද සිල්වා බැඳුම්කර කොමිසමේදී කියයි ද්වීතීයක වෙළඳ පොළේ තොරතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගෙන් මෙන්ම ශ්‍රී ලංකා මහා බැංකුවේ වත්මන් අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතාගෙන්ද ඉල්ලා සිටියත් ඔවුන් ඒ තොරතුරු ලබා දුන්නේ නැතැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් කියා සිටි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද(5) බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් පැවසීය. 05 June 2017
පානදුර නගරසභා නිලධාරිනියකට පහරදුන් ආදායම් පරීක්ෂකට ඇප පානදුර නගර සභාවේ කළමනාකරණ සහකාරවරියකට පහරදුන් බව කියන ආදායම් පරීක්ෂකවරයකු අද(5) අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය පවසයි. 05 June 2017
පොලිස් ඉෆ්තාර් උත්සවයේ මුදල් අවතැන්වූවන්ට ඉස්ලාම් භක්තික පොලිස් නිලධාරීන් වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන පොලිස් ‘‘ ඉෆ්තාර් උත්සවය’’ මෙවර අවංලංගු කර ඇති අතර ඒ වෙනුවෙන් වැය කිරීමට නියමිතව තිබු රුපියල් ලක්ෂ 10 ක මුදල ගංවතුර හා නායයාමෙන් ආපදාවට පත් වු ජනතාව වෙනුවෙන් යෙදවීමට පොලිසිය පියවර ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 05 June 2017
හොරෙන් ඉන්දියා යන්න ගිය සැකකරු කොටුවෙයි නිති විරෝධී ලෙස මුහුදු මගින් ඉන්දියාවට යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයකු අද(4) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 05 June 2017
තම රටට එරෙහි චෝදනා බොරු බව කටාර් රජය කියයි තම රට සමඟ තිබෙන සබඳතා නවතා දැමීමට සෞදි අරාබිය ප්රමුඛ රටවල් හතරක් ගත් තීරණය කිසිදු ආකාරයකින් සාධාරණය කළ නොහැකි බව කටාර් රාජ්‍ය ප්‍රකාශ කරයි. 05 June 2017
රංගේ බණ්ඩාරගේ නඩුව කල්යයි සුඛෝපභෝගි මෝටර් රථයක් පවරා දීමේ පොරොන්දුව මත රුපියල් ලක්ෂ 54ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් වාරීමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාට එරෙහිව පවරා ඇති නඩුව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සළකා බලන ලෙස ඔහුගේ නීතීඥවරු නීතීපතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇති බව කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා හමුවේ අද (5) ප්‍රකාශ කළේය. 05 June 2017
ෆේස්බුක් අසත්‍ය ප්‍රතිචාරය ගැන ගයන්තගෙන් පැමිණිල්ලක් කෙසෙල් ගෙඩි කිහිපයක් අඩංගු පාර්සලයක සිය නම සහ ඡායාරූපය ඇතුළත් කර ගංවතුර ආධාර වශයෙන් බෙදා හැර ඇති බවට සඳහන් කරමින් සමාජ ජාල වෙබ් අඩවියේ පලවන අසත්‍ය ඡුයාරූපය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට ඉල්ලා ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය. 05 June 2017
හිටපු ඇමැති රෝහිතට එරෙහි නඩු විභාගය ජුලි 3 සහ 5 වැනි දා සිය නීත්‍යානූකූල ආදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපළ වල හිමිකරුව සිටින බවට චෝදනා ලැබ සිටින හිටපු වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුව ලබන ජුලි මස 3 වැනිදා සහ 5 වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (05) නියම කළේය. 05 June 2017
පොසොන් සමයට විශේෂ දුම්රියන් 28 ක් පොසොන් උත්සවයට අනුරාධපුරය බලා යන සැදැහැවතුන්ගේ ගමන් ගමන් පහසුව සඳහා විශේෂ දුම්රිය 28 ක් අඟහරුවාදා (6) සිට ලබන 10 වැනි දා දක්වා ධාවනයට යොදවා ඇතැයි දුම්රිය ගමනාගමන අධිකාරිය පවසයි. 05 June 2017
පාහියන්ගල කන්ද නායයෑම ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි පාහියන්ගල කන්ද නායයෑම සම්බන්ධයෙන් කඩිනමින් තමන් වෙත වාර්තාවක් ලබාදෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (5) කළුතර දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දී තිබේ. 05 June 2017
උතුරේ දූෂිත ඇමතිවරු පන්නා දැමීමට නිර්දේශ වංචා දූෂන හා මූල්‍ය අක්රමිකතාවන් මෙන්ම බලතල අනිසි ලෙස හැසිරවීමේ චෝදනා එල්ල වන උතුරේ අමාත්‍යවරුන් දෙදෙනෙකු එම ධූරවලින් ඉවත් කර ඔවුනට එරෙහිව නීතිමය පියවර ගත යුතු යැයි උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන්ගේ වංචා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ත්‍රිපුද්ල කම්ටුව නිර්දේශ කර ඇත. 05 June 2017
මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා සංගක්කාර එංගලන්තයේ සරේ ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී මැයි මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගෙන තිබේ. 05 June 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026