(ටෝනි කරුණානායක)
තාක්ෂණික මෙවලම් උපයෝගී කරගෙන රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමේ චෝදනාවට රිමාන්ඩ් බාරයේ පසුවන සිසුවාට සඳුදා (4) පැවැත්වෙන විභාගය සඳහා ඉදිරිපත් විමට ඉඩ සලසන ලෙස ඉල්ලමින් අද (31) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ දී මෝසමක් ගොනු කරනු ලැබීය.
ඒ අනුව ගම්පහ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා ඉදිරියේ මෝසම අද (31) කැඳවනු ලැබුවේය. එහිදී මහේස්ත්‍රාත්වරයා එසේ ඉල්ලීමක් සිදු කර ඇති බවට මහර බන්ධනාගාර අධිකාරිවරයාට ලිඛිතව දන්වන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළ අතර එම සිසුවා විභාගය සඳහා ඉදිරිපත් කරනු ලැබුවත් 4 වැනි දා පැවැත්වෙන නඩු විභාගය සඳහා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි කොල්ලෙක් නේ... මේ පාර සමාව දීලා විභාගේ ලියන්න දෙමු. පාස් වුණොත් කැම්පස් යන්න පුළුවන්නේ..
මෙවැනි වැරදි සඳහා උපරිම දඩුවම් නියම කළ යුතුයි. මගේ ළමයා මෙවර උ.පෙළට පෙනී හිටියා ඔහු ඒ සඳහා සාධාරණ ලෙස පෙනී සිටීමට වෙහෙස වූ හැටි දකින විට මෙවැනි අයට සමාව දීමට යෝජනා කරන අය ගැණත් මට සාධාරණ කෝපයක් ඇතිවෙනවා. එවැනි දහස් ගණනක යුක්තිගරුක දරුවන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමටත් මෙවැනි වංචා දුරලීමට නම් උපරිම දඩුවම් නියම කළ යුතුයි. එහෙම නැත්නම් උපතේ සිට මරණය දක්වාම හොරකම් කරන සමාජයක තව දුරටත් අපට ජීවත්වීමට සිදුවේවි... !!!
ඔව් ජිනේන්ද්‍ර කියනවා වගේ සමාව දීලා විභාගයට යවමු. තවත් එකක් කියන්න ඕනේ අපේ ජනාධිපතිතුමාට මේ සිද්ධිය පත්තරෙන් පෙන්වන්න. මොකද එයා මෙයට සමාව දීලා ශිෂ්‍යත්වයකුත් දීලා පිටරටකට යවන්න පුළුවන්. මොකද හොරුන්ව ආරක්ෂා කරන ජනාධිපති කෙනෙක්නේ අපිට ඉන්නේ... ඒ අනුව රටේ දැන් හොරු ඇත්තෙම නැහැ ජනාධිපතිතුමාට පින් සිදුවෙන්න. තව අවුරුදු කිහිපයක් යනකොට අපේ රට හොඳ හොරුන්ගේ කපටින්ගේ පාරාදීසයක් වෙන බව ස්ථිරයි.
මම දන්නා විදියට විභාග වංචාවන්ට අහුවුණාම වසර කීපයක් රජයේ විභාග තහනම් කරනවා. එහෙම වෙච්ච මම දන්නා අයත් ඉන්නවා. මට පේන විදියට මෙතනත් දේශපාලන හයිය අරගෙන වගේ... මේවගේ අපරාධයකට කොහොමද සමාව දෙන්නේ? මේක සංවිධානාත්මක අපරාධයක්, වෙන අපරාධවල අගතියට පත්වන්නේ කිහිප දෙනයි. නමුත් මේ අපරාධය නිසා මෙවර විභාගය ලියපු (විද්‍යා අංශයෙන්) හැම දරුවාටම මේක බලපානවා, මෙයට ජීවිතාන්තය දක්වා රජයේ විභාග තහනම් කලයුතුයි. නැතිනම් මේක ඉතාමත් නරක පුර්වාදර්ශයක් වෙයි.
හොරට විභාග ලියලා ලොයර්ස්ලා වුණු අයට මේ නීතිය නැත්ද?
නාමල්ට ලැප්ටොප් ළඟ තියාගෙන තනිවම කාමරයතුල හොරාට නීති විභාග ලියන්න පුළුවන් නං, තව මොනවාද?
ඒ කියන්නේ හොරට ලියපු විෂයයන්වල ප්‍රථිපල අවලංගු නොකරගෙන නඩුවත් දිනාගන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තියනවා මේ ළමයට, වගේම මේ ගේම් එක වටේ හිටපු හැමෝටම, හොරකම නීතිගත වෙච්ච රටක එහෙම හිතන එකේ වරදකුත් නෑ... මොකෝ හොරකම මේ රටේ මහ අයගේ බුදලයක් නෙමෙයිනේ.....
අනේ පුතේ අහන්න රජයේ විභාගයක් හොරකම් කරලා අහු වුනාම හම්බවෙන දඬුවම.
සමාජයේ ගුණගරුක පුද්ගලයෙකු වන බවට සහතික අරන් මෙහුට විභාගය ලියන්න අවසරය දෙන්න. ඔහුගේ දැනුමෙන් රටට වැඩක් වනවානම් හොදයි. නමුත් වැඩිහිටියෙකු වූ ඔහුගේ පියාට නියම දඬුවම දිය යුතුයි. දන්නවනේ හිට්ලර්ව කැම්පස් එකට ගත්තේ නැති උනාම ඔහු තෝරා ගත්ත මාර්ගය මොකක්ද කියල. ලොකු ව්‍යසන මග හරවා ගත හැක්කේ පොඩි දේවල් වලින්.
මේ සිසුවාට මෙවර විභාගය ලියන්න ඉඩ දීමෙන් අප රටේ නීතිය තවත් අවමානයට ලක් වෙනවා. අඩු වශයෙන් වසර 3ක් වත් තහනම්කල යුතූමයි.
තාත්තා දොස්තරනේ. මෙයාට විභාගෙට ලියන්න නුදුන්නොත් අර සංගමේ කට්ටිය වර්ජනය කරයිද දන්නේ නෑ... දැන් ටික දවසකින් වර්ජනය කරන්නත් බැරි වුණ නිසා. ඔය වගේ හොර පාරෙන් ඇතුලට ගිය අය තව කොච්චර ඇත්ද? මෙයා මාට්ටු වුණේ අර ටියුෂන් ගුරාගේ කෑදරකම නිසානේ. නැත්නම් මෙයත් මේ පාර ඇතුලේ. ඔන්න ඔහේ විභාගෙට ලියන්න දෙන්න. සයිටම් ළමයි දොස්තර වුණොත් විතරනේ ලෙඩ්ඩු මැරෙන්නේ.
මේ කොල්ලා අහිංසකයෙක් නෙවෙයි. මෙයාගේ අප්පච්චිගේ රාජකාරි සහ සල්ලි බලයෙන්, අධි තාක්ෂණ විද්‍යුත් උපකරණවල පිහිටෙන් විභාග සමත් වෙන්න දඟලපු මෙයාට, අබ ඇටයක් තරම්වත් මොළ ගෙඩියක් නැතිබව එයා කරපු විලි ලැජ්ජා නැති වැඩෙන් පැහැදිලි වෙනවා නේද ? කුප්පි ලාම්පු එළියෙන්, වීදි පහන් එළියෙන් පොත් කියවා විභාග සමත් වන අසරණ දරුවන්ට මෙයා කරලා තියෙන සමච්චලය නිසා ජීවිතාන්තය දක්වාම කිසිම රජයේ විභාගයකට පෙනී සිටීම තහනම් කල යුතුවෙනවා.
මොහුගේ ඉල්ලීමට ඉඩ දුන්නොත් එය අහිංසක දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට කරන බලවත්ම අපරාධයක්
කුහක වෙන්න එපා මිනිහ මිනිහගෙ සල්ලි වලින් හොර පාරෙන් හරි ඉගෙන ගත්තම මොකද වෙන්නේ
මේ දරුවාගේ ජීවිතයම විනාශ කරලා තියෙන්නේ හොර දොස්තර කෙනෙක් වන පියා විසින්. මේ දෙන්නවම අත්අඩංගුවට පත් විය යුතු නේද? මේ දෙන්නව පුනරුත්ථාපනය කරලා ඉන්න.