(නිමල කොඩිතුවක්කු / ඡායාරූපය - ශාන්ත රත්නායක)
පාසල් ළමුන් සදහා ඉදිරි වර්ෂයට අදාළ පාසල් පෙළ පොත් බෙදාදීමේදී එම විෂයට අදාළ සීඩී තැටියක් බෙදාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
අධ්‍යාපන නවීකරණ වැඩපිළිවෙල යටතේ මෙම ක‍්‍රියාමාර්ගය ගන්නා බව ද ඇමතිවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ‍්‍රයේ අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරයි නේ ? එතකොට සීඩී තැටිය වාදනය කරන්න යන්ත්‍රයක්? එකත් දෙනවද? හැබැයි එ්වා ඔක්කොම දුන්නට පස්සේ ටියුෂන් කරුවන්ට හුළං තමයි.
සීඩී තැටියෙන් රොටි පුච්චන්න පුලුවන්ද කියලා අපේ ගමේ ඉස්කෝලේ ළමයි අහනවා.
කොමිස් මුදලක් හොයාගන්න ක්‍රමයකටම තමයි වැඩකටයුතු සිදුවෙන්නේ... සමහර පාසැල්වල බොන්න වතුර ටිකක් නෑ.... වැසිකිළි පහසුකම් නෑ.
ඉතාම හොඳ වැඩක්, යහපාලන රජය අධ්‍යාපනය දියුණු කර ඇති අන්දම මේකෙන් පේනවා. කළින් රාජපක්ෂවරු කළ හරියක් නැහැ.
මෙයා හිතන් ඉන්නේ අපි අධ්‍යාපනයට කරන්න ඕනා ඔක්කොම කරලා ඉවරයි, දැන් තියෙන්නේ මේ වගේ පොඩි පොඩි ටච් අප් ටිකක් විතරයි කියලා. සමහර පාසල්වල ගොඩනැගිලි නැහැ ළමයින්ට ඉන්න. කොළඹ ළමයි මාසෙකට සැරයක් වගේ වෙනසකටත් එක්ක ගහක් යටට වෙලා පන්තියක් කරද්දී ගමේ ළමයි සදා ගස් යට ඉගෙන ගන්නේ. දාන්න සපත්තු දෙකක් නැහැ. පොත් ටික දාගෙන එන්න බෑග් එකක් නැහැ. බොන්න වතුර ටිකක් නැති පාසල් කීයක් තියෙනවද අදටත්. ඒවල ඉගෙන ගන්න ළමයිනට සී.ඩී දෙන්නේ වව්ල්ලු එලවන්න ගස්වල එල්ලන්නද? ගැලරියට අත්පුඩි ගහන්න පුළුවන් දේවල් කරලා වැඩක් නැහැ. ගැඹුරු අධ්‍යයනයකින් අධ්‍යාපනයේ සැබෑ අවශ්‍යතා හඳුනා නොගෙන සහ ඒවාට අවශ්‍ය ආකාරයේ පිළියම් නොකර....
අලියාට පෙර හෙන්ඩුව දෙන මේ ඇමති කව්ද? අධ්‍යාපන එහෙම නැතිනම් කාගේ හරි කීම්වලට කරන දේවල්ද? මම නම් හිතන්නේ මිස්ටර් ග්‍රීන් මෑන් මේ ගැන දන්නේ නැතුව ඇති ...
මෙයින්ම තේරෙනවා මේ අධ්‍යාපන ඇමතිගේ මොලේ තරම. මම යෝජනා කරනවා අධ්‍යාපන අමාත්‍යාංශ අන්තර්ජාලයේ මුල්පිටුවෙ ඉන්න කන්නන්ගර මහත්තයගෙ පින්තූරය අයින්කරල අකිල මහත්තයගෙ පින්තූරෙ දාන්නකියල.
සමහරු සීඩි වවුල්ලුන්ට එල්ලන්න යනවා. සමහරු රොටී හදන්න යනවා. ඒ ඔය පෙළ පොත් ටිකත් කඩල කාරයට විකුණන ඉස්කෝලෙන් කට්ටි පනින නිකමුන්. ලංකාවේ යම් අධ්‍යාපන නවීකරණයක් කරන්න හැම ඉස්කෝලෙම තියෙන හැම ප්‍රශ්නෙම විසඳෙනකන් ඉන්න බෑ. ළඟම පාසල හොඳම පාසල යටතේ ඉස්කෝලවල වැසිකිළි පහසුකම්, ජල ප්‍රශ්න වගේ ඒවා විසඳෙනවා. ඉස්සර ඉසුරු පාසල්, සපිරි පාසල් සංකල්පයත් ඒ වගේ.
දැන් කලේ කවුද CD තැටි වලින් අහන්නේ. USB එකකට නැතිනම් MICRO SD එකකට දාල දෙන්න. නැවත නැවත ප්‍රයෝජනයට ගන්නත් පුළුවනි.
මෙය ඉතාමත් හොඳ, ඉදිරි දැක්මක් ඇති සංකල්පයක්. ලැප් ටොප් එකක් භාවිතා කොට සීඩී තැටිය කියවිය හැකි අතර, අවසානයේ විශාල බරකින් යුත් පොත් මලු පාසලට ඔසවාගෙන යාම නැවැත්විය හැකියි. නමුත්, මා සිතන්නේ අපේ රට තවමත් ඒ තැනට පැමිණ නැත කියයි. නගරබද පාසල් වල සිසුන්ට අවශ්‍ය ලැප් ටොප් උපකරණ තිබුනත්, බොහෝ ගම්බද පාසල් වල ළමුන්ට තවම ඒ පහසුකම් නැහැ.
සාමාන්‍යයෙන් නම් සි ඩී තැටි වල ගායකයාගේ මුණ දානවා. මේකට දාන්නේ ඔයාගේ මුනද? නැතිනම් ලොක්කගේ මුනද? ලොක්කගේ මුණ දල දුන්නොත් චන්දෙදි ප්‍රයෝජනවත් වෙනවා. අර ඒ කාලේ පොත් බෙදුව වගේ.
එපාර ලොකු උන් අහන්නේ නැති නිසා පොඩිඋන්ට බයිලා ගහන්නද යන්නේ? සිල් රෙදි බෙදිල්ලේ අනික වගේ?
හැම දෙයකම වැරදි දකින්නන්ට වඩා , භාවිතයට ගත හැකි අයත් ඉන්නවා.
හොද වැඩක්. පී ඩී එෆ් ක්‍රමයට දැම්මනම් හරි. මොකද දැන් සුලුතරයයි සී ඩී තැටි භාවිතා නොකරන්නේ. ඔය පැල්පත් වලත් දැන් ඩී වී ඩී යන්ත්‍ර වගේම ලැප්ටොප් එල් ඊ ඩී ටී වීත් තියනවනේ
මම හිතන්නේ සීඩී තැටි වල කාලය දැන් ඉවර වී ගෙන යනවා කියල.
හෙන්ඩුව දුන්නට මදි අලියෙක් නැතුව
මේ වගේ ගොන් වැඩ තමයි මෙයාලගෙන් අහන්න වෙන්නේ.
කොමිස් ලබා ගැනීමේ අදහසක් නැත්නම් මේ සියලු විෂයක් එක සීඩී/ඩීවීඩී තැටියක දමල දෙන්න.එකෙන් සීඩී තැටි 10ක් වෙනුවට එක සීඩී තැටියක් දීල වියදම 90% කට වඩා කපා හරින්න පුළුවන්.සීඩී තැටිය විතරක් නෙවෙයිනේ දෙන්නේ.සීඩී තැටියට වඩා වටින කවරයක් එක්කනේ.ඒ ඔක්කොම වියදම් කපා හරින්න පුළුවන්.
ආදයම් මට්ටම් අනුව, ඇති හැකි අයට පුළුවන් TAB ටැබ් 1 ක් රු .10,000/= දරුවට අරන් දෙන්න. නැති බැරි අයට රජයෙන් නොමිලේ දෙන්න.(සමුර්දිය ආදාර , නිවාස හදන ක්‍රමය වගේ) දවසට රු .50/= සිගරට් 1 බොන අයට මාසෙට රු .1500/=.වසරට රු .18000/=. අද ලංකාවේ මිනිස්සු අනවශ්‍ය ලෙස වියදම් කරනවා. ( විවාහයේදී හෝටල් වලට )කියලදෙන්න කෙනෙක් නැත. රටේ ඉතුරුම් අනුපාතය අඩු මට්ටමක. ලංකාවේ සමහර මිනිස්සු ටික දෙනෙක් දන්නේ හොරුන්ට කඩේ යන්ට, විනාසකාරී විවේචන සහ පාරවල් වල උත්ගොසන කරන්න පමණි. ඔවුන් නිසා හොඳ වැඩි දෙනා අමාරුවේ. මේ අය 1924 ට පෙර සිටියේ නම් බදුල්ලට කඳු හරහා දුම්රියද , 1977 Victoria ජලාසයද නැත.
ඇමතිතුමනි, සීඩී තැටියක් කියවීමට පහසුකම් ඇති අයට හා පාසැල් වලට කොහොමත් පෙළ පොත් ලැබේ. පරිසරයට ප්ලස්ටික් එක් නොකොට, තවත් බරක් රජයට නොගෙන, අවශ්‍ය අයට බාගත හැකි පරිදි වෙබ් පිටුවට එක් කරන්න.
මොන පක්ෂයක මොන පාටක වුනත් අපේ රටට දියුණුවක් වෙනවට අපි කැමති වෙන්න ඔිනේ.දැන් හැම ගෙදරකම සිඩි ප්ලේයර් එකක් නැතිව නෙවෙයිනේ.අපේ ළමයින්ටත් අනාගතයේ දියුණු තාක්ෂණයට පුරුඋූ කරන්න මේක හොද වැඩක්
ඇමතිතුමෝ දැන් ඔය තැටිය දෙන්නේ රොටී පුච්චන්නද ? ඔබතුමා අධ්‍යාපන ඇමති විදිහට ඔලුව කල්පනා කරලා වැඩ කරන්න ඔය තැටිය දුන්න කියල එක මොකේට දාලද බලන්නේ 3 වේල කන්න නැතිව දහදුක් විදින අහිංසක ජනතාවට ඕක බලන්න ලැප් එකක් ගන්න ද කියන්නේ පොතේ පටුන තියේනම් විෂය නිර්දේශය ගුරුවරුන්ට දීල තියනවනම් ළමයිට විෂය නිර්දේශයන එක පොතක් දෙන්න ඕනෙම දුප්පත් ගෙදරක අම්මට තාත්තට තමන්ගේ භාෂාව කියවන්න පුළුවන් දරුවන්ටත් ඒක කියවල තේරුම් ගන්න පුළුවන් රටට ගැලපෙන මහජතාවට වැඩදායී කාර්යක් කරන්න. ඔය තැටිය කරේ එල්ලගන ඉන්න තමයි දරුවන්ට වෙන්නේ අන්තිමට රටේ ජනතාවගේ මුදල් ඒ මිනිස්සුන්ට පලක් ඇති දෙකට යොදවන්න
මෙයාගේ මොලේ පරික්‍ෂා කරවන්න වෙනවා. මේ වගේ වැඩ නොකර අඩුම තරමේ ගුරු හිඟයවත් පියවන්න බැරිද?
ඇමතිතුමෝ, ඉස්සෙල්ලම ළමයින්ගේ විනය හදන්න බලන්න. අද විනය අන්තයටම පිරිහිලා. ඔබතුමාත් හදන්නේ ඒක නැතිකරන්න.