(ඉන්දිකා රාමනායක)
උතුරේ පවතින වත්මන් ආරක්ෂක තත්ත්වය හා යුද්ධයෙන් පසු ආරක්ෂක අංශ උතුරේ ජනතාව වෙනුවෙන් සිදුකරන ව්‍යාපෘති නිරීක්ෂණ කිරීම සඳහා වරකාගොඩ ඥාණරතන අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියෝ ප්රමුඛ මහා සංඝරත්නය දින තුනක යාපන සංචාරයක නිරත වුහ.
යාපනය ආරක්ෂක ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරචිචි මහතා විසින් කළ ඇරයුමකට අනුව උන්වහන්සේලා මෙම 28, 29, 30 යන තෙදින එසේ වැඩම කරනු ලැබිණි.
අස්ගිරි මහනායක හිමියන්ගේ ප්‍රධානාත්වයෙන් මහියංගන රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත, අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික නියෝජ්‍ය ලේඛකාධිකාරි හා අස්ගිරි මහාපිරිවෙනේ ශ්රාස්ත්රපති නාරංපනාවේ ආනන්ද, බදුලූ මුතියංගන රජමහා විහාරයේ භාරකාර මුරුද්දෙණියේ ධම්මරතන, මාතලේ අනුරුද්ධඅරණ රජමහා විහාරාධිපති ලෝක බෞද්ධ සම්මේලනයේ මහලේකම් මුගුණුවෙල අනුරුද්ධ යන නාහිමිවරු ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ සදහා වැඩමකර සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයයි සිදුවිය යුත්තේ. ගෞරවනීය ස්වාමින් වහන්සේලාට මගේ නමස්කාරය!
ඔබ තුමා සත්‍ය ඇස්දෙකින්ම දැකීම ඉතාමත් යෝග්‍ය දෙයක් , පරාජිත දේශපාලුවන් ඔබට මුසාවාද කියා ඔවුන්ගේ වාසියට ප්‍රකාශ කරවාගැනීම මෙයින් නිමාවේවි.
හොඳ දෙයක්.
සක්වල ධාතුමන්දිරය තුල සම්බුද්ධ සාසනය රැකගැනීමට වෙහෙසෙන ඔබ වන්සේලාට දීර්ඝ ආයුෂ ලැබේවා.
ස්වාමින්වහන්සේලා ගිහින් තියෙන්නේ වත්මන් ආරක්ෂක තත්ත්වය හා යුද්ධයෙන් පසු ආරක්ෂක අංශ කරන වැඩ ගැන බලන්න මිසක් උතුරේ මිනිසුන් ගැන බලන්න නොවෙයිද?
මෙයයි සිදුවිය යුත්තේ. ගෞරවනීය ස්වාමින් වහන්සේලාට මගේ නමස්කාරය!
මේය ඉතා කාලෝචිත දෙයක්. අපිට ආයෙමත් හෙලරජවරුන් සිටි කාලයේ සඟයා වහන්සේලා රටවෙනුවෙන් ඉදිරිපත්වුන කාලය මතක් වෙනවා. ජනතාවගේ සුවදුක් විමසුවානම් එය ඉතාමත් අගනා දෙයකි. ඔබවහන්සේලා ජාති බේදයකින් තොරව මෙසේ මුලුරටපුරා ඇති ප්‍රශ්න දෙස බලා බලදාරීන්ට ඔවදන් දෙන්නේනම් අගනේය. එසේම රටේ සිටින සියලුම ආගමික නායකයින් මෙයට සම්බන්ද වුවානම් ඉතා අගනේය.
දර්ශන ඊළඟ හමුදාපති වෙන්න මූලික අඩිතාලම දැම්මා...
අස්ගිරි මහා විහාරයේ මහා නායක හාමුදුරුවෝ අපේ රටේ පිනට පහල වුණු පින්වත් හාමුදුරුවන් වහන්සේ නමක්.