(හර්ෂණ තුෂාර සිල්වා ඡායාරූප-ජයමාල් චන්ද්‍රසිරි)
ශ්‍රී ලංකාව තුළ කිසිදු විදෙස් හමුදා කඳවුරක් ස්ථාපිත නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මෙරට වරාය සහ ගුවන් තොටුපොළ ආරක්ෂාව බාරව කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව බව ද අග්‍රාමාත්‍යවරයා එහිදි අවධාරණය කළේය.
කොළඹ අරලිය ගහ මන්දිරයේ දී අද (31) පැවැති දෙවැනි ඉන්දීය සාගර සමුළුවේ ආරම්භක සැසිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ආණ්ඩුව කිසිදු අවස්ථාවකදී විදෙස් හමුදාවක් සමඟ ගිවිසුම් හෝ සන්ධානගත වී හෝ නැති බව අග්‍රාමාත්‍යවරයා එහිදි පැවැසීය.
“එසේ නමුත් අපේ හමුදා මිත්‍ර රටවල් සමඟ හමුදා පුහුණු වැඩසටහන් සහ ඒකාබද්ධ යුද අභ්‍යාස යනාදියේ යෙදෙනවා” යැයි වික්‍රමසිංහ මහතා කීවේය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ හෙට අනිද්දම විදේශීය හමුදා කදවුරකුත් හැදෙනවා. දැන් තියෙන ප්‍රශ්නේ ඒක ඉන්දියානු එකක්ද, චීන එකක්ද කියන එක විතරයි.
ලබ්බට තියපු අත පුහුලටත් මෙයා නිතර තියනවා. නව ව්‍යවස්ථා සංශෝධනයෙන් බුද්ධාගම ට හිමි තැන තහවුරු කරන්න වළිකන පුද්ගලයෙක් "ඔව්" කිව්වොත් "නැහැ" කියන එකම තමයි කියල තේරුම් ගන්න ජනතාව උත්සුක වෙන්න ඕනේ.
නිතරම සිදුවෙන්නේ මෙතුමා කියන එකේ ප්‍රතිවිරුද්ධ දෙයයි. පායනවා නියඟයට සූදානම් වෙන්න කීවොත් ගංවතුර ගලන්න වහිනවා. දැන් තිබෙන ප්රශ්නය කඳවුර චීනද? ඉන්දියන්ද? අමෙරිකාද? හදන්නේ හම්බන්තොටද? තිරිකුණාමලේද? කියන එකයි...