(බුද්ධික කුමාරසිරි)
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් පී සෝමසිරි මහතාට අයත් නිල රථය හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඒ මහතාගේ නිවස ඉදිරිපිටදී අද(31) උදෑසන ගිනි ගෙන විනාශ වී ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර කර්යාලයට අයත් නිල රථය මාස කිහිපයක සිට අලුත්වැඩියා කටයුත්තක් සඳහා යොමු කර ඇති බැවින් ආණ්ඩුකාර ලේකම්වරයාගේ පරිහරණය සඳහා කෝට්ටේ මහ නගර සභාවට අයත් කැබ් රථයක් ලබා දී තිබූ අතර එම රථය මෙලෙස ගිනි ගෙන විනාශ ඇති බවද පොලිසිය කියයි.
සෝමසිරි මහතා කාර්යාලයට යාමට සූදානම් වූ අවස්ථාවේදී ඒ මහතාගේ රියදුරු රථය පණ ගන්වා ඇති අතර ඒ අවස්ථාවේදි එක් වරම රථය ඇතුළින් ගින්නක් හට ගෙන ඇති බවත් ඉන් පසු ක්ෂණිකව සම්පූර්ණ රථයම ගිනි ගත් බවත් කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වැඩක්නේ මේ වෙලා තියෙන්නේ !!! එයට අයත් නිල රථය මාස කිහිපයක සිට අලුත්වැඩියා කරන්න දීලලු! මාර රිපෙයාර් එකක් වෙන්න ඇති. ඊළඟ වාහනේ ඇතුලෙන් ගිනි අරගෙනලු. පැට්රල් ටැංකිය තිබුණේ වාහනේ ඇතුලෙමද? තත්පර කීපයකින් මුළු රථයම අළු දුවිලි වෙලාලු. "සකල සිරින් පිරි සිරි ලංකාවේ" සිද්ධවෙන දේවල්..... පුදුමයි හලෝ !!!
ආණ්ඩුකාර ලේකම්ට ඩබල් කැබ් එකක්? ඒ මොන මදිපුංචිකමක්ද? මෙතුමාට පැජරෝ, ලෑන්ඩ් කෲෂර් වගේ රථයක් දුන්නා නම් මේ දේ වෙන්නේ නැහැනේ.
පුළුල් පරීක්ෂණයක් අවශ්‍ය වෙනවා. සැක සහිතයි