( ශාන්ත රත්නායක )
පිරිවෙන්වල ඉගෙනුම ලබන සියලු ම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාටත් සහ ගිහි සිසුන්ට ද රුපියල් ලක්ෂ දෙකක් වටිනා රක්ෂණාවරණය ලැබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
“රජයේ අයවැය යෝජනාවක් අනුව ක්‍රියාත්මක කිරීමට යෝජනා වූ පිරිවෙන්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සඳහා රුපියල් 2,500 ක ශිෂ්‍යත්ව දීමනාව ලබා දීම මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර සංඝරත්නයේ ඉල්ලීම පරිදි පිරිවෙන් සංවර්ධන අරමුදලට යොමු කළා“යැයි ද අමාත්‍යවරයා පවසයි.
‘සසුනට දිරිදෙන - සුරකිමු පිරිවෙන’ජාතික වැඩසටහන යටතේ හඳුනාගත් අවශ්‍යතා සහිත පිරිවෙන් සඳහා මූල්‍ය ආධාර සහ පහසුකම් ලබාදීම වෙනුවෙන් අද (31) අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
මෙම අවස්ථාවේ දී හඳුනාගත් අවශ්‍යතා සහිත පිරිවෙන් 10ක් සඳහා පරිවේණාධිපති කාර්යාල ඉදිකිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 30 බැගින් ද,සනීපාරක්ෂක පහසුකම් සඳහා පිරිවෙන් 60කට රුපියල් ලක්ෂ 09 බැගින් ද පිරිනැමිණි.
මීට අමතරව පිරිවෙන් 42ක් සඳහා ගණිත උපකරණ කට්ටල ද බෙදා දීම සිදු කෙරිණ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාලවල ඉන්න ශිෂ්‍ය භික්ෂුන්ටත් මේ රක්ෂණාවරණය දෙනවද?
වෙන වෙනම රක්ෂණාවරණ දෙන එක අද විහිළුවක් වෙලා. මීට වඩා මම හිතනවා රටේ සියලුම ජනතාවට රක්ෂණාවරණ දිය යුතුයි කියල. එතකොට සියලු දෙනාම රක්ෂිතයි.
උද්ඝෝෂණ කරනකොට කඳුළු ගෑස් වැදුනහම හරි බැටන් පොලු පහරකින් කෑවොතින් මේ ඉන්ෂුවරන්ස් එක අදාලද